පුළුල් විමර්ශනයකින් සිදුකළ යුතු විසි පොරොන්දම් ගැළපීම

පෙබරවාරි 22, 2019

නාඩි රාශි තදීශ යෝනි වනිතා දීර්ඝ ගනා ශවාත්‍ර ෂඩ්

වග්‍ර¡¡ මුඛ්‍යතරා විවාහ සමයෙ ශෙෂ සතු මධ්‍ය සත්තඞ

මාහෙන්ද්‍රා ගණිතායු වශ්‍ය දිවසා වණෙ¡¡ාඩු විද්ධාණ්ඩජා

රජ්ජුයොගිනී ලිංග භූත ශශියුගෙගාත්‍රාභවයා විංශතිඞ

යන කාලාමෘතයෙහි නිර්දේශය අනුව නාඩි, රාශි, රාශ්‍යාධිපති ,යොනි, ස්ත්‍රීදීර්ඝ. ගණ, මාහෙන්ද්‍ර, ආගණින, ආයු, වශ්‍ය, දින, වර්ණ. වේධ, පක්ෂි, රජ්ජු, යොගිනී, ලිංග, භූත,චන්ද්‍රයොග, ගොත්‍ර යනුවෙන් පොරොන්දම් විස්සක් ඇත.

ස්ත්‍රී – පුරුෂ දෙදෙනෙකු විවාහයට යෝග්‍ය දැයි ඡ්‍යොතිෂ්ශාස්ත්‍රානුකූලව විමසීමේදී. පරීක්ෂා කළ බැලිය යුතු බොහෝ වැදගත් කාරණා තිබුණත්, වර්තමානයේ බොහෝ දෙනා වැඩි අවධානය යොමු කරන්නේ මෙම පොරොන්දම් විස්සෙහි ගැළපීම කෙරෙහිය. එහිදීද දෝෂ භංග සාධක ගැන පුළුල් විමර්ශනයකින් තොරව, ඇතැම් පොරොන්දම් නොගැළපෙන බව දක්වනු ලබයි. මෙබඳු හේතු නිසා ගලපාලිය හැකි ජන්ම පත්‍ර පවා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් විවාහයක් සිදු කර ගැනීමට නොහැකිව සිටින තරුණ තරුණියෝද බොහෝ වෙති. එබැවින් විසි පොරොන්දම්වල

දෝෂ භංග සාධක මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට අදහස් කළෙමි.

1.කේන්ද්‍ර දෙකේම චන්ද්‍රයා බලවත් වීමෙන් නැකැත් පොරොන්දම නොගැළපීමේ දෝෂය භංග වේ. චන්ද්‍රයා බලවත් වන්නේ පුර පක්ෂයේ වීම . උච්ච ස්වක්ෂේත්‍ර මිත්‍ර රාශියක වීමෙනි.

පක්ෂ සිතෙ චන්ද්‍ර බලං ප්‍රධානං

නාරා බලං තත්‍රත චින්තනීයම්

සුසෙථ ගෘහසෙථ සබලෙච පත්‍යෞ

ප්‍රධානතා නාසති යතොංගනානාම්

පුරපස සඳු බලවත්ව සිටින කාල තාරාබලය (නැකැත් සීහුම) ගැන නොසිතිය යුතුය. ශක්තිමත් නිරෝගී ස්වාමිපුරුෂයා ගෙදර සිටින කල බිරිඳට එහි අධිපති බවක් නැත.

න කෘෂණ පක්ෂෙ ශශිනඞ ප්‍රභාවඞ

තාරාබලං තත්‍රභවෙත් ප්‍රධානම්

දෙශාන්තරසෙථ විකලෙච පත්‍යෞ

ස්ත්‍රී සර්වකාර්යානි න කිං කරොති

අවපසෙහි සඳුගේ බලයක් නැත. එකල නැකත බල පැවැත්වේ. සැමියා ලෙඩ වී හෝ පිටරට ගොස් සිටිනා විට කිම බිරිඳ සියලු කටයුතුවලට ප්‍රධානතාව නොදරාද?

