වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
ලග්න දොළොසටම සුබ යෝග රැල්ලක්
බක්මහ වසන්ත සැණකෙළිය අදයි
රවි මේෂයේ උච්ච වෙයි
බාධක, අවහිරතා, දුෂ්කරතා මඟ හැරී යයි
ජනතාවගේ ශ්‍රම දායකත්වයට නව පණක්
පෞද්ගලික ව්‍යාපාර දියුණුවක්
කෘෂිකාර්මික ප්‍රබෝධයක්
මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හතරට හංස යෝග බලය ද වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියනට මාලවී සහ සස යෝග බලය ද ලග්න දොළොසටම දාමිණී ,ගජකේෂරී, රවි බුධ ආදිත්‍ය, වෙශි වොෂී උභයචාරි යෝග බල ගෙන දෙමින් උත්තරායනය වසන්ත ඍතුවෙහි රවි 01 භාග බක් මස අව නවවක තිථිය ලත් කුජ දින, පස්වරු 02.59ට අංශක 09 කලා 43ක් ගත රවි හිමි සිංහ රාශිය ද බුධ හිමි මිථුන නවාංශකය ද මුල්කර ගනිමින් සූර්ය දිව්‍ය රාජ තෙම අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වීම සිදුවන්නේය.
සිංහ උදා රාශිය මෙන්ම සිංහ ශ්‍රී ලාංකේය ජනරජ කේන්දරය ද වෙයි. මෙම නව අවුරුදු ග්‍රහ චාරය අනුව රට නව ගමන් මඟට අවතීර්ණ වන කාල පරාසයක් බව පැහැදිලි වෙයි. රවි – කුජ, ශනි, සිකුරු ග්‍රහ ශක්තිය අනුව රටට අහිතකර බාධක, අවහිරතා, දුෂ්කරතා මඟ හැරී යන බව පෙන්වයි. ජනතාවගේ ශ්‍රම දායකත්වයට නව පණක් ලබා දීමට පියවර ගැනෙනු ඇත. ඊට අමතරව නාවික මුහුදු ආශි‍්‍රත ක්‍රියාකාරකම් කෙරෙහි සුවිශේෂි අවධානයෙන් ක්‍රියාකාරී වීම යහපත් වෙයි. ආගමික, ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කෙරෙහි අණපනත් සක්‍රිය කෙරෙයි. පාරිසරික මෙන්ම අනතුරු බහුල විය හැකිය. පෞද්ගලික ව්‍යාපාර දියුණු වෙයි. ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම් සිදුවෙයි. කෘෂිකාර්මික ප්‍රබෝධයක් ද මේ කාලයේ දක්නට ලැබෙයි.
රවි මේෂයේ උච්ච වීම ඔබේ ලග්නයට බලපාන්නේ මෙලෙසයි.
මේෂ
සුවිශේෂී යෝග රැල්ලක් සමඟ පංච මහා පුරිස යෝග අතරින් මාලවී, සස යෝග බලැතිව විශ්ව කුජ හිමි මේෂ රාශියට සමගාමීව සූර්ය දිව්‍යරාජයා උච්ච අවස්ථාවක යෙදෙයි. අධ්‍යාපනය, රැකිරක්ෂා, ආදායම් මාර්ග, ඇතුළුව පදිංචිය, සබඳතා, යුගදිවිය කරුණු කාරණා රැසක් සාර්ථක වනු ඇත. අය 02 - වැය 14 ඔබට සුබ දින ඉරිදා, සඳුදා, සෙනසුරාදා වේ. සුබ වර්ණ රන්වන්, සුදු, කළු, දුඹුරු වේ. පැලඳීමට සුබ මැණික්, පද්මරාග, මුතු, නිල්මැණික්, සුබ අංක – 01,02,04,08 වේ.
