2023 මැයි මස 06 සෙනසුරාදා දින ඉර උදාව පෙ.ව. 05.56 රාහු කාලය පෙ.ව. 08.56 සිට පෙ.ව. 10.26 දක්වා.

මැයි 5, 2023
 
මේෂ ලග්නය 
 
වැඩ කටයුතුවල යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර උද්යෝගය උනන්දුවද අඩුව යනු ඇත. 
ඔළුවේ පවතින තද උෂ්ණ ගතිය නිසා ඔලුවේ අමාරු ඇස්වල අමාරු ඇති වීමට ඉඩ තිබේ.
 
වෘෂභ ලග්නය
 
ගමන් බිමන්වල නිරතවීමට සිදුවන දිනයක් වන අතර ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇති වේ. රැකියා කටයුතුවල ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින අතර බඩේ අමාරු ආහාර නොදිරවීමට අපහසුතාවයක් නිසා පීඩා ඇති වනු ඇත. 
 
මිථුන ලග්නය
 
ආගම දහම කෙරෙහි ශක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර ලැබීමටද යහපත් වේ. දරුවන් සිටී නම් ඔවුන්ගේ වැඩ කටයුතුවල යම් ප්‍රමාදවීමක් දක්නට ලැබෙන අතර දානමානාදී කටයුතුවල නිරතවීමටද අවස්ථාව ලැබෙනු ඇත. 
 
කටක ලග්නය
 
කම්මැළි අලසබවකින් යුතුව කටයුතු කරන අතර හුදෙකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද බලනු ඇත. සෙනසුරු ග්‍රහයාගේ අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක් ද ඇති බැවින් හදිසි අනතුරුවලින් පීඩා ගෙන දිය හැකි අතර පපුවේ සෙම් ගතියක් ඇතිවීමෙන් කරදර ඇතිවීමටද පුළුවන. 
 
සිංහ ලග්නය 
 
සහෝදරාදීන් සමඟ මතභේද ඇතිවිය හැකි දිනයක් වන අතර වියදම්ද අධික වනු ඇත. අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති දිනයකි. 
 
කන්‍යා ලග්නය 
 
තම කතාව නිසා අන් අයගේ හිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති අතර ලැබීමටද යම් යම් බාධා ගෙන දෙනු ඇත. ගෙදර දොර මත භේද ඇතිවන දිනයකි. 
 
තුලා ලග්නය 
 
අධික නිදිමත ගතියක් හෝ නිතර ඈනුම් යන ගතියක් පෙන්නුම් කරන අතර බලාපොරොත්තුවක් කඩවීම මත සිත් තැවුලක් ඇති වනු ඇත. 
 
වෘශ්චික ලග්නය 
 
ඉවසීමෙන් ප්‍රතිකාර කටයුතු කළයුතු දිනයක් වන අතර සිතට දුක් ඇතිවන කරුණු  යෙදෙනු ඇත. ඥාතීන්ගෙන් වුවත් පිහිටක් බලාපොරොත්තු විය  නොහැකි දිනයකි. 
 
ධනු ලග්නය 
 
ලැබීමට යහපත් දවසක් වන අතර මිල මුදල් යොදවා කරන කටයුතු වලින් ලාභ ලැබීමට හැකිය. ආලය පිළිබඳ කටයුතුවලින් සිතට දුකක් ගෙන දෙන දිනයක් වේ. 
 
මකර ලග්නය 
 
බලාපොරොත්තු නොවූ අයුරින් වියදමක් දැරීමට සිදුවන අතර ගෙදර දොර කටයුතුවලට ද බාධා ගෙන දෙනු ඇත. යටිබඩ පීඩා කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතු ය. 
 
කුම්භ ලග්නය 
 
හිතේ නොසන්සුන් බවක් ඇතිවන අතර නිදිමත ගතියක්ද ඇතිවේ. එක තැනකටවී සිටීමට සිත් ගෙන දෙන අතර ඉක්මන් කේන්ති ගෙන කටයුතු කරනු ඇත. 
 
මීන ලග්නය 
 
ආගමික  සේවයට ළැදිව කටයුතු කරන ආගමික ඇත්තන් හා ආශ්‍රය කරන දිනයක් වන අතර කකුල්වල පීඩාකාරී බවක් ද ඇතිවේ. කොන්දේ අමාරු සෙම් අමාරු නිසා පීඩා ගෙන දෙනු ඇත.
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.