බ්‍රහස්පති, සිකුරු යුද්ධයෙන් බ්‍රහස්පතිට ජය

නොවැම්බර් 22, 2019

චන්ද්‍ර ශුක්‍ර, චන්ද්‍ර ගුරු, ෂඩ් කෝණ දෘෂ්ටිය ද චන්ද්‍ර කුජ - ශුක්‍ර ගුරු සම සප්තම දෘෂ්ටියද වෙශී වොශී උභයචාරී අමල ශූල සහ ගුරු ශනි යෝගබලද, වෘෂ්‍ය උදා රාශිගතව නොවැම්බර් 24 රිවිදින පස්වරු 07.05 ට රසකාමි සිකුරු අප්සරාවිය, සුරුගුරු වූ බ්‍රහස්පති සමග ග්‍රහ යුද්ධයක් සිද්ධ වෙන්නේ ය.

ශ්‍රී ලාංකේය නිදහස් කුම්භ රාශි ග්‍රහ සටහන නිර්මාණය වෙනුයේ අසිරිමත් ආකාරයෙනි. වක්‍ර නැප්චූන්, සමව කුම්භ රාශි ලග්න ගතවද වක්‍ර යුරේනස් සමව 3 වැන්නවූ වික්‍රමස්ථාන ගතවද රාහු මිත්‍රශීලීව 05 වැන්නේ ද කුජ, චන්ද්‍ර සමවද නිවෘති බුධ මිත්‍රශීලිවද 09 වැන්න වූ භාග්‍යස්ථානයගතවද මිත්‍රශීලී වූ රවි දහ වැන්න වූ කර්මස්ථානගතවද ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව බ්‍රහස්පතිද නිවෘති ප්ලුටෝ සහ කේතු මිත්‍රශීලිවද ශනි, සිකුරු සමවද 11 වැන්න වූ අයස්ථානගතවද යෙදී විද්‍යාමාන වෙනු ලබන්නාවූ බ්‍රහස්පති සිකුරු සටනෙන් බ්‍රහස්පති විජයග්‍රහණය කරන්නේ ය.

අධි ලිංගික කාම පිපාසයෙන් රාග උන්මාදය ඉහවහ ගියා වූ තරාතිරමක් නොසළකා ස්ත්‍රී දූෂණ පුරුෂ අපචාර කාමුක අපරාධ රැල්ලක් ලැව්ගින්නක් සේ බුර බුරා ඇවිළෙන සුළුවෙයි. සිකුරු ග්‍රහයා ලෞකික දිවි පුරාවට සක්වළ ධජපතාක නංවන සුළු රසලෝලී ග්‍රහ තාරකාවියගේ බැල්මට ගොදුරුවෙන්නේ ය. එසේම මත්පැන්, මත්ද්‍රව්‍ය, ගණිකා නිවාස, සමාජ ශාලාගත අවනඩු ආරෝහණය ඉහවහ යනු පෙනෙයි. ජන සම්මතවාදී නීතිය හමුවේ දැඩි දඬුවම් විඳ දරාගනු ලබන බවක් ද දස දෙස පැතිර යනු ඇත.

කලාකාමීන්ටත්, මෙකී ක්ෂේත්‍රයටත්, චිත්‍රපටි, නළුනිළියන්ට සහ ප්‍රභූ වනිතාවනට සිකුරුගේ පරාජිතබව හේතු කොටගෙන විවිධ අර්බුධ ගැටුම් හානිකර අහිතකර බවක් ද ග්‍රහණය වෙන සුළුවෙයි. සබඳතා අනියම් සබඳතා, ප්‍රමාද වූ මංගලය කාර්යයන් සහ දික්කසාද නඩු පණත් මුවහත්ව සප්‍රාණිකබවක් ගෙනදෙයි.

07 පිටුවට....

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.