කල් නොහැරිය යුතු දණහිස් කැක්කුම

ජුනි 9, 2023

 

බොහෝ විට වයස අවුරුදු හතළිහට වැඩි කාන්තාවන් අතර, පවතින දණහිස් කැක්කුම නොහොත් දණහිස් වේදනාව ඉවසිය නොහැකි කැක්කුමක් ගෙන දෙන මහත් පීඩාවක් ඇති කරන රෝගයකි. වර්තමාන සමාජයේ කාන්තාවන්ට වැලඳෙන රෝගයක් වන මෙය සන්ධි රෝග ආශි‍්‍රතව හට ගැනෙන්නකි. වැඩිහිටියන් පමණක් නොව තරුණ තරුණියන්ද කුමන හෝ සන්ධි ආශි‍්‍රත රෝගයකින් පෙළෙන බව කිව යුතුය. ශරීරයේ සන්ධි යනුවෙන් හඳුන්වනු ලබන්නේ අපගේ ශරීරයේ අස්ථි දෙකක් හෝ කීපයක් එකට එකතු වී දිග හැරීම හෝ හැකිළීම ඇතිකොට ශරීරයට ශක්තියක් ලබා දෙන අවයවයකි. දණහිස් සන්ධිය හැරුණුවිට අනෙකුත් සෑම සන්ධියකම එක හා සමාන තත්ත්වයකින් පවතී.

 

එමෙන්ම අනෙකුත් සන්ධිවල නොමැති විශේෂ නිර්මාණයක් දණහිස් සන්ධියෙහි ඇත.

එහි විශේෂත්වයක් වන්නේ ශරීරය පවත්වාගෙන යෑමේදීත්, බරක් ඉසිලීමේදීත්, ඇවිදීමේදීත් ආදාළ ක්‍රියාවන් රැසක්ම දණහිස් සන්ධිය මඟින් ක්‍රියාත්මක වන බැවිනි. දණහිස් වේදනාවක් හටගත් විට එය සුළුවට නොසිතා සිට දේශීය හෝ ආයුර්වේද ප්‍රතිකාරවලට යොමු වීමෙන් පීඩාවට පත්ව නොසිට සුවකර ගත හැකිය. දණහිස් වේදනාව සැදුණු විට, වැලඳුණු විට ටික දුරක් ඇවිදගෙන යන අවස්ථාවේදී දණහිස හිරි වැටීමක් හෝ රිදීමක් හෝ නැතහොත් හිරිගතියක් හෝ දැනීමට පටන් ගනී. සමහර විට කඩියෙක් කෑවාමෙන් දැනෙන්නට ද පටන් ගනී. එමෙන්ම රෑට නින්දට ගියවිට හෝ වේදනාවක් ඇතිවේ. කකුල දිග හරිනවිටත්, කකුල නවන විටත් එලෙසින්ම වේදනාවක් ඇතිවේ. නිදා සිට උදෑසන පිබිදුණු විට විළුඹ ආශි‍්‍රතව වේදනාවක් ඇති වී එය එය දණහිස දක්වා පැතිර යා හැකිය. දණහිස් වේදනාවට පත්වීම වාත රක්තය රෝගී තත්ත්වයට බලපාන හේතු රාශියක්ම පෙන්වා දී ඇත.

විශේෂයෙන් වයස අවුරුදු තිහට වැඩි කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද මෙම දණහිස් අමාරුව වැලඳේ. ශරීරයේ මහ සන්ධි අතරට ගැනෙන කකුලේ දණිස් සන්ධි, වළලුකර සන්ධි, අත්, වැළමිටේ සහ මැණික් කටුවේ සන්ධි ඇඟිලි පුරුක් හා උරහිස් සන්ධිඅ ාදී මේ සන්ධි හැම එකකම වේදනාව හා ඉදිමුම ඇතිවේ.

 

ආහාර

 

එදිනෙදා කන බොන ආහාර රස රක්තාමාංස, මේද අස්ථි මජ්ජා හා ශුක්‍ර යන සප්තධාතුන්ට පරිවර්තනය නොවී ආහාර ජීර්ණයෙන් ඇතිවන රසධාතුව ශරීරයේ මහා සන්ධිවල තැන්පත් වීමෙන් ඇතිවන්නාවූ වේදනාව හන්දි අමාරුව ලෙස හඳුන්වා ඇත. මෙම රෝගී තත්ත්වය දිගුකලක් එසේ පැවතුණහොත් ඇඟිලි ඇදවීම, අතපය දිග හැරීමට නොහැකිවීම යමක් අතින් ඇල්ලීමට හෝ යමක් ලිවීමට නොහැකිවීම ආදියෙන් මානසිකව පීඩා විඳීමට සිදුවේ.

මේ තත්ත්වයට පත්වූ විට සන්ධියක් ඇල්ලූවිට දැඩි රශ්නයක් දැනේ. එමෙන්ම මෙම තත්ත්වය ගැන සැලකිලිමත් නුවුවහොත් රෝගියාට සිදු වන්නේ රෝද පුටුවකට සීමා වීමටයි. මෙහිදී රෝග ලක්ෂණ ගැන මනා අවබෝධයකින් කටයුතු කළ යුතුය. කම්මැළි ගතිය එහා මෙහා යෑමට නොහැකිවීම නිදිමත ගතිය, සන්ධිවල වේදනාව දකුණුූ අතේ මැදඟිල්ල නැවීමට අපහසුවීම,වේදනාව දැනීම, මැණික් කටුව වැළමිට හන්දිය දණිස් හා වළලුකර හන්දිය වේදනාව දැනීමද වේ.

