2023.12.08 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 8, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.10
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - උදේ 10.34 - 12.02
සුබ දිශාව - දකුණ

 

මේෂ

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. කල්ගත වූ ණය මුදලකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. හදිසි ගමනකට කටයුතු සූදානම් වන දිනයකි.

වෘෂභ

පැරැණි හිතවත්කම් අලුත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකවන බවක් පෙනේ. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදු කරයි.

මිථුන

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ශාස්ත්‍රීය කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. නිතර ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අමතර ලැබීම්වලට ඉඩ ඇති දිනයකි.

කටක

සහෝදර බැඳීම්වලට හේතු ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න.

සිංහ

නිතර පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. යටපත් වූ උගුර ආශි‍්‍රත ආබාධයක් නැවත මතු කරයි. දේපළ ගනුදෙනුවක් සම්බන්ධ වෙහෙසෙන දිනයකි. මවට එතරම් යහපත් දිනයක් නොවනු ඇත.

කන්‍යා

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා දිනයකි.

තුලා

නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. ඥාති හිතවත්කම් අලුත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර විනෝදයට බරව කටයුතු කරන දිනයකි.

වෘශ්චික

අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. උත්සාහවන්තව කටයුතු කරන දිනයකි.

ධනු

ගතට සිතට සැනසිල්ල උදා කරයි. පවුලේ අයගේ උදව්උපකාර ඇතිව කටයුතු කීපයක් සාරථක කර ගැනීමට හැකි වෙයි. වෙහෙස ඇති ගමනක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කරයි.

මකර

විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලේ වගකීමක් තමාවෙත පැවරෙන දිනයකි.

කුම්භ

හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන ආදායම් මාර්ග හිමිවීමට ඉඩ ඇත. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

මීන

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන බවක් පෙනේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වැඩිහිටියකුගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.