දකුණු කැලිෆෝනියා අවුරුදු ගම්මානය

මැයි 10, 2024

“රටින් පිට හිටියත් අපිට අපේකම අමතක නෑ” යන තේමාව මූලික කර ගත් දකුණු කැලිෆෝනියා ශ්‍රී ලංකා ඇමරිකා සංගමය විසින් එහි සභාපති නිරෝෂන් කහවත්ත මහතාගේ සංකල්පයකට අනුව අවුරුදු ගම්මානය පසුගිය 13 වැනිදා විල්සන් පාක් හී දී මහත් උත්සවශ්‍රීයෙන් දසදහසකගේ සහභාගිත්වයෙන් 2024 සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව සමරන ලදි.

ඉතිහාසයේ පළමු වතාවට සර්වාගමික නායකයින් සියලු දෙනා වෙනුවෙන් උදෑසන හීල් දානය පිළිගන්වමින් අවුරුදු ගම්මානයේ වැඩ ආරම්භ කළ අතර අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදු කරමින් එරට ශ්‍රී ලාංකික දරුවනට ශ්‍රී ලංකික සංස්කෘතිකාංග සහ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව දැනුම බෙදා දෙමින් සංස්කෘතිය පැවරිම සිදු කරන ලදි.

අවුරුදු ජන ක්‍රීඩා සහ සිඟිති අවුරුදු කුමරා/කුමරිය, යොවුන් අවුරුදු කුමරා / කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය යන විශේෂාංග ද සමඟින් සංස්කෘතික ප්‍රසංගයක් පවත්වන ලදි.

-------------------------------------

අන්තර්ජාතික ක්ෂය රෝග දිනය සැමරේ

අන්තර්ජාතික ක්ෂය රෝග දිනය පදනම් කරගෙන මහජනතාව දැනුවත් කිරීමේ පෝස්ටර් වැඩසටහනක් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ සිසුන් විසින් පසුගියදා බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ දී පැවැත්විය.

කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය පතිරගේ කමල් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ මෙහෙයවීමෙන් ආයුර්වේද කාය චිකිත්සා සහ දේශීය චිකිත්සා හා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වන මහාචාර්ය කාන්ති කුලතුංග මහත්මියගේ හා යුනානි කාය චිකිත්සා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. මුතාලිබ් මහත්මියගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

මාර්ගෝපදේශන ඒකකයේ සම්බන්ධීකාර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය එස්.කේ.සිල්වා මහත්මිය කථිකාචාර්ය වෛද්‍ය එන්.ආර්. ප්‍රදීප් මහතා කථිකාචාර්ය වෛද්‍ය ඒ.එස්. නිශාන් මහතා කථිකාචාර්ය වෛද්‍ය එම්.එම්. නිෆ්‍රාස් මහතා යන අය මෙහි සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.

 

ජයන්ති කුරේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.