වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුලි 01 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 30, 2023
ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - පෙ.ව. 09.06 - 10.41 දක්වා
සුබ දිශාව - උතුර
මේෂ
නියම වේලාවට ආහාරපාන ගැනීමට නොහැකිවන අයුරින් බාධා ඇතිවේ. කරදර සහිත දවසකි. සිතට සැකයක් ඇතිව සෑම දෙයක්ම කරන්නට සිදුවේ. ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවිය හැකිය.
වෘෂභ
සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන දිනයකි. පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙන අතර ආගමික කටයුත්තකට සහභාගිවීමටද ලැබෙනු ඇත. විනෝදයට සිත ඇදී යයි. මුත්‍රා අමාරුවක් වැනි දෙයකින් සුළුවෙන් හෝ ආබාධයක් ඇතිවේ.
මිථුන
මහන්සි වී යම් වැඩක් කිරීමට සිදුවනු ඇත. පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. සතුරු කරදර පැවතියේ නම් ඒවා පහළ වැටේ. සිතේ චංචල ගතියක්ද ඇතිවනු ඇත.
කටක
සිතේ සතුට අඩුව යන දිනයකි. බලාපොරොත්තු බිඳ වැටෙනු ඇත. ප්‍රේම සම්බන්ධතාවලට අවහිර බාධා පැන නැඟීම නිසා හිතට දුක් සහිත ගතියක් ඇති කරයි. බාහිර කරදර පවා ඇතිවනු ඇත. අජීර්ණ රෝගවලටද හේතු ඇතිවේ.
සිංහ
කරදර, සිත්තැවුල් මෙන්ම වැඩකටයුතුවලට බාධා ගෙන දෙනු දිනයකි. සැකසහිතව කටයුතු කරනු ඇත. අධික වියදමක් දැරීමට සිදුවන අතර කරගෙන එන කටයුතුවලට බාධාවීමක් හෝ ප්‍රමාදයක් පෙන්නුම් කරයි. හිතවතකුගෙන් ත්‍යාගයක් ලැබීමටද ඉඩ ඇත. පපුවේ පෙණහලුවල අමාරු ඇතිවීමටද පුළුවන.
කන්‍යා
මිත්‍ර ආශ්‍රයක් හෝ අමුත්තකුගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි දිනයකි. අතමිට මිල මුදල් හිඟවීම නිසා හුදකලාව තමාගේ පාඩුවේ කල්පනා කරමින් සිටීමට පෙලඹෙන අවස්ථාවන්ද ඇතිවේ. ධෛර්යවත්ව වැඩ කිරීමට සිතුවත් එය එසේ කිරීමට අපහසු වනු ඇත. බාධාවන් පැමිණේ.
තුලා
වියදම් අධික කරයි. මුදල් හානි ගෙන දෙන කාලයකි. තමා කෙරෙහි අන් අය අතර පැවති ගෞරවය පිළිගැනීම අඩුවයයි. දියුණුවට ඇති මාර්ගවලට බාධා ප්‍රමාදවීම් ගෙනදෙනු ඇත.
වෘශ්චික
හිතේ සතුටට කරුණු යෙදුණත් එය පවතින්නේ ස්වල්ප වේලාවකි. කෑමක් බීමක් පිළිබඳව අමුත්තක් සිදුවිය හැකියි. සුළු සුළු ලාභ ලැබීමටද හැකි දිනයකි. පෞද්ගලික කටයුතුවලට හිත ඇදී යයි. සිතේ චංචල බව නිසා අරමුණකින් තොරව කටයුතු කරනු ඇත.
ධනු
කරගෙන යන කටයුතු කැඩී බිඳී යාමට හෝ ප්‍රමාදවීමට පාඩු සිදු වීමට ඉඩ ඇති දිනයකි. අලාභ හානියක් හෝ නැතිවීමක්ද සිදු විය හැකියි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන බවක් පෙන්නුම් කරයි.
මකර
ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කරුණු යෙදෙනු ඇත. ගෙදර දොර සැප පහසුව ඇති කරයි. මිල මුදල් ලැබීම් යහපත්වේ. අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබෙනු ඇත. සමාජ ආශ්‍රයට යොමු වන අතර සමාජයද ඔබට පි‍්‍රය කරයි.
කුම්භ
දියුණුව ඇතිවන අතර බලාපොරොත්තු ඉටුවේ. මිල මුදල් ලාභ, රසවත් ආහාරපාන ලැබීමටත් යහපත් දිනයකි. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද දියුණුවට පත්වේ. සිතේ සැනසිලිදායක තත්ත්වයක් ඇතිවනු ඇත.
මීන
ආරවුල් මතුවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. දුර ගමනක් යාමට හෝ පිට පළාතක සිටින අයෙක් ගැන මතකයට එයි. සිත් තැවුල් කනගාටු ඇතිවීමටද කරුණු යෙදෙනු ඇත. පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි.
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින පෙ.ව. 06.03 හෝ 11.28ට ඉඳුල් කටගෑම සඳහා උතුරු දිශාව බලා ශුභයි.පෙ.ව. 10.18 ට උතුරු දිශාව බලා හිස කෙස් කැපීම...