මේ අනුව පුර පස සඳු බලවත් වන අතර අවපස නැකත බලවත් වන බව පැහැදිලි වෙයි.

රාශි පොරොන්දම , රාශ්‍යාධිපති පොරොන්දම , නාඩි පොරොන්දම, රජ්ජු පොරොන්දම යන මේවායින් එකක් හෝ සුබ වන්නේ නම් ගණ පොරොන්දම නොගැළපීමේ දෝෂය භංග වේ.

නැකැත් පොරොන්දම හා රාශි පොරොන්දම සුබ නම් මහේන්ද්‍ර පොරොන්දම අසුබ වීමේ දෝෂය භංග වේ.

ග්‍රහ පොරොන්දම ගැලපේ නම්, යෝනි පොරොන්දම නොගැළපුණත් බලවත් දෝෂයක් නැති බව ගර්භ සංහිතාවේ දැක්වේ. ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම ලිංගයට අයත් නැකතකින් ඉපිද ඇත්නම්, යෝනි පොරොන්දම අසුබ වුවත් වැඩි දෝෂයක් නැත. මධ්‍යම වේ.

යොනෙර බාවො නොදවාහඞ

සතුකායෙ¸ා වියොගදඞ

රාශෙව¢ශ්‍යංච යද්‍යාසති

කාරයෙනත්තු දොෂභාක්

යනුවෙන් යෝනි කූටය දුෂ්ට නම් විවාහය යෝග්‍ය නොවේ. එසේ තිබියදී විවාහ වූයේ නම් වෙන්වීමට සිදුවේ. රාශි පශ්‍යය ඇත්තේ නම් දෝෂ රාශ්‍යාධිපති පොරොන්දම සුබවීමෙන් හෝ රාශි දෙකම එකම ග්‍රහයෙකුට අයත්වීමෙන් භංග වේ.

නැකැත් පොරොන්දම හා රාශි පොරොන්දම සුබ නම් රාශ්‍යාධිපති පොරොන්දම අසුබ වීමේ දෝෂ භංග වේ.

රාශි පොරොන්දම හා රාශ්‍යාධිපති පොරොන්දම් සුබ නම් වශ්‍ය පොරොන්දම අසුබ වීමේ දෝස භංග වේ.

රජ්ජු පොරොන්දම අසුබ වීමේ දෝෂය රාශි පොරොන්දම, රාශ්‍යාධිපති පොරොන්දම . මහේන්ද්‍ර පොරොන්දම සුබවීමෙන් භංග වෙයි.

රාශි හා රාශ්‍යාධිපති පොරොන්දම් සුබවීමෙන් වේධ පොරොන්දමේ දෝෂ භංග වේ. යන සප්ත මහා ඍෂිවරුන්ගේ නම්වලින් නැකැත් 27 ගෝත්‍ර 07 කට බෙදා ගර්බ මුනිවරයා විසින් පොරොන්දම්වලට ඇතුළත් කර ඇත. හින්දු ඡ්‍යොතිෂ්‍ය ආරම්භ වූ භාරත සමාජයේ කුලභේදය තදින් පැවැති නිසා, අන්‍ය කුල අතර විවාහ සිදුවීම වැළැක්වීමට වර්ණ පොරොන්දම විසි පොරොන්දම් අතරට එක්වි ඇත. වර්තමානයේ ගෝලීයකරණය හේතුවෙන් ජාති. කුල, ගෝත්‍ර, නොසළකා මුළු ලොවම එකම විශ්ව ගම්මානයක් බවට පත් වෙද්දී මෙබඳු පොරොන්දම් ගැන විද්‍යාත්මකව සිතා බැලිය යුතු වේ.

ඡ්‍යොතිෂවේදී කපිල ඉන්ද්‍රික ගුණදාස

076-8248000

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.