2023.09.18 සඳුදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 17, 2023

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.09
රාහු කාලය - උදේ 07.32 - 09.03
සුබ දිශාව - දකුණ

මේෂ

පැවැති අසනීපකාරී බවකින් නිදහස අත්කරයි. නිතර පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. සමාජයේ කැපී පෙනෙන දිනයකි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදාකරයි.

වෘෂභ

සැලසුම් කීපයක් වෙනස් කරමින් දවස උදාකරයි. පවුලේ අය අතර සිත් නොහොඳකමකට කටයුතු උදාකරයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විනෝදයෙන් කටයුතු කිරීමට අවස්ථා සැලසේ. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් මාර්ගවලට හිමිකම් ඇති කරයි.

මිථුන

නිතර පොත් පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර වෙහෙසක් දැරීමට සිදුවේ. නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න.

කටක

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා විවේකය අඩු කරන බවක් පෙනේ. බාල සහෝදරයකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුතාවයක් ඇති කරයි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසෙන දවසකි.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. ළඟින් ඇසුරු කළ අයකු සමඟ සිත් අමනාපයක් ඇති කර ගනී. නිතර ගේ දොර කටයුතු සම්බන්ධව විවේකය අඩුවන බවක් පෙනේ. විදෙස් උපකාරයක් හිමි වීමට ඉඩ ඇත.

කන්‍යා

සැලසුම් කීපයක් සාර්ථක කරමින් සතිය උදා කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාාමට සිදුවන දිනයකි. වෙනදාට වඩා දරුවන් පිළිබඳ සැලකිලිමත් වන්න.

තුලා

විශේෂ ආදායමකට කටයුතු උදාකරන බවක් පෙනේ. යටපත් වූ දණහිසේ වේදනාවක් නැවත මතු කරයි. පවුලේ අය අතර සුහදතාවයට කරුණු සැලසෙන බවක් පෙනේ. නිතර යෙදෙන වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. රැකියාවේ වැඩි වගකීම් කොටසක් තමාවෙත පැවරීමට ඉඩ ඇත. හදිසි ජයග්‍රහණවලට හිමිකම් ඇති දිනයකි. දුර ගමනකට කටයුතු යෙදෙන බවක් පෙනේ.

ධනු

පැවැති අසහනකාරී බව මඟහැරී යයි. වෙනදාට ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන බවක් පෙන්නුම් කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ යම් යම් ප්‍රමාදතා සිදු කරන දිනයකි. උදරාබාධයක් හේතුවෙන් පීඩා විඳින බවක් පෙනේ.

මකර

ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. පවුලේ කටයුතු වෙනදාට වඩා උත්සාහවන්තව සිදුකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. නිතර සිතේ් චංචල බවකින් කටයුතු උදාකරන දිනයකි.

කුම්භ

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. පවුලේ කටයුතු පිළිබඳ වගකීම් වැඩිවන බවක් පෙනේ. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. එමෙන්ම ආගමික නායකයන්ගේ ඇසුර පතන දිනයක් බව ද පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට කටයුතු උදාකරයි.

මීන

වෙනදාට වඩා උත්සහවන්තව කටයුතු සිදු කරන දිනයකි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. යටපත් වූ රෝගාබාධයක් නැවත මතුවිය හැකියි. වෙනදාට වඩා කෑම බීම ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.