වෘෂභ
මාලවී, සස, යෝග බලැතිව ද ගජකේෂරී , දාමිණි වෙශි වොශී උභයචාරි, යෝග බලැතිව නව වසරෙහි උදාව යෙදී ඇත. විවාහය, සබඳතා, අධ්‍යාපනික කටයුතු, පදිංචි ස්ථානය, සෞඛ්‍යය අතිශය සුබවාදී බවක් විද්‍යමාන වන්නේය. ආර්ථිකයෙහි උසස් දියුණුවක් ඇතිවේ. අය 11 වැය 05යි සුබ දින – සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා , සෙනසුරාදා , ඉරිදා සුබ වර්ණ - සුදු, කළු, දුඹුරු, කහ, කොළ, රන්වන්, පැලැඳීමට සුබ මැණික් - දියමන්ති, මුතු, නිල්මැණික්, පුෂ්පරාග, පච්ච මරාමිණි, පද්මරාග, ශුභ අංක 06,02,08, 03,05,01,04
මිථුන රාශිය
හංස යෝගය, රවි බුධ ආධිත්‍යය යෝග අතර වෙශී වොශී උභයචාරි, දාමිණි, ගජකේෂරී යෝග රැල්ලක උදාව විද්‍යමාන වෙයි. රැකිරක්ෂා ආදායම් මාර්ග කටයුතු ද අධ්‍යාපනය, සබඳතා, විවාහය, සමාජගත ඇසුරු නිවාස, ඉදිකිරීම් ආශ්‍රීත සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක කෙරෙයි. ඥාති හිතෛෂි උත්සව පි‍්‍රය සම්භාෂණ ඇතුළුව සම්භාවනීය කාර්යයන් රැසක් සාර්ථක කෙරෙනු ඇත. අය 02 වැය 05 සඳුදා , බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා ශුභ දිනයන් වෙයි. ශුභවර්ණ, සුදු කොළ, කහ, කළු, දුඹුරු ,මුතු පච්ච , මරා මිණි, පුෂ්පරාග, දියමන්ති, නිල්මැණික්, පද්මරාග,
ශුභ අංක – 01,02,03,04,05,06,08
කටක රාශිය
දාමිණි, ගජකේෂරී, රවි බුධ ආදිත්‍ය, වෙශි වොශී උභයචාරි යෝගයද සිකුරු, ගුරු, නැප්චූන් ග්‍රහයන් සුබවාදීව යෙදෙයි. රැකිරක්ෂා, ආදායම් මාර්ග, ව්‍යාපාර, කටයුතු සාර්ථක වෙයි. රැකියා උසස්වීම්, විජයග්‍රහණ මෙන්ම ඥාතීන්ගේ අනුග්‍රහය, කීර්තිය, ප්‍රශංසා, ගරු නම්බුනාම ලබයි. ප්‍රභූ ජනයා ඇසුරට ලැබෙයි.
අය 11 යි වැය 14 යි ශුභ දින සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා ශුභ වර්ණ රන්වන් කොළ, කහ, සුදු, කළු, දුඹුරු.
ශුභ මැණික් – පද්මරාග, මුතු, පච්ච මරාමිණි, පුෂ්පරාග, දියමන්ති, නිල්මැණික්,
ශුභ අංක - 01,02,03,04,05,06,08
සිංහ රාශිය
07 වැන්නෙහි ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ සෙනසුරුගෙන් සසයෝග බලයද 08 මෘත්‍යු ස්ථානගත ගුරුගෙන් හංස යෝග බලයද 09 වැන්න වූ භාග්‍ය ස්ථාන ගත රවි බුධ සංයෝගයෙන් රවි බුධ ආදිත්‍ය යෝගය බලයද 10 වැන්න වූ කර්මස්ථානයෙන් මාලවී යෝග බලයද ගජකේෂරී, දාමිනි, වෙශි වොෂී උභයචාරි යෝග බලයද, අනුව උසස් ලෙස රැකිරක්ෂා ව්‍යාපාරික ආදායම් මාර්ග සාර්ථක කෙරෙයි. ගෘහ ජීවිතය භාග්‍යවත් වෙයි. විවාහ දිවිය , සබඳතා සතුටුදායක වෙයි.
අය 14 වැය 11 ශුභ දින බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, ඉරිදා,
ශුභ වර්ණ – රන්වන්, කොළ, කහ, සුදු, කළු, දුඹුරු
ශුභ අංක – 01, 03,04,05,08
ශුභ මැණික් - පද්මරාග, පච්ච, මරාමිණි, පුෂ්පරාග, නිල් මැණික්, දියමන්ති
කන්‍යා රාශිය
ගුරුගෙන් හංස යෝගයද, දාමිණි, ගජකේෂරී, රවි බුධ ආදිත්‍ය, වෙශී වොශී උභයචාරි, යෝග උදාවද සිකුරු ස්වක්ෂේත්‍රව 09 වැන්න වූ භාග්‍යස්ථානගතවද සිටී. රැකීරක්ෂා ආදායම් මාර්ග සතුටුදායක වීමද පදිංචි ස්ථානය, භූමිය, ආශි‍්‍රතව දියුණුව ද රැකියා ආයතනයෙහි දැඩි නොසන්සුන් බවද රෝග සතුරු එදිරිවාදිකම් ද බලපෑ හැක. උදාර අසමානනීය සිතැඟියාවන් ඉටුවන බවක් නිර්මාණය වෙයි. අය 02 වැය 05, ශුභ දින- සඳුදා, සෙනසුරාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා, බදාදා, සිකුරාදා, සුබවර්ණ- සුදු, කළු, දුඹුරු, කහ කොළ, රන්වන් ශුභ මැණික් - මුතු, නිල්මැණික්, පුෂ්පරාග, පද්මරාග, පච්ච මරාමිණි, දියමන්ති ශුභ අංක - 02,08,03,01,04,05,06
තුලා රාශිය
දාමිණි, ගජකේෂරි, රවි බුධ ආදිත්‍ය, වොශි වොශි උභයචාරි යෝග රැල්ලක් සමඟ සිකුරු – ගුරු, ශනි, ග්‍රහයන් ප්‍රබලව යෙදී ඇත. ගෘහ ජීවිතය මෙන්ම රැකි රක්ෂා කටයුතු ද ව්‍යාපාරික කටයුතු ද දියුණුූ වේ. උසස් ප්‍රභූ ජනතාව ඇසුරට ලැබෙනු ඇත. අතිරේක ආදායම් මාර්ග, සමඟ දෙස් විදෙස් ආර්ථික කටයුතු සාර්ථක කෙරෙයි. සංචාරක කටයුතු සුබදායක වෙයි. අය 11 වැය 05 ශුභ දින- බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ශුභ අංක 02,03,05,06,08 ශුභ මැණික්- මුතු, නිල් මැණික්, පුෂ්පරාග, පච්ච මරාමිණි, දියමන්ති, ශුභ වර්ණ - සුදු, කලු, දුඹුරු, කහ
වෘශ්චික රාශිය
සිකුරුගෙන් 07 වැන්නෙහි මාලවී යෝගය ද ශනි – ගුරු ග්‍රහයන් ප්‍රබලව ද වෙශි වොෂි උභයචාරි යෝග බලයද රවි බුධ ආධිත්‍ය යෝග බලය 06 වැන්නේද දාමිණි ගජකේෂරී යෝග බලද නව අවුරදුු උදාවත් සමඟ වෘශ්චික රාශියට තිළිණව යෙදී ඇත. මෙතෙක් ප්‍රමාද බාධක අවහිර වූ උසස්වීම්, විජයග්‍රහණද සබඳතා, මංගල කටයුතු සතුටුදායක වෙයි. වෙළඳ ව්‍යාපාරික කටයුතු, රැකිරක්ෂා කටයුතු, සාර්ථක කෙරෙයි. ලාභදායක වෙයි. අය 02 වැය 14 ශුභ වර්ණය – රන්වන්, සුදු, කොළ, කහ, කලු, දුඹුරු ශුභ මැණික් - පද්මරාග, මුතු, නිල් මැණික්, පුෂ්පරාග, දියමන්ති, ශුභ අංක – 01, 02, 03, 05, 06, 08
ධනු රාශිය
04 වැන්නේ ගුරුගෙන් හංස යෝගය , රවි බුධ ආධිත්‍ය යෝගය, වෙශි වොෂි උභයචාරි, දාමිණී ගජකේෂරී, යෝග බලැතිව නව අවුරුදු උදාවෙහි ධනු රාශි ජම්මලාභීනට විස්මිත ලැබීම් පෙළක් විශ්ව තාරකා මන්දාකිණියෙහි විද්‍යමාන වෙයි. ශනි, සිකුරු ග්‍රහ බලය ද අති විශිෂ්ටයි. 2023 වර්ෂය ගෘහ ජීවිතයට මෙන්ම රැකියා ආදායම් මාර්ග කෙරෙහි ද ප්‍රබල බවක් විද්‍යමාන කෙරෙයි.
අය 14 වැය 02 සුබ දින – සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සුබ වර්ණ – සුදු,කොළ, කහ, කලු, දුඹුරු, රන්වන්
සුබ මැණික් – පද්මරාග, මුතු, පච්ච මරාමිණි, පුෂ්පරාග, දියමන්ති, නිල් මැණික්.
සුබ අංක- 02,03,05,06,08
මකර රාශිය
සෙනසුරු ස්වක්ෂේත්‍රව මූලත්‍රිකෝණව 2 වැන්න වූ ධනස්ථානගතවද බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව සිකුරු ස්වක්ෂේත්‍රව 03 -08 ස්ථානගතව ද වෙශි වොශී උභයචාරි, රවි බුධ ආදිත්‍ය, දාමිණි,ගජකේෂරී යෝග බලැතිව යෙදී ඇත.
රැකියා ආදායම් මාර්ග, ගෘහ ජීවිතය, ආශි‍්‍රත විජයග්‍රහණ ළඟා කෙරෙයි. සබඳතා, විවාහදිවිය මංගල කටයුතු සියල්ල සාර්ථක කෙරෙයි. අය 08 වැය 05 සුබ දින - සඳුදා, සෙනසුරාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා, බදාදා, සිකුරාදා
ශුභ අංක - 02,03,08,01,04,05,06 ශුභ වර්ණ - සුදු, කළු, දුඹුරු, කහ,රන්වන්, කොළ, ශුභ මැණික් – මුතු, නිල්මැණික්, පුෂ්පරාග, පද්මරාග, මරාමිණි, දියමන්ති
කුම්භ රාශිය
ශනි , සස යෝගය, සිකුරු – මාලවී යෝගය, ගුරු ස්වක්ෂේත්‍රව රවි බුධ ආධිත්‍ය, දාමිණි, ගජකේෂරී, වෙශි වොශී උභයචාරි යෝග ආශි‍්‍රතව ලබන්නාවූ නව අවුරුදු උදාව කුම්භ රාශි හිමියනට අතිශය සුබවාදී වෙයි. රැකියා ආදායම් මාර්ග ගෘහ ජීවිතය ඉතාම අභිමානනීය වෙයි. ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමෙහි භාග්‍යය වාසනාව උදාවෙයි. අය 08 වැය 05 ශුභ දින සෙනසුරාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා, බදාදා, සිකුරාදා, ශුභ අංක 08,03,01,05,06 ශුභ වර්ණ – කළු දුඹුරු, කහ,රන්වන්, කොළ, සුදු ශුභ මැණික් – නිල් මැණික්, පුෂ්පරාග, පද්මරාග, පච්ච මරාමිණි, දියමන්ති
මීන රාශිය
බ්‍රහස්පතිගෙන් ලග්නයෙහි හංස යෝගයද සෙනසුරු සහ සිකුරු ස්වක්ෂේත්‍ර බලයෙන්ද රවි බුධ ආධිත්‍ය, වෙශි වොශී උභයචාරි, දාමිණි, ගජකේෂරී යෝග බලයෙන්ද ඔබට සුබසෙත උදාවනවා ඇත. සමාජගත සුබසාධන සේවාවන්හිදී දක්ෂතා මතු කෙරෙයි. රැකිරක්ෂා ආදායම් මාර්ග මෙන්ම ගෘහජීවිතය, ව්‍යාපාරික ක්ෂේත්‍රය අතිශයින්ම සාර්ථක වෙයි.
අය 14 වැය 02, ශුභ දින - බ්‍රහස්පතින්දා, ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා, ශුභ අංක – 03,01,05,06,08 ශුභ වර්ණ - කහ, රන්වන් කොළ, සුදු, කළු, දුඹුරු
ශුභ මැණික් - පුෂ්පරාග, පද්මරාග, පච්ච මරාමිණි, දියමන්ති, නිල්මැණික්
ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - කොත්මලේ
විජිත ඩී. ලියනආරච්චි