ජුනි 14 බදාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 13, 2023

ඉර උදාව - පෙ.ව. 05.55

ඉර බැසීම - ප.ව. 06.26

රාහු කාලය - ප.ව. 12.10 සිට ප.ව. 01.44 දක්වා

සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

දියුණුව පිණිස කරන කටයුතු කීපයක් සාර්ථක කරයි. විදේශ ගමන්වලට ද යහපත් බවක් පෙන්වයි. පවුලේ අයට හිතවත්ව කටයුතු කරන දිනයකි. පුණ්‍ය කටයුතු කෙරෙහි විශේෂ ඇල්මක් දක්වයි. ඉගෙන ගන්නා දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු විභාග කටයුතුවලට යහපත් දිනයකි.

වෘෂභ
සතුටු සිතින් කාලය ගත කිරීමට හැකිවන දිනයකි. රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරවලට සුබදායක බවක් පෙන්නුම් කරයි. එහෙත් වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කටයුතු යෙදේ. සෙම් රෝග මෙන්ම ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි.

මිථුන
ප්‍රේම සබඳතාවලට යහපත් දිනයක් වන අතර, ලෞකික සැප සම්පත් හොඳින් ලැබෙන බවක් පෙන්වයි. කලක සිට පැවැති විවාහ යෝජනාවක් ස්ථිරවන බවක් පෙන්වයි. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට හෝ අජීර්ණ ආබාධයකින් පීඩා විඳින දිනයකි.

කටක
පවුලේ අය අතර ගැටලුකාරී බවක් ඇති කරන අතර සතුරු පීඩා ඇතිවීමට පවා ඉඩ ඇති දිනයක් බැවින් පරිස්සමින් කටයුතු කරන්න. වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බවක් පෙනේ. පැණිරස කෑම පි‍්‍රය කරන දිනයකි.

සිංහ
දරුවන්ට යහපත් දිනයක් වන අතර ඉගෙනීමේ කටයුතුවලට යහපත් බවක් පෙන්නුම් කරයි. ආමාශගත රෝගාබාධවලට හේතු ඇති කරයි. වරින් වර සෞඛ්‍ය පරීක්ෂණවලටද භාජනය වීමට සිදුවෙයි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න.

කන්‍යා
අන් අය අතර කැපී පෙනෙන දිනයකි. වෙනදාට වඩා ගේ දොර කටයුතු අධික කරයි. මවු පාර්ශ්වයේ අයකුගෙන් උදව්වක් ලැබෙන බවක් පෙනේ. පොරොන්දු ගිවිසුමක් ප්‍රමාදවන අතර, නිතර සිතේ් කනස්සල්ල ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

තුලා
වෙනදාට වඩා දුර ගමන් යෙදෙන බවක් පෙනේ. නිතර අදහස් වෙනස් කරන දිනයක් වන අතර, පවුලේ අයකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමටද සිදුවනු ලබයි. ගේ දොර අලුත්වැඩියාවක්
පිළිබඳ තීරණයකට එළැඹෙන දිනයකි.

වෘශ්චික
සමිති සමාගම්වල මුලසුන හොබවන දිනයක් වන අතර ප්‍රභූ අයගේ ඇසුරටද හේතු ඇතිවන බවක් පෙන්වයි. වියදම් අධිකවන දිනයකි. රැකී රක්ෂා කටයුතුවලට යහපත් කරයි. උගුරේ සෙම් ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

ධනු
දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. නොසිතූ ලෙස ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන දිනයකි. ඉවසිලිවන්තව කටයුතු කළයුතු අතර, සහෝදරියක වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන බවක් ද පෙන්නුම් කරයි.

මකර
සතුරු කරදරයක් හේතුවෙන් පීඩා ඇතිකරන දිනයකි. නිතර දුරගමන්වලින් පරිස්සම් විය යුතු බවක් ද පෙන්නුම් කරයි. දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවන අතර, පවුලේ අයගෙන් දුරස්ව සිටීමටද හේතු ඇති කරයි.

කුම්භ
අලුත් හිතවතුන් පිරිසක් ඇසුරට ලැබෙන දිනයකි. බලාපොරොත්තු නොවූ ලෙස අදහස් කීපයක් ඉටුකර ගැනීමට හැකිවන බවක් පෙන්වයි. දුර ඥාතියකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති අතර, ඥාතියකුගෙන් උපකාරයක්ද හිමිකරයි.

මීන
හදිසි ගනුදෙනුවකට යොමුවන දවසක් වන අතර වෙනදාට වඩා සිතේ චංචල බවක් ද ඇති කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙනේ. නිතර අදහස් වෙනස්කරන ගති පැවතුම් ඇති කරයි. උරහිස ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.