2023.08.23 බදාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 22, 2023

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - දවල් 12.13 - 01.46
සුබ දිශාව - දකුණ

මේෂ

සතුට සැනසුමට බාධා ඇති කරන දිනයකි. එහෙත් අතමිට මුදල් ඉතිරි කරගැනීමටද මාර්ග පෑදේ. උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන බවක් පෙනේ. අඹුසැමි දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත.

වෘෂභ

පවුලේ කටයුතු සම්බන්ධ ඉවසිලිවන්ත විය යුතු දිනයකි. අලුත් ඥාති සබඳතාවයකට හේතු ඇති කරයි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවන බවක් පෙනේ. දරුවකු පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති කරයි.

මිථුන

නොසිතූ ලෙස අවුල්වියවුල් අතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. ළඟම ඥාතියකු සමඟ සිත් අමනාපයක් ඇතිකර ගැනීමට කරුණු යෙදේ. අමතර ආදායම් මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන දිනයකි.

කටක

ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර තම රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. වෙනදාට වඩා සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ.

කන්‍යා

හිතුවක්කාර තීරණයක් තමාට අවාසි සහගත තත්ත්වයක් පෙන්නුම් කරයි. පොත්පත් මිලදී ගැනීමක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි. සහෝදරයකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදාකරයි.

තුලා

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු උදාකරයි. ශාරීරික වෙහෙසීම් වැඩි කරන දිනයකි. ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වීම වැදගත් වේ.

වෘශ්චික

වෙනදාට වඩා සිතේ චංචල ගතියෙන් කටයුතු කරයි. පවුලේ අය අතර ප්‍රසාදයට කරුණු සැලසෙන දිනයකි. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පීඩාගෙනදෙන බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිිග සිතා බලන්න.

ධනු

දරුවකුගේ කටයුතු පිළිබඳ නොසන්සුන්කාරී බවක් ඇති කරයි. නිතර අමතර මුදල් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ආගමික නායකයන්ගේ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

මකර

යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. යටපත් වූ අසනීපකාරී බවක් නැවත මතුකරයි. දරුවකුගේ කටයුතු පිළිබඳ සැලකිල්ලෙන් පසුවිය යුතු දිනයකි. රැකියා ස්ථානයේ ගැටලුකාරී බවක් ඇති වීමට ඉඩ ඇත.

කුම්භ

පවුලේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර වැයපස අධිකවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අසල්වැසි සිත්නොහොඳකමක් දුරදිග යන දිනයකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් යෙදේ.

මීන

හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අඹුසැමි සුහදතාවයට හේතු ඇති කරයි. නිතර යෙදෙන දුර ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.