2023.09.17 ඉරිදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 16, 2023

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.10
රාහු කාලය -සවස 04.38 - 06.10
සුබ දිශාව - දකුණ

මේෂ

නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු වීමට ඉඩ ඇත. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිසි මුදල් ලාබයකට හිමිකම් ඇති දිනයකි.

වෘෂභ

ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් දිනයක් නොවනු ඇත. වරින් වර ඇති කරන කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

මිථුන

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි. නිතර දුරදිග බලා තීරණ ගන්නා බවක් පෙන්නුම් කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට හැකිවන දිනයකි. නිතර විනෝදයෙන් කටයුතු කරන බවක් පෙනේ.

කටක

වගකීම් බහුල වන දිනයක් වන අතර නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් ද පෙන්නුම් කරයි. ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා අතමිට සරු කරන බවක් පෙන්වයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ.

සිංහ

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ නොසිතූ ව්‍යාකූල බවක් ඇති කරයි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වංචා රැවටිල්ලකට හසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න.

කන්‍යා

උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් අලුත් සැලසුමක් ඇති කර ගනී. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා මුදල් වියදම් වැඩිකරන දිනයකි. පවුලේ ගැටලුකාරී බවක් විසඳා ගැනීමට මඟ සැලසේ.

තුලා

පැවැති අසහනකාරී බවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. නිතර අලංකාර දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයි. හදිසි ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා ඇවිදිලි අධික කරන බවක් පෙන්නුම් කරයි. පවුලේ කෙනකු පිළිබඳ විමසිලිමත් විය යුතු දිනයකි. අමතකවීම් හේතුවෙන් පාඩු විඳීමට සිදුවේ.

ධනු

පවුලේ සුහදතාවයට බාධා සැලසෙන දිනයකි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. වෙනදාට වඩා සිතට අසහනකාරී බවක් ඇති කරයි. මුදල් අපහසුතා ඇති වුවත් ඒවා මඟ හරවා ගැනීමට අවස්ථාව සැලසේ.

මකර

ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන දිනයකි. වචන පාවිච්චියේ දී කල්පනාකාරී වීම වැදගත් වන බවක් පෙන්වයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.

කුම්භ

මනසට පීඩාකාරී ලෙස සිතිවිලි ඇති කරයි. නිතර දරුවන්ගේ කටයුතු හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ. අමතර ආදායම් මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

මීන

නිතර ගතට සිතට පීඩාකාරී ලෙස දවස ආරම්භ කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වගකීම් වැඩිවන දිනයකි. සිතේ සැහැල්ලුවෙන් සිටීමට සිතුවත් නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙන්වයි.

ධම්ම්කා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.