 

සන්ධි ඉදිමීම

 

දණහිස් සන්ධිය ඉදිමීමෙන් ඇතිවන වේදනාවත් සමඟ අපහසුකම් රැසකට මුහුණපෑමට සිදුවේ. දණහිස නැවීමට හා දිගහැරීමට නොහැකිවීම නිසා හට ගැනෙන වේදනාව උහුලමින් ඒ ක්‍රියාවේ දිගින් දිගටම යෙදීමට ඇතැමුන් උත්සහ ගනී. දණහිස කැක්කුම නිසා මහත් දුකක් විඳීමට සිදුවන රෝගියාට බිම ඉඳගැනීමට වැසිකිළියේදී අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට නොහැකි වීම උස්බිමකට යෑමට පඩි නැගීමට නොහැකි වීම ආදි ක්‍රියා රැසක්ම කළ නොහැකි තත්ත්වයකට පත්වේ. ඇඟිලි මැණික් කටුව සන්ධිය, වළලුකර සන්ධිය ඇතුළු සන්ධි ස්ථානයන්ගෙන් පටන් ගන්නා වේදනාව ක්‍රම ක්‍රමයෙන් ශරීරය පුරාම පැතිර යා හැකිය. දණහිස් කැක්කුම රාත්‍රි කාලයේදී මෙන්ම වැසිබර කාලගුණික තත්ත්වයේදී අඩු වැඩි වීමක්ද සිදුවේ.

බොහෝ විට මෙම රෝගයට ආහාර දිරවීමේ ක්‍රියාකාරිත්වය සිදු නොවීමෙන් මෙවැනි තත්ත්වයකට පත්වේ. අම්ල ලවණ බහුල ආහාර අඹ,අන්නාසි, අච්චාරු, විනාකිරි යෙදූ ආහාර, ලුණු දෙහි, දෙල් උෂ්ණ අධික ආහාර දැල්ලෝ, ඉස්සෝ, කකුළුවෝ, බලමාළු, හරක්මස්, ඌරුමස්, බටර් – චීස් ආදී කෑම වර්ග ගැනීමෙන් වැළකී සිටිය යුතුය. ජලය පානය නොකිරීම, එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම කෑ සැටියේ නැවත කෑම ගැනීමෙන් ද වැළකී සිටිය යුතුය. දහවල් නිදීම, රෑ නොනිදා සිටීම ආදිය නිසා කුපිත වූ වාතය එක්වීමෙන් සන්ධිස්ථාන පීඩාවීමෙන් මෙම රෝගී තත්ත්වයට පත්වේ. දණහිස් වේදනාව හටගත් විට එය ඉවසා ගෙන තව ටිකකින් අඩුවේ යැයි කියා සිතා සිටිය යුතු නොවේ. එවැනි වේදනාත්මක අවස්ථාවකදී ප්‍රතිකාරයකට යොමු විය යුතුය. අධික ලෙස පවතින වේදනාව අඩුකර ගැනීමට නම් ඒ සඳහාම ලබා දෙන ලද හන්දිතෙලක් ගෑමෙන් එය සුවපත් කර ගත හැකිය.

දණහිස් වේදනාවට සන්ධි ආශි‍්‍රත රෝගයට සිඳින ලද තෙල ගෑමට පෙර උණුවතුර කෝප්පයකට ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කොට පිරිසුදු රෙදි කඩකින් එම මඳ උණුවතුර තෙමා දණහිස හොඳින් තවා හන්දිතෙල ගෑමෙන් පවතින කැක්කුම් ගතිය අඩුකර සුවයක් ලබා ගත හැකිය. දණහිසේ වේදනාව අඩුකර ගැනීමට හන්දිතෙල දණහිසින් උඩට තෙල් ගගා හොඳින් අතගාමින් විනාඩි කීපයක් සිදු කිරීමෙන් මනා සුවයක් ලබා ගත හැකිය. එසේ දණහිසට හන්දිතෙල ගාමින් අතගෑ යුත්තේ පහළ සිට ඉහළට ය. එසේ කිරීමෙන් රෝමකූප හරහා තෙල් හම ඇතුළට උරා ගැනීම සිදුවේ. එවිට වේදනාව අඩු වී මනා සුවයක් ගෙන දේ.

රෝගියකු ප්‍රතිකාර ලබන විට විශේෂයෙන් කෑමබීම ගැන දැනුවත්ව සිටිය යුතුය. ඇල්දියෙන් බැහැරව උණුවතුර පාවිච්චි කිරීමට වග බලා ගත යුතුය. බටු, මෑකරල්, බණ්ඩක්කා, නිවිති, පිපිඤ්ඤා හා එළකිරි වැනි සීත ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීමෙන් සන්ධි රෝගය අපහසුවකින් තොරව සුවකර ගත හැකිය.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ,

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය,

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.