ඔබේ ජන්ම පත්‍රයේ ලග්නාධිපති සුබ තැනකද?

සැප්තැම්බර් 20, 2019

පොදුවේ ලාංකික අප ජන්ම පත්‍ර පරීක්ෂාකර ගැනීම නිරතුරුව සිදුකරන අතර හැමවිටම අසන්නට ලැබෙන්නේ ලබා ඇති මහා දශා කාල හා එයින් සිදුවන දුක සැප පමණි.

එහෙත් කේන්ද්‍රය අතට ගෙන අසවල් මහදශාව ලැබ දැන් ඔබට ඉතා ශුභයි කියූ පමණින් සුබපල නොදිමත් අශුභ කාලයක් කියා කියූවිට අශුභ ක්‍රියාවන් සිදු නොවීම නිසාත් ඡ්‍යොතිෂවේදීන් බොහෝවිට නින්දා අපහාසයට ලක්වීම අද සුලභව සිදුවේ. බොහෝ විට ලග්න පලාපල කීමේ දී ලග්නාධිපතිව හා නවාංශකාධිපති ගැන සොයා බලා පලාපල කියන අතර ලග්නාධිපතියා ලග්න කේන්ද්‍රයේ ලග්නයේ තැම්පත් වීම තුළ එයට අදාළ ගුණ කියනු ඇත. ලග්නාධිපතියා උච්චවීම එයට අයත් ගුණ ද නීච වූ විට එයට අයත් ගුණද කීවද බොහෝ විට එම පලාපල සම්පූර්ණයෙන් නිවැරැදි වන්නෙ නැත. උදාහරණ ලෙස ගතහොත් සිංහල මිනිසකු මුස්ලිම් මගුල් ගෙදරක යෑම එහිදී තමා නොදන්නා පිරිසක් අතර නොදන්නා භාෂාවක් කතා කරන අය සිටින තැන තමාට රිසිසේ නිදහසේ සිටීමට නොහැකිය. ලග්නාධිපතියා නීචවූ විට මෙහි අනික් පැත්ත වේ. උදාහරණ ලෙස ගතහොත් තමන් ඉපදුණ ගමේ සැලකිල්ලට ලක් නොවන පුද්ගලයෙකු පිටගමකට පදිංචි වී එම ග්‍රාමයෙ ප්‍රධානියා වීම, සමිති සමාගම්වල නිලතල ලබා ගැනීම ආදිය මෙන්ම නීච වූ විට සියල්ල අහිමිවීමද සිදුවිය හැකි ය.

ලග්නාධිපති ලග්නයේ සිටීම

මෙහිදී රවි, සඳු, කුජ, ගුරු, බුධ, සිකුරු හා සෙනසුරු තැම්පත්වීම තුළ ලග්නාධිපතියා එම ග්‍රහයන්ගේ ස්වරූපය විදහාපානු ඇත. එහි දී ජන්මියා තම උත්සාහය හා අධිෂ්ඨානය පෙරදැරිව දියුණුවට පත්වන අතර නිරන්තර දියුණුව ගැන සිත යොමයි. ඕනෑම දෙයකට මුහුණදිය හැකි අයකුවන ඔහු අටලෝ දහමින් කම්පා නොවන පුද්ගලයකු වීමට ඉඩකඩ වැඩිය. ලග්නය තිර රාශියක් නම් එක අදහසින් වැඩ කරන නොනැමෙන සුළු ගතිය ඇති අයකු වේ. තිර රාශි යනු වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශිය, චර රාශියක් නම් බොහෝ විට ජන්මියා චංචල අදහස් ඇත්තකු වේ. අනුන්ට කරදර කිරීමට කැමති නැති අයකු වේ. මෙහිදී චර රාශි වන්නෙ මේෂ, කටක, තුලා, මකර යන සතර ය. තවද මිථුන, කන්‍යා, ධනු හා මීