2023.12.15 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 15, 2023

 

ඉර උදාව - පෙ.ව.06.14
ඉර බැසීම - ප.ව. 05.57
රාහු කාලය - උදේ 10.37 - 12.06
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ අය අතර, කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

වෘෂභ

අවිවේකී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. එමෙන්ම හදිසි වැඩකටයුතු කීපයකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි.

මිථුන

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි සැලසෙන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු දිනයකි.

කටක

වෙනදාට වඩා වගකීම් බහුල කරයි. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

සිංහ

වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.

කන්‍යා

සෞන්දර්යාත්මක කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර ආදායම් මාර්ග යෙදුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරයි. අලුත් දේ ඉගනීමට වෙහෙසෙන දිනයකි.

තුලා

ගතට සිතට සැනසිලිදායක දිනයකි. නිතර පී‍්‍රතියෙන් කටයුතු කිරීමට කරුණු ඇති කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. අන් අයගේ බසට අවනත නොවන ලෙස කටයුතු කීපයක් සිදුකරයි. ගතට සිතට පීඩාකාරී දිනයකි.

ධනු

පවුලේ අය අතර කැපී පෙනෙන ලෙස කටයුතු කීපයක් සිදුකරයි. දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවිය හැකි බවක් පෙනේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු යෙදෙන දිනයකි.

මකර

ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. දරුවකුගේ කටයුතු හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇති කරයි. අමතර වියදම් බහුල කරන දිනයකි.

කුම්භ

ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. වෙනදාට වඩා ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පැවැති අවහිරතා කීපයක් මඟහැරී යන දිනයකි.

මීන

අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. ගතට සිතට සැප සතුට උදා කරන කටයුතු කීපයක් යෙදේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.