2023.09.09 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 8, 2023

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව.06.14
රාහු කාලය - උදේ 09.05 - 10.37
සුබ දිශාව - දකුණ

මේෂ

පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර විනෝදයට බරව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. විශේෂ අයගේ ඇසුරට කටයුතු උදාකරයි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන බවක් පෙනේ.

වෘෂභ

හදිසි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

මිථුන

වෙනදාට වඩා වගකීම් බහුල කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. ගතට සිතට සැනසිල්ල අඩුකරන කටයුතු කීපයක් යෙදේ. විවාහ බලාපොරොත්තුවක් බිඳ වැටී යන ලකුණු පෙන්නුම් කරයි.

කටක

අන්සතු වස්තු ලාභයකට හේතු ඇති කරයි. නිතර විසිතුරු දේ කෙරෙහි ඇල්මක් දක්වන බවක් පෙනේ. හදිසි ආදායම් මාර්ග යෙදෙන දිනයකි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි.

සිංහ

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. පවුලේ කෙනකුගේ හදිසි දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා වගකීම් බහුල දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි.

කන්‍යා

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. නිතර වැයපස අධික කරන බවක් පෙනේ. ආහාර විෂවීමක් සම්බන්ධ සෞඛ්‍යමය ගැටලුවකට මුහුණපායි.

තුලා

නිතර හට ගන්නා උදරගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. එමෙන්ම යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට ද අවස්ථාව සැලසේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

වෘශ්චික

පියපස ඥාතියකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. එහෙත් ගේ දොර වගකීම් පැහැර හැරීමක් සිදුවිය හැකි බවක් පෙනේ. අතමිට සරුකරන ආදායම් මාර්ග කීපයක් හිමිකරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බවක් පෙනේ.

ධනු

වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

මකර

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. අනාගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

කුම්භ

පවුලේ ගැටලු කීපයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. නොකළ වරදකට දඬුවමක් හිමිකරයි.

මීන

විදෙස් ගත බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. නිතර වයසින් අඩු අය සමඟ හිතවත්කම් ඇතිකර ගනී. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී.

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.