චන්ද්‍ර ග්‍රහණය ඔබේ ලග්නයට

මැයි 5, 2023

මෙම වසරේ පළමු සූර්ය ග්‍රහණය අපේ‍්‍රල් මස 20 වැනිදා සිදුවූ අතර එහි බලපෑම 2023.12.31 දක්වා බලපානු ඇත. එය කාලගුණ, දේශගුණ විපර්යාස මිනිස් සංහතියට මෙන්ම පරිසරය සතා සිව්පාවාට අශුභවාදී තත්ත්වයක් බොහෝ දුරට නිර්මාණය වෙන්නකි.

 

දෛවඥ කාමධේනුවෙහි බොහෝ දුරට ධනු රාශියෙහි ග්‍රහණයක් සිදුවනුයේ නම් බිහිසුණු ත්‍රාසජනක බවක්, නිර්මාණය වන බවටද ප්‍රකාශිත වෙයි. සූර්ය ග්‍රහණය සේම පූර්ණ, අර්ධ, ඡායා යනුවෙන් චන්ද්‍රග්‍රහණ අවස්ථා ද තුනකි. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වනුයේ චන්ද්‍රගෝලය පෘථීවියෙහි ඡායාවට සම්පූර්ණයෙන්ම වැසී යාමෙනි.

අර්ධ ග්‍රහණයක් සිදුවෙනුයේ චන්ද්‍ර මණ්ඩලයේ කොටසක් ඉහත අයුරින් දැකීමෙනි. ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවෙනුයේ පෘථිවියෙහි වායු ගෝලයට වැටෙන හිරු රැස් පරාවර්තනය වී නැමී ගමන් කර සඳමඬල වසා ගැනීමෙනි. වසරකදී සිදුවිය හැකි උපරිම චන්ද්‍ර ග්‍රහණ ගණන තුනකි. ඇතැම් වර්ෂයන්හි එක් චන්ද්‍ර ග්‍රහණයක් හෝ සිදු නොවෙයි. මෙවර ඡායා චන්ද්‍රග්‍රහණය මැයි මස 05 වන කිවි දින රාත්‍රී 10.55 මධ්‍ය කොට ගෙන සිදු වනු ලබයි

නැඟෙනහිර උදා රාශි ගුරු හිමි ධනුවෙහි ප්ලූටෝ 02 වැන්නෙහි සතුරුවද සෙනසුරු ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව 03 වැන්න වූ වික්‍රම ස්ථානගතවද නැප්චූන් ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව 04 වැන්නේද යුරේනස් ගුරු ග්‍රහයන් සමවද රවි උච්චව රාහු සතුරුව බුධ සමව 05 වැන්නේද අඟහරු සතුරුව සිකුරු සම වූ 07 වැන්නේද කේතු සතුරුව චන්ද්‍රයා සමව අයස්ථානය වූ 11 වැන්නේද සෙනසුරු මාන්දි ග්‍රහයා වී 03 වැන්නේ ද 22 වැනි මාරක දෙර්කාණාධිපතියා වී 05 වැන්නේද 7 -10 අධිපති ඥනකාරක බුධ බාධක ග්‍රහයා ලෙස 05 වැන්නේද තැන්පත් වී ඇත. වසංගත රෝග මෙන්ම දැඩි වගා හානි, අහිතකර විපත් ඇති විය හැකිය. සිංහ රාශිය අයත් ජනරජ කේන්ද්‍ර සටහනෙහි 09 වැන්නටද විශ්ව රාශි මේෂයෙහි 05 පාපකර්තරී පීඩා විපත්තිදායකයි.

 

මේෂ රාශිය

අඟහරු හිමි මේෂ රාශියට රැකියා ආදායම් මාර්ග පවුලේ සාමකාමී සහජීවනය 03 වැන්න වූ වික්‍රම ස්ථානය බොහෝ දුරට පීඩාවන බවක් දර්ශනය වෙයි. උත්සාහය, උනන්දුව දුර්වල කෙරෙයි. සිතැඟියාවන් ඇවිස්සෙන සුලුවෙයි. හදිසි තීරණ ඉක්මන් තීරණවලින් වැළකී සිටීම යහපත් වෙයි.

 

වෘෂභ රාශිය

දැඩි ආයාසයෙන් දෛනික ජීවිතයද කළමනාකරණය සිදු කර ගැනීම යහපත් වෙයි. රැකී රක්ෂා ආදායම් මාර්ග ආශි‍්‍රතව ශෝකාකූල බවක් නිර්මාණය කෙරෙයි. දැඩි මානසික අසහන, හදිසි ආපදා විපත්ති මතු කෙරෙයි.

 

මිථුන රාශිය

රැකියා ආදායම් මාර්ග, වෙනත් විවිධ ලැබීම් සහ උත්සාහය, උනන්දුව පවුලේ සාමය, සමගිය, සමාදානය කෙරෙහි බාධක අවහිර දුෂ්කරතා මතුවිය හැකිය. හිස, උදරය, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රත රෝගබාධා උත්සන්න විය හැකිය.

 

කටක රාශිය

රැකියා ආදායම් මාර්ග, කෙරෙහි යම් යම් බාධක අවහිර දුෂ්කරතාවයන් නිර්මාණය වුවද අභියෝග මර්දනය කරගනු ලබයි. අභියෝග කෙරෙහි අවධානය යොදන බැවින් නිතර සතුරන් අභිභවා ක්‍රියා කරනු ලබයි. කළමනාකරණයෙහි දුර්වලකම් උත්සන්න නොවී හිතවාදී පසුබිමකට යොමු කෙරෙයි.

