ජුනි 01 බ්‍රහස්පතින්දා- ලග්න සහ රාහු කාලය

මැයි 31, 2023
 
ඉර උදාව – 05.53
ඉර බැසීම – 06.23
 
රාහු කාලය – දහවල් 01.41 - 03.16
සුබ දිශාව – අලුයම 01.34 - 03.01
 
සුබ දිශාව – නැඟෙනහිර 
 
මේෂ 
වරින් වර ගතට සිතට පීඩාකාරි සිතිවිලි ඇති කරන දිනයක් වන අතර, කරගෙන ආ කටයුතු කීපයක් අතරමඟ නවතා  දැමීමට ද සිදුවේ. එහෙත් පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙන්වයි. ගණුදෙනු වාසියක් ද සිදුකරයි. 
 
වෘෂභ 
අන් අය අතර ප්‍රසිද්ධියට කරුණු ඇති කරන දිනයක් වන අතර, පවුලේ අයගේ් ප්‍රසාදයට ද හේතු ඇති කරයි. නිතර මිහිරි ආහාරපාන ලැබීමට ඉඩකඩ ඇත. සුළු සුළු ලාභ හිමිවන මාර්ග ද ඇති කරයි. 
 
මිථුන 
කණ්ඩායම් වැඩවලට සම්බන්ධවීමට සිදුවන දිනයකි. විදෙස්ගතව සිට පැමිණි හිතවතකුගේ හමුවීමක් සිදුකරයි. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාබ හිමිකම් ඇති කරයි. වගකීම් බහුලවන දිනයකි. 
 
කටක 
අලුත් හිතවතකු දැන හඳුනාගැනීමට කටයුතු සැලසෙන දිනයකි. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙන්වයි. අතමිට මුදල් ගැවසෙන දිනයක් වන අතර, අලුත් දේ මිලදී ගැනීමට ද හේතු ඇතිකරයි. 
 
සිංහ 
විශේෂ ගමනකට කටයුතු සූදානම් වන දිනයකි. පවුලේ වැඩිහිටියකුගේ අසනීපයක් පිළිබඳ  සොයා බැලීමට සිදුවෙයි. නිතර ගේ දොර කටයුතුවලින් බැහැරව සිටීමට සිදුවන දිනයකි. 
 
කන්‍යා 
නොතේරුම්කමින් සුළු සුළු පාඩු සිදුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. නිතර සාමජ ආශ්‍රයට යොමුවන දිනයක් වන අතර, අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට ද අවස්ථාව උදාකරයි. 
 
තුලා 
අලුත් බලාපොරොත්තු ඇතිවන දිනයක් වන අතර, එයින් දියුණුවට ද මාර්ග පෑදෙනු ඇත. හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. 
 
වෘශ්චික 
කරන කියන කටයුතුවලින් වාසි කීපයක් අත්කරයි. අලුත් කටයුතු කීපයක් ආරම්භයට ද අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා අරපිරිමැස්මෙන් කටයුතු කරන බවක් පෙනේ. ගැටලු කීපයක් විසඳා ගැනීමට මඟ සැලසේ. 
 
ධනු 
පවුලේ බැඳීම්වලට බාධාකාරි දිනයකි. වෙනදාට වඩා කේන්ති යන දිනයක් බවද පෙන්නුම් කරයි.නිතර වැඩිහිටි අයගේ උපදෙස් පතන බවක් පෙන්වයි. එහෙත් අතමිට සරුකරන මාර්ග කීපයක්ද යෙදේ. 
 
මකර 
වගකීම් බහුල කරයි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සැලකිලිමත්වන්න. අමතර වියදම් වැඩිකරන දිනයක් වන අතර, දුර ගමනකට ද සහභාගි වීමට කටයුතු සැලසේ. 
 
කුම්භ 
අවිවේකී ලෙස උදාවන දිනයක් වන අතර, නිතර නිවෙසින් බැහැරව කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි. සෙම් රෝග, උගුර ආශි‍්‍රත ආබාධ හේතුවෙන් පීඩා විඳීමට සිදුවන දිනයකි. නිතර අව්වෙන්, වැස්සෙන් පරිස්සම් වන්න. 
 
මීන 
ලැබීම් අතින් යහපත් දිනයකි. පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ. නිවෙසේ භෝජන සංග්‍රහයකට කටයුතු සැලසෙන දිනයකි. නිතර තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි. 
 
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.