බුද්ධියට ධනයට රූපයට බලපාන සඳු ග්‍රහයා

ජනවාරි 31, 2020

දසමසක් කුසේ දරාගෙන අපව බිහිකරපු මව වෙනුවට දෙවන මව වන්නේ ග්‍රහලොව මව ලෙස හඳුන්වන චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා වෙයි. රාත්‍රී උපන් අයට සඳු මව වෙයි.

ඒ උතුම් මවු පදවියේ ගෞරවය පුර පක්ෂයේ සඳු ග්‍රහයා ජන්මියාට නිතරම ලබාදෙයි.

කේන්ද්‍රවල බලවත් වූ පුර පක්ෂයේ සඳු ජන්මියාට සිතේ සතුට, සැනසුම වගේම ඉගෙනුම ලබා දී හොඳ රැකියාවක් ලබාදීම, යහපත් වාසස්ථාන ලබාදීම, යහපත් විවාහයන් ලබාදීම හා විදේශගත වීම, වාහන ලබාදීම, සතුටින් සිටීමට ලැබීම හා මෙලොව හා පරලොව දියුණුවට යහපත් වූ පුණ්‍ය ක්‍රියාවන් කරමින් ජීවිතය යහපත්ව ගෙවීමට පුර පක්ෂයේ බලවත් වූ සඳ මේ කියන ගුණ ලබාදීමට ජන්මියාව පොළඹවාලයි. සිත යහපත් ක්‍රියාවන්ටම යොමු කරවයි.

ඔබගේ රූපය, ලස්සන බව, පි‍්‍රයමනාප බව හා ඉගෙනුම ලබාදීමට සඳුගෙන් විශාල මෙහෙයක් ඉටු කර දෙයි. පුර පක්ෂයේ බලවත් සඳු තම දරුවෙකු ආදරයෙන් රැකබලා ගන්නා මවක මෙන් ජන්මියාව ආරක්ෂා කරයි. දියුණුව යහපත, සිතේ සතුට ලබාදෙයි. උගත්කම හා ධනය ලබාදෙයි. නමුත් අවපක්ෂයේ දුර්වල පාප පීඩිත වූ සඳු ජන්මියාට දුක දීම, පීඩා ගෙනදීම, මනස අවුල් කිරීම, සෙම් රෝග ඇති කිරීම, සෙම නරක් වීම, හතිය ඇතිවීම, ඇදුම රෝග, පපුවේ සෙම් බව මතුවීම, මහා දුක දැනෙන සෙම් මගින් හට ගන්නා රෝග මගින් සඳු ජන්මියාට දුක ලබාදෙයි. නිතරම දුක් කරදරම ලබාදෙයි.

සඳු වෘෂභ රාශිය තුළ මුල් අංශක 3 (තුන) දී අති උත්තම උච්චභාවයට පැමිණෙයි.

වෘෂභ රාශියේ අංශක 27 (විසිහත) සඳුට මුල ත්‍රිකෝණ බලය ලබාදෙයි.

සඳු ග්‍රහයා නීචභාවයට පත්වන්නේ වෘශ්චික රාශිය තුළ අංශක 3 (තුන) දීය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.