2024-09-19 18:30:00
ප්‍රබල සරස්වතී යෝග දෙකක් සැප්තැම්බර් මාසයේ සහ ඔක්තෝබර් මාසයේ යෙදීමට නියමිතය.ඒ අනුව සැප්තැම්බර් මස 25 වැනි බුධ දින උදේ 06.06ට නැඟෙනහිර බලා අකුරු...
2024-09-19 18:30:00
විශ්වයෙහි ඇතැම් රාජ්‍යයනට ද විද්‍යාමාන වනු ලබන “වළයාකාර” සූර්ය ග්‍රහණයක් ඔක්තෝබර් 03 වැනි දින මධ්‍යම රාත්‍රී 12.16ට ඥානකාරක බුධ හිමි කන්‍යා රාශිගතව...
2024-09-19 18:30:00
සැප්තැම්බර් 18 වැනි දින සවස 02.01 ට සිකුරු තම ස්වක්ෂෙත්ර භවන වන තුලා රාශි ගත වීමත් සමඟ මාලවී නම් මහාපුරුෂ යෝගය උදා කරමින් සකල කලාව මෙන්ම...
2024-09-19 18:30:00
සැප්තැම්බර් මස 16 වැනි සඳුදා උදේ 10.43ට දකුණු දිශාව බලා දරුවන්ට අකුරු කියවීම සුබයි.මෙදින දෙනට නැකැත පුර තෙළෙස්වක තිථිය පවතින අතර දෙනට, සිත, මුවසිරස,...
2024-09-12 18:30:00
බුධ ග්‍රහයා බලවත් ලෙස කන්‍යා රැසෙහි ගෝචර වන සැප්තැම්බර් මස 23 වැනිදා සිට ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉතා විශිෂ්ට නැකැත් කිහිපයක් අධ්...
2024-09-12 18:30:00
මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට පංචමහා පුරුෂ යෝග අතරින් භද්‍රා නම් විශිෂ්ට යෝගයෙන් මහත් දියුණුව, බුද්ධිමත්බව, කීර්තිය, ධනය ආදි...
2024-09-12 18:30:00
ලග්න තුනකට සුබපල අත් කර දෙමින් සහ ලග්න නවයකට මිශ්‍ර පල දෙමින් සැප්තැම්බර් 16 සඳු දින රාත්‍රී 07.43 සිට ඔක්තෝබර් 17 වැනිදා දක්වා රවි ග්‍රහයා බුධ...
2024-09-05 18:30:00
මේ මස 15 වැනි රවි දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් එදින පෙරවරු 6.15ට හෝ 7.02ට හෝ 7.11ට දකුණු දිශාව බලා පිටත්වීම සුබ වනු ඇත.
2024-09-05 18:30:00
ග්‍රහලොව සුරතලිය ලෙස සලකනු ලබන සිකුරු ග්‍රහයා මේ මස 18 වැනි දා දහවල් 1.57 ට තුලා රෘශියට සම්ප්‍රාප්ත වන්නේ ය. සිකුරු තමන්ට වඩාත් බලවත් රාශිය වන තුලාවට...
2024-09-05 18:30:00
අගෝස්තු 30 වැනිදා සිකුරාදා පෙරවරු 9.07 සිට 9.19 දක්වා උතුරු දිශාව බලා පොල් පැළ සිටුවීම සුබදායක වෙයි.ඉහළ පලදාවක් ලැබේ.
2024-08-29 18:30:00
ලග්න එකොළහකට සුබපල උදා කරමින් සැප්තැම්බර් 04 වැනිදා බදාදා දින උදේ 11.40ට බුධ ග්‍රහයා සිංහ රාශිගතවන අතර සැප්තැම්බර් 23 දක්වා බුධ සිංහයේ ගමන් කරයි.මේ...
2024-08-29 18:30:00
පතළ නැණ ගුණ මහරු තෙද බල පිරුණු ගණ දෙවි රදුන් සසොබන නිමල විදු නැණ සතර අධිපති සරස්වති මෑණියන් කුලුණෙන අපල බාධක දුරැර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු...
2024-08-29 18:30:00
ඡ්‍යොතිෂවේදී, කේ.එච්. ධනපාලඡ්යොතිෂවේදී, සෝමපාල විජේසූරියආනන්දාදී අටවිසි මහා යෝග ගණයට අයත් අමෘත යෝගය අගෝස්තු මස 28 වැනිදා උදා වේ. ඒ අනුව ඕනෑම සුබ...
2024-08-22 18:30:00
ඉරිදා මුලින් ප්‍රයෝජන ගන්නා වූ ගස්වැල් ආදියද, සඳුදා, කඳින් ප්‍රයෝජන ගන්නා ගස් වැල් ආදියද අඟහරුවාදා හා සෙනසුරාදා කොළවලින් ප්‍රයෝජන ගන්නා ගස්...
2024-08-15 18:30:00
අගෝස්තු 31 සෙනසුරාදා දින පෙරවරු 7.28ට යෙදෙන සුබ මොහොතින් ධන ලක්ෂ්මී නැකැතක් උදාවේ. මේ සුබ මොහොතට ලක්ෂ්මී රූපයක් තබා පූජාවන් තැබීම සුබය. වාලම්පුරි,...
2024-08-15 18:30:00