2023.12.16 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 16, 2023
 
ඉර උදාව - පෙ.ව. 06.14 
ඉර බැසීම - ප.ව. 05.57 
රාහු කාලය - උදේ 09.09 - 10.38 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. ළඟින් ඇසුරු කරන අයකුගෙන් උපකාරයක් හිමිකරයි. සැනසිලිදායක ලෙස දවස ගෙවීයයි. 
වෘෂභ 
උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙන්නුම් කරයි. ළඟම හිතවතකු වෙනුවෙන් උපකාරයක් කිරීමට හැකිවේ. වරින්වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගන්නා බවක් පෙන්වයි. 
මිථුන 
අමතර කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවෙයි. ගේ දොර කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කරයි. 
කටක 
පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතු දිනයකි. 
සිංහ 
පවුලේ වැඩිහිටියෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. නිතර වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. ගෙදර දොර සැනසිල්ල අඩුකරන දිනයකි. 
කන්‍යා 
විශේෂ සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරගන්නා බවක් පෙන්වයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. 
තුලා 
විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. කලකින් නොදුටු හිතවත් අයකු මුණ ගැසීමට කටයුතු උදා කරයි. සැලසුමක් වෙනස්කිරීමට සිදුවන දිනයකි. 
වෘශ්චික 
හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ අයගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් වාසි කීපයක් අත් කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි. 
ධනු 
ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර දු දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සුළු සීරීම්, වැටීම්වලට ලක්වීමට ඉඩ ඇති බවක් පෙනේ. 
මකර 
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. 
කුම්භ 
අමතර ආදායම් මාර්ග සැලසුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. පවුලේ මතභේදයක් ඇතිවීමට ඉඩ ඇත. දුරදිග බලා කටයුතු කරන්න. 
මීන 
විශේෂ සැලසුමකට අත ගැසීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් පසුවන දිනයකි. වරින් වර ඇතිකරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගනී.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.