බ්‍රහස්පති ධනු රාශියට

ඔක්තෝබර් 11, 2019

ග්‍රහ මණ්ඩලයේ බුද්ධිමත්ම ග්‍රහයා වූ බ්‍රහස්පති ග්‍රහයා තමාට ස්වක්ෂේත්‍ර රාශි භවනක් වූ ධනු රාශියට 2019 නොවැම්බර් 5 වන කුජ දින පාන්දර පහපසුවී විනාඩි 25 ට පිවිස කේතුට අයත් මුල නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් සුවසල නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රසල නැකතේ ප්‍රථම පාදයේ ගමනින් 2020 මාර්තු මස 30 වන සඳු දින පාන්දර 3 පසු වී විනාඩි 48 දක්වාම බලවත් ගමනක බ්‍රහස්පති යෙදෙනු ඇත.

මෙම වකවානුව තුළ පුවත් මැවෙන කාලයක් වන අතර ජනතාවද අලුත් අලුත් පුවත් දැන ගැනීමට දැඩි උත්සාහයක් දක්වන කාලයක් වේ. රට තුළ දරු උපත්වල වර්ධනයක් සිදුවන කාලයක් වන අතර රටේ මූල්‍යම කටයුතුවල ඉහළ තත්ත්වයක් ද ඇතිවෙමින් ද යම් යම් ආයෝජන විදේශීය උපකාර ද රටට ලැබීම තුළ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්වන කාලයක් ද වනු ඇත. තැපැල් හා දුම්රිය කටයුතුවල ප්‍රගතිය වෙනුවෙන් රජය වැඩි වශයෙන් මුදල් යෙදවීම් කරනු ඇත.

මෙම වකවානුව තුළ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට පංච මහා පුරුෂ යෝගබලයක් වන ගුරු හංස යෝගයේ ඵල ලැබෙන අතර ඉහත ලග්නවලින් උපදින අයට ද ඵල අත්වනු ඇත. රටේ ප්‍රසිද්ධ උගත් යම්කිසි ප්‍රධානියකු බවට පත්වීමට අවස්ථාව ද ගන්න හැකියාවන් සහිත බුද්ධිමත් තැනැත්තකුවීමටත් මෙම වකවානුව තුළ උත්පත්තිය ලබන දූ දරුවන් හට වාසනාව ලැබෙනු ඇත.

මේෂ, සිංහ, තුලා, කුම්භ ලග්න හිමියන්ට බ්‍රහස්පති ධනු රාශිගතවීම තුළින් මිශ්‍රඵල අත්වන අතර අන් ලග්න හිමියන්ට නිතර බෝධීන් වහන්සේට සාත්තු කිරීමත්, බෙලි මල් ඇතුළුව කහපාට මල් වර්ග පූජා කිරීමත්, කහපාට වස්ත්‍ර දන්දීමත් ධාන්‍යවලින් සෑදූ ආහාර දන්දීමත් තුළින් අයහපත් ඵලවලින් මිදීමට හැකියාව ලැබෙනු ඇත.

 

ඡ්‍යොතිෂවේදී-

රේණුක වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.