2023.09.14 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 13, 2023

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.12
රාහු කාලය - දවල්  01.37 - 03.09
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

නිතර ඇවිදිලි ඇති කරන දිනයකි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වීමට කටයුතු උදාකරයි. ඇසුරු කරන අයකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.

වෘෂභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන දිනයකි. නිතර ඇති වන හිසේ අමාරු, සෙම් රෝග ආදිය නිසා පීඩාකාරී බවක් ඇති කරයි. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

මිථුන

නිතර ශාස්ත්‍රීය කටයුතු හේතුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගි වීමට අවස්ථාව සැලසෙන දිනයකි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන බවක් පෙනේ.

කටක

නිතර සිතේ චංචල බවකින් කටයුතු කරන දිනයකි. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන අතර සමාජයේ ප්‍රසිද්ධියට ද හේතු ඇති කරයි.

සිංහ

ඥාතීන් නිසා නොසිතූ ආරවුලකට පැටලීමට ඉඩ ඇත. නිතර තමාට දෝෂාරෝපණයට ලක්වීමට සිදුවේ. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන දිනයකි.

කන්‍යා

උසස් අධ්‍යාපන කටයුතු කීපයක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. පවුලේ සතුට සැනසීම උදාකරන දිනයකි. පැවැති අසනීපකාරී බවකින් සුවය හිමිකරයි. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි.

තුලා

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසෙන දිනයකි. නිතර තම රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාදතා සිදුකල ගනුදෙනුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල දිනයකි. හිතවතකුගේ උපකාරයක් හිමිවීමෙන් ගැටලු කීපයක් මඟහරවා ගැනීමට හැකිවේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.

ධනු

දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි. වෙනදාට වඩා කේන්තියෙන් පසුවන බවක් පෙන්නුම් කරයි. පින්දහම් කටයුතු වෙනුවෙන් වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි.

මකර

නිතර ගතට සිතට පීඩා ඇති කරන බවක් පෙනේ. දේපළ ගැටලුවක් සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා පොත්පත් කටයුතු කෙරෙහි උනන්දුව වැඩි කරන දිනයකි. තරග විභාගයක් වෙනුවෙන් ඉල්ලුම් කිරීමට කටයුතු සැලසේ.

කුම්භ

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ අය සමඟ එක්ව කරන සැලසුමක් සාර්ථක කරයි.

මීන

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. නිතර ගතට සිත වෙහෙසකාරී බවක් ඇති කරයි. නිතර සමාජසේවා කටයුතු වෙනුවෙන් කැපවන අතර තම ප්‍රසිද්ධියට හේතු සැලසෙන බවක් පෙනේ. වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.