2023.08.21 සඳුදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 20, 2023

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - උදේ 07.36 සිට 09.09
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

වැඩ කටයුතුවලට යම් යම් බාධා ගෙනදෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර උද්‍යෝගය උනන්දුව අඩුව යන බවක් ද පෙන්නුම් කරයි. හිසේ පවතින තතු උෂ්ණ ගතිය හේතුවෙන් හිසේ හා ඇස්වල ආබාධ ඇතිවිය හැකි බවක් පෙනේ.

වෘෂභ

නිතර ගමන් බිමන්වල නිරත වීමට සිදුවන දිනයක් වන අතර ඉක්මන් කේන්ති යන ගතියක්ද පෙන්නුම් කරයි. රැකියා කටයුතුවල ගැටලු ඇතිවීමේ අවධානයක් ඇති කරයි. බඩේ අමාරු ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් අත්වන දිනයකි.

මිථුන

ආගම දහම කෙරෙහි භක්තියකින් යුතුව කටයුතු කරයි. ලැබීම් අතින් ද යහපත් බවක් පෙන්නුම් කරයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. දානමය පින්කම් කටයුතු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි.

කටක

කම්මැලි ගතියකින් යුතුව කටයුතු කරයි. එමෙන්ම හුදකලාව තමන්ගේ පාඩුවේ කටයුතු කිරීමට ද සිතන බවක් පෙනේ. සෙනසුරු ග්‍රහයාගේ අෂ්ටම ඒරාෂ්ඨක තත්ත්වයක්ද පවතින බැවින් හදිසි අනතුරු, පපුවේ සෙම ගතිය ඇතිවීමෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

සිංහ

සහෝදරාදීන් සමඟ මතභේද ඇතිවිය හැකි දිනයකි. වියදම් ද අධිකවන බවක් පෙන්නුම් කරයි. අන් අයට යටත්ව කටයුතු කිරීමට සිදුවන දිනයක් බැවින් එදිනෙදා කටයුතුවලදී පරිස්සම් වන්න. ආගමික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වන හැකි බවක් පෙන්නුම් කරයි.

කන්‍යා

හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් අන් අය සමඟ සිත් අමනාපකම් ඇතිකර ගනී. අමතර ලැබීම්වලට බාධාගෙන දෙන දිනයකි. එහෙත් රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. පැවැති ගැටලුවකින් නිදහස අත්කරන දිනයකි.

තුලා

අධික නිදිමත ගතියක් හෝ නිතර ඈනුම් යන ගතියක් පෙන්නුම් කරයි. බලාපොරොත්තුවක් කඩවීම මත සිත්තැවුලක් ඇති කරයි. ගේ දොර කටයුතු කෙරෙහි උනන්දුව අඩු වී යන දිනයකි. අලුත් හිතවතකු දැන හඳුනාගැනීමට කටයුතු සැලසේ.

වෘශ්චික

ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර සිතට දුක් ඇතිවන කරුණු කීපයක් යෙදේ. ඥාතීන්ගෙන් වුවත් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි දිනයකි. ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ.

ධනු

ලැබීමට යහපත් දවසක් වන අතර මිල මුදල් යොදවා කරන කටයුතුවලින් ලාභ ලැබිය හැකි ආලය පිළිබඳ කටයුතුවලින් සිතට දුකක් ගෙන දෙන දිනයක් වේ. අලුත් නෑදෑ පිරිසක් දැනහඳුනාගැනීමට අවස්ථාව උදාකරයි.

මකර

බලාපොරොත්තු නොවූ අයුරින් වියදමක් දැරීමට සිදුවන අතර ගෙදර දොර කටයුතුවලට ද බාධා ගෙන දෙනු ඇත. පපුව සම්බන්ධ පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට යහපත් ය.

කුම්භ

සිතේ නොසන්සුන් බවක් ඇතිවන අතර නිදිමත ගතියක්ද ඇතිවේ. එක තැනකට වී සිටීමට පවා සිත් නොදෙන අතර ඉක්මන් කේන්ති ගෙන කටයුතු කරන බවක් පෙනේ. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන දිනයකි.

මීන

ආගම ධර්මයට ලැදිව කටයුතු කරන අතර ආගමික නායකයන් හා ආශ්‍රය කරන දිනයක් බව පෙනේ. පාදයේ පීඩාකාරී තත්ත්වයක්ද ඇති කරයි. කොන්දේ අමාරු, සෙම් අමාරු නිසා ද පීඩා ගෙන දෙනු ඇත. වෙනදාට වඩා වියදම් අධික වන දිනයකි.

ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.