 

සිංහ රාශිය

උත්සාහය, උනන්දුව කෙරෙහිද යම් යම් බාධක අවහිරතා සතුරු බලවේග රෝගාබාධ උත්සන්න විය හැකිය. පදිංචි ස්ථාන භූමි කෙරෙහි සතුරු බලවේග උත්සන්න විය හැකිය. ආරම්භක කාර්යභාරයන් සාර්ථක වනු ඇත. බහුතරයකගේ උපක්‍රමශීලි බාධකයන් මත රැකියා ආදායම් මාර්ග කඩාකප්පල්කාරි බාධක අවහිර මතු කෙරෙයි.

 

කන්‍යා රාශිය

සමාරම්භක කාර්යභාරයන් සාර්ථක කෙරෙයි. තැන්පත් ධනය, හවුල් කටයුතු නිර්නාමික, නාමික සොර සතුරු බලවේග ආශි‍්‍රතව දුර්වල කෙරෙයි. ශාරීරික පීඩා මෙන්ම සෞඛ්‍යය ආශි‍්‍රතව දුර්වල කෙරෙයි. උසස් අධ්‍යාපනික කටයුතු සඳහා ප්‍රභූ ජනයාගේ ආධාර උපකාර ලැබෙයි. නිර්මාණශීලි ක්‍රියාකාරකම්හි දියුණුව සැලසේ.

 

තුලා රාශිය

පවුල් ජීවිතයෙහි මෙතෙක් පැවැති ආරාවුල් මතභේද දුරු කෙරෙයි. මන්දගාමී බැව් දුර්වල කෙරෙයි. කළමණාකරණය මත දෙස් විදෙස්ගත ආදායම් මාර්ග සාර්ථක බවට පරිවර්තනය වෙයි. ප්‍රභූ ජනයාව ඇසුරට ලැබෙයි. දිගුකාලීන අපහසුතා දුරස්ථ වෙයි.

 

වෘශ්චික රාශිය

සොර සතුරු බලවේග දුරු කෙරෙයි. පදිංචි ස්ථානයෙහි අර්බුද මතු කෙරෙනු ඇත. විනෝදය, සතුට, පී‍්‍රතිය දුරු වෙයි. උසස් අධ්‍යාපනික කාර්යයන් සඵල වෙයි. නවතාවයකින් අනාගතය සංස්කරණය කෙරෙනු ඇත. අවදානම් පැතිකඩ යටපත්කොට නිර්භීතව සමාජගතව ක්‍රියාත්මක කෙරෙයි.

 

ධනු රාශිය

තැන්පත් ධනය, පදිංචිය, ආශි‍්‍රත පිරිස අතරින් වරින් වර ප්‍රශ්න ගැටලු මතු කෙරෙයි. ලැබීම් මාර්ග යටහත් විය හැකිය. පවුලේ අසමගිකම් මතුකෙරෙනු ඇත. ආගම දහමට මෙන්ම සංස්කෘතික සේවා දියුණු කර ගනු ලබයි. සාමය සමගියට බාධක ගෙන දිය හැකියි. කල්පනාකාරිව ක්‍රියා කරලීම ශුභවාදී වෙයි.

 

මකර රාශිය

අධිවේග සිතැඟියාවන් පදිංචිය ද ආශි‍්‍රතව නිර්මාණශීලි බවක් ගනු ලබයි. සතුරු පිරිස් අභිබවා ක්‍රියා කරනු ලබයි. නව ජීවන ගමන් මඟකට බොහෝ දුරට ක්‍රියාකාරී වෙයි. අවදානම් විපත්ති කෙරෙහි අවධානය දුරු වෙයි. රැකියා ආදායම් මාර්ග කෙරෙහි බාධක මාරක දුරස්ථ වෙයි. ආගම දහමට අනුකූල ජීවන දර්ශනයක් මතු කෙරෙනු පෙනෙයි.

 

කුම්භ රාශිය

බොහෝ දුරට ස්වකීය ජීවිතය ශෝකාකූල බවට පාත්‍ර වෙන බවක් පෙනී යයි. තැන්පත් දේපළ වස්තු රැකෙන බවක් නොකෙරෙයි. ධනය, විසිරී යයි. සොර සතුරු බලවේග බහුල වෙයි. උසස් ප්‍රභූ ජනයාව ඇසුරට ලැබෙයි. වර්තමාන රැකියා, ආදායම් මාර්ග කෙරෙහි දැඩි වෙහෙසකාරි බවකින් සතුටුදායක බවක් උදාකරගනු ලබයි.

 

මීන රාශිය

විශේෂයෙන් ස්වකීය ආදායම් මාර්ග සාර්ථකත්වයක් කරා ළඟා කෙරෙයි. රෝගාබාධ සතුරු උවදුරු මර්දනය කෙරෙනු ඇත. සාමකාමී සහජීවනය අගයයි. සොර සතුරු බලවේග දුරස්ථ වෙයි. ආශි‍්‍රත ජනයා පි‍්‍රයමනාප වෙයි. දැඩි උත්සාහය, උනන්දුව මත දියුණුව ගෙන දෙයි. ජීවිතයෙහි උසස් බවක් නිර්මාණය කෙරෙනු ඇත.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී, කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.