2023.08.28 සඳුදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 27, 2023

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - උදේ 07.36 - 09.08
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. නිතර පවුලේ අයගෙන් දුරස්ත කටයුතු කිරීමට සිදුවන දිනයකි. ශාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රශංසා හිමිකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.

වෘෂභ

පවුලේ බැඳීම් වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම මෙතෙක් අමනාපයෙන් සිටි ඥාතියකු සමඟ මිත්‍රවීමට අවස්ථාව උදාකරයි. වරින් වර සුළු සුළු අසනීප ගති මතුකරන දිනයකි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න.

මිථුන

අතමිට මුදල් ඉතිරිකර ගැනීමට මාර්ග පෑදේ. නිතර ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කටක

අමතර වාසි සැලසෙන මාර්ග කීපයක් යෙදේ. නිතර ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. රාත්‍රී ගමන් බහුල දිනයකි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

සිංහ

තාක්ෂණික අංශයේ කටයුතුවල නියැලී සිටින අයට විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. නිතර අසල්වාසීන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. රුධිරගත සීනිමට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු දිනයකි.

කන්‍යා

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට කටයුතු උදාකරන දිනයකි. වෙනදාට වඩා සිතේ පී‍්‍රතියෙන් කටයුතු සිදුකරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි.

තුලා

නිතර හුදකලාව කටයුතු කිරීමට සිතන දිනයකි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වන බවක්ද පෙන්නුම් කරයි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි.

වෘශ්චික

හදිසි උදරාබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු

ශාරීරික වෙහෙසීම් වැඩිකරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. මවුපස ඥාතියකුට

අපලදායක දිනයකි.

මකර

නිතර මනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරන දිනයකි. බඩේ දැවිලි ගතියකින් හෝ මුත්‍රා අමාරුවකින් පීඩා විඳින බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් විය යුතු දිනයකි. අලුත් මිලදී ගැනීම්වලට අවස්ථාව උදාකරයි.

කුම්භ

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර උගුර සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. පෙම් සබඳතවයකට අවහිර බාධා මතුකරයි. වෙනදාට වඩා කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි.

මීන

ඉවසිලිවන්ත ලෙස කටයුතු ආරම්භ කරන්න. වෙනදාට වඩා පවුලේ ඉදිරි සැලසුමක් පිළිබඳ අවධානය යොමුකරන්න. මවුපස උරුමයක් පිළිබඳ නොසිතූ ගැටලු කීපයක් මතුකරයි. නීති උපදෙස් පැතීමට සිදුවන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.