ජුනි 30 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 29, 2023

ඉර උදාව - පෙ.ව. 05.58 

ඉර බැසීම - ප.ව. 06.30 

රාහු කාලය - උදේ 10.40 - 12.14 දක්වා 

සුබ දිශාව - දකුණ 


මේෂ 

අවිවේකී වුවත් සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. නිතර මිහිරි ආහාරපාන අනුභවයට අවස්ථාව උදාකරයි. පවුලේ කෙනකු නිසා පැවැති කරදරකාරී බවකින් නිදහස අත්වේ. අවිවාහකයන්ට යහපත් දිනයකි

වෘෂභ 

තරමක් දුරට වියදම් අධික වන බවක් පෙන්නුම් කරයි. ලිපි ලේඛනවලට අත්සන් තැබීමේ දී දුරදිග සිතා බලන්න. පැරැණි හිතවත්කමක් අලුත්වන දිනයකි. විදෙස් ලාභ හිමිකම් ඇති කරයි. 

මිථුන 

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව සැලසෙන දිනයකි. නිතර යෙදෙන දුර ගමන් පිළිබඳ සැළකිලිමත් වන්න. යෝජනා ස්ථිර වීමක් ප්‍රමාද කරන ලකුණු පෙන්නුම් කරයි. වගකීම් බහුල දිනයකි. 

කටක 

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු දිනයකි. අමතර වියදම් බහුල කරන අතර, දරුවකුගේ උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ප්‍රභූ අයකු හා ඇසුරට අවස්ථාව උදාකරයි. 

සිංහ 

විනෝදයට සිත ඇදී යන දිනයක් වන අතර, නිතර ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්කරයි. නිතර ගේදොර පදිංචියෙන් දුරස්ව සිටීමට අවස්ථාව උදාකරයි. අඹුසැමි සුහදතාවයට හේතු යෙදෙන දිනයකි. 

කන්‍යා 

පවුලේ ගැටලු කීපයක් නිරවුල්කර ගැනීමට කටයුතු යෙදේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පැරැණි හිතවත්කමක් අලුත් වන දිනයකි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. 

තුලා 

විශේෂ ගමන් කීපයකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවෙයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. තැන්පත් ධනය වැයවන දිනයකි. 

වෘශ්චික 

සැනසිලිදායක ලෙස සතිය උදාකරයි. වෙනදාට වඩා තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි. සෙම් රෝග, හිස ආශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. 

ධනු 

සුළු සුළු ලාභ හිමිකරන මාර්ග කීපයක් යෙදේ. පැවැති බාධා කීපයක් මඟහැරී යන දිනයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදුවෙයි. ඉවසීමෙන් මෙන්ම පරිස්සමින් කටයුතු කළයුතු බවක් පෙනේ. 

මකර 

අමතර කටයුතු කීපයක් යෙදෙන දිනයක් වන අතර වියදම් පක්ෂයද වැඩිවන බවක් පෙන්නුම් කරයි. දුර ඥාතියකු නිසා සිතට දුකක් ඇතිවන බවක් පෙනේ. නිතර ගුප්ත කටයුතුවල පිහිට පතන දිනයකි. 

කුම්භ 

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිකරන දිනයකි. සෞන්දර්යාත්මක කටයුතු කීපයකට සම්බන්ධ වීමෙන් නම ප්‍රසිද්ධියට පත් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ මතභේදකාරී බවක් ඇති කරයි. 

මීන 

විශේෂ ගමනකට සම්බන්ධ වීමට කටයුතු උදාකරන දිනයකි. නොසිතූ සිත්තැවුලකට මුහුණදීමට සිදුවෙයි. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ. පවුලට අලුත් සාමාජිකයකු එක්විය හැකි දිනයකි. 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.