ලංකා කුම්භ ලග්න කේන්ද්‍රය බලවත් වෙයි

නොවැම්බර් 22, 2019

ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ නොවැම්බර් මස 5 වන දින ගුරු ග්‍රහයා තමාගේම ස්වශේත්‍ර රාශියට පැමිණ 11 වන්නේ (ධනු) බලවත් වූ අතර ශනි ග්‍රහයා දැනට ධනු රාශිගතව සිටිමින් 2020 ජනවාරි 24 දින මකර රාශිගත වේ. මෙම ප්‍රධාන ග්‍රහ මාරු දෙකම දේශපාලනික ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇතිවේ. ලංකා කුම්භ ලග්නයේ රාජ්‍ය පාලන තන්ත්‍රය 10 වැන්නෙන් කියවෙන අතර ඉන් දෙවැන්න එනම් 11 ධනු රාශිය පාර්ලිමේන්තු කටයුතු, රාජ්‍ය භාණ්ඩාගාරය ගැන කියවේ. එම ස්ථානයට මෙම සුරගුරුගේ පැමිණීම නිසා රටට සුබවාදී අයවැයක් හා පාර්ලිමේන්තුවේ ශුද්ධීකරණයක් ඇති වේ. රාජ්‍ය භාණ්ඩාගාරයෙහි මුදල් නිසි කළමණාකරණයෙන් රටේ සංවර්ධනයට යෙදවේ. රටට යහපත් සංශෝධන සකස් වේ. අලුත් නීති පද්ධතියක් පාර්ලිමේන්තුවේ හා රටෙහි ඇතිවේ. එම නීතිවලට පාර්ලිමේන්තු සාමාජිකයන්ට ද යටත්වීමට සිදුවේ. රටට හිතකර අණපනත් සම්මත වේ. එමෙන්ම ශනි ග්‍රහයා ජනවාරි 24 දින මකර රාශිගතවීමෙන් විදෙස් සබඳතා ඉතා පුළුල් වී රටේ සංවර්ධනයට මුදල් ප්‍රධානයන් තෑගි ලෙස වැඩි වශයෙන් ලැබේ. දුගීභාවය නියෝජනය කරන මෙම ශනි බලවත් වීම තුළ දුප්පත්කම අවම කිරීමට රජයෙන් වැඩිවශයෙන් මුදල් යෙදවේ.ශක්තිමත් අධිකරණ පද්ධතියක් ඇති වී ලොකු කුඩා කාටත් එකසේ වරදට දඬුවම ක්‍රියාත්මක වේ. වංචා දූෂණ අවම වේ. කාලයට පසු කෘෂිකර්මාන්ත ය, පතල්, වැවිලි කර්මාන්තවල ශීඝ්‍ර දියුණුවක් ඇති වී දුප්පතාගේ අතමිට සරු වේ. කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සිදුවේ. රට ස්වයංපෝෂිත වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.