ජුලි 02 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජූලි 1, 2023
 
ඉර උදාව - පෙ.ව. 05.59 
ඉර බැසීම - ප.ව. 06.30 
 
රාහු කාලය - ප.ව. 04.56 - 06.30 දක්වා 
 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
අවුල් වියවුල් සහිත දිනයකි. කරගෙන යන කටයුතුවලට බාධා ඇතිවේ. සිතේ ධෛර්යමත් බවකින් කටයුතු කිරීමට නොලැබෙනු ඇත. හදිසි මුදල් වියදමක්ද යෙදෙන බවක් පෙන්නුම් කරයි. බලාපොරොත්තු කඩවන දිනයකි. සෙම් අමාරුවක් නිසා පීඩා ඇතිවනු ඇත. 
 
වෘෂභ 
මිල මුදල් ලාභ ලැබෙන දිනයකි. හිත මිතුරන් ආශ්‍රයට ඉඩකඩ ලැබේ. තරග වාද විවාද වැනි දෙයට පි‍්‍රය කරයි. තම ගෞරවය වැඩිවන දියුණුවට කරුණු යෙදෙන දිනයකි. 
 
මිථුන 
ගෙදර දොර කටයුතුවල යම් සාර්ථක බවක් හේතුවෙන් හිතට සතුටක් ඇතිකරයි. සුළු සුළු ලාභ ලැබෙනු බවක් පෙනේ. බලාපොරොත්තු ඉටුවන අතර අදහස් ඉෂ්ටවීම නිසා සිතේ සතුටක් ඇතිවනු ඇත. 
 
කටක 
කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් ඇතිවන අතර විවාහය නිසා හෝ ප්‍රේම සම්බන්ධතාවක් නිසා සිතේ යම් කනස්සලු බවක් ඇති කරයි. විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමට හැකි වුවත් ඒවායින් සිතට පී‍්‍රතියක් ඇති නොවේ. රක්තවාත අමාරු නිසා පීඩා ඇති කරයි. 
 
සිංහ 
නින්දට බාධා වතුරෙන් පීඩා ගෙන දිය හැකි අතර ඉක්මන් කේන්තිය ගතියක් ඇතිවේ. සෑම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරයි. ඇසුරු කරන අයකු සමඟ හෝ නොදන්නා අයකු සමඟ මතභේද ආරවුල් ඇතිවිය හැකිය. පපුවේ සෙම ගතිය වැඩි දිනයකි. 
 
කන්‍යා 
හිතේ චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. මුදල් නැතිකම ගැන හිතේ කනස්සලු බවක් ඇති කරයි. මෙම දිනවල සතුරන් ඇතිවීමක් හෝ සතුරන් ඇතිවන අන්දමේ කතාබහක් ඇතිවේ. දියුණුවට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ වනු ඇත. මානසික වශයෙන් කලකිරීම් තත්ත්වයක් ද ඇති කරයි. 
 
තුලා 
තමා අතින් පාඩු සිදුවීමට කරුණු යෙදෙනු ඇත. තම තත්ත්වයට නොගැළපෙන  කතා ඇසීමට සිදු වෙයි. ඉදිරි කටයුතුවලට මුදල් සෙවීමට උත්සාහ ගන්නා නමුත් ඒවා ඉටු නොවීමෙන් බලාපොරොත්තු කඩවයයි. විවාහ අයගේ සහකරු හෝ සහකාරියට සුළු අසනීප තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත. 
 
වෘශ්චික 
වංචාකාරී අදහස්, හිතේ හට ගන්නා අතර ප්‍රයෝගයෙන් හෝ තම සිතැඟි ඉටුකර ගැනීමට බලන කාලයකි. තම අදහස් අනුවම කටයුතු කිරීමට ද සිතයි. ගෙදර දොර පිරිසුදුව තබා ගැනීමට සිත් දෙනු ඇත. ඔළුවේ සෙම ගතියක්ද ඇතිවේ. 
 
ධනු 
ගෞරව සැලකිලි අඩුව යනු ඇත. අවනම්බු ලැබෙන දිනයකි. නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් ක්‍රියා කළ යුතු ය. විශේෂයෙන් ගනුදෙනු කිරීමේදී නොයෙක් වැරැදීම් මුළාවීම් සිදුවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය. 
 
මකර 
දියුණුවට කටයුතු සැලසේ. වාසනාවන්ත දිනයකි. පී‍්‍රතියෙන් කාලය ගත කිරීමට හැකි ඉඩ කඩ ලැබේ. කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතිය සැනසීම හිමි කරයි. ස්ත්‍රී ආශ්‍රයට මඟ පෑදෙනු අතර වෙළෙඳ ව්‍යාපාර කරගෙන යන අයට ලාභ හිමිකරයි. සමාජ ආශ්‍රයට ලැදි වෙයි. 
 
කුම්භ 
සාමාන්‍යයෙන් වාසනාවන්ත දවසක් වනු ඇත. සුළු සුළු වස්තු ලාභ මෙන්ම අන්සතු වස්තුවක් පවා ලැබෙන්නට ඉඩ තිබේ. මවගෙන් උපකාර ලැබෙන දිනයකි. ගෙදර බඩුමුට්ටු පිළිබඳ වෙනසක් කිරීමට සිතෙන හෝ කරන දවසක් වෙයි. උද්‍යෝගිමත්ව කටයුතු කරයි. 
 
මීන 
සිත් තැවුල් කනගාටු සහිත දිනයකි. උසස් අයගෙ දෝෂ දර්ශනයට ලක්වනු ඇත. තම ගෞරවය නම්බුව නැතිවන අන්දමේ කටයුතුවලට සිත ඇදී යයි. ගෙදර දොර අඩුපාඩු යෙදේ. ගෙදරින් පිටව වාසය කිරීමට පවා සිත්දෙනු ඇත. සෙම් අමාරු නිසා පීඩාකාරී වන අතර ආගම දහම පිළිබඳ කටයුතුවල නිරත වේ. 
 
 
ඡ්‍යොතිෂවේදිනි ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.