2023.09.08 සිකුරාදා- ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 7, 2023

ඉර උදාව – පෙ.ව.06.02
ඉර බැසීම - ප.ව. 06.15
රාහුකාලය - උදේ 10.36 -12.09
සුබ දිශාව - උතුර

මේෂ

උදාසීන ගති පැවැතුම් ඇති කරයි. නිතර හුදකලාව වාසය කිරීමට කැමැත්තක් දක්වයි. සහෝදරයෙකුගේ කටයුතු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වගකීම් පැහැර හැරීමක් සිදුවිය හැකි දිනයකි.

වෘෂභ

අලුත් බලාපොරොත්තු ඇති කරන බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසෙන අතර නිවෙසින් බැහැරව යෙදෙන කටයුත්තකට සම්බන්ධවීමට සිදුවේ.

මිථුන

නිතර අමතර ලැබීම්වලට හිමිකම් ඇති කරයි. පවුලේ අයගේ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට මාර්ගය උදා කරයි. ශාරීරික වෙහෙසීම් වැඩි කරන දිනයකි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් ද පෙන්නුම් කරයි.

කටක

යටපත් වූ බලාපොරොත්තු කීපයක් ඉටුකර ගැනීමට මාර්ගය උදාකරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත්වන්න. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණූ පෙන්නුම් කරයි. රාත්‍රී ගමන බහුල දිනයකි.

 

සිංහ

පවුලේ වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමිකරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වීමට ඉඩ ඇත. නොදැනුවත්කම නිසා වැරැදි කීපයක් සිදු කරයි. වාහන ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකරයි.

කන්‍යා

නැතිවූ දෙයක් නැවත ලබා ගැනීමට අවස්ථාව උදා කරයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. නිතර උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ.

තුලා

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. ඉදිරි දියුණුව ගැන සැලසුම් ඇති කර ගනී. වරින්වර පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

වෘශ්චික

අවිවේකී ලෙස දවස උදා කරයි. නැතිවූ දෙයක් නැවත ලබා ගැනීමට කටයුතු උදාකරයි. දේපළ ගැටලුවකට මුල පිරෙන බවක් පෙනේ. පවුලේ අය අතර සිදුවන බහින් බස්වීමක් දුර දිග යාමට ඉඩ ඇත.

ධනු

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. වෙනදාට වඩා දරුවන් ගැන සැලකිලිමත්විය යුතු දිනයකි. අමතර ආදායම් මාර්ග හිමිකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. වෙනදාට වඩා දුර දිග සිතා බැලිය යුතු දිනයකි.

මකර

පවුලේ අය අතර හොඳහිත දිනා ගැනීමට කටයුතු සැලසේ. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාර හිමිකරයි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරන දිනයකි. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවන දිනයකි.

කුම්භ

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වීමට කරුණු ඇති කරයි.

මීන

හදිසි ආදායම් මාර්ග කීපයක් හිමි කරයි. නිතර ගතට සිතට පීඩාකාරි සිතිවිලි කීපයක් ඇති කරන දිනයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. පැරැණි හිතවතකුගේ හමුවීමක් සිදු කරයි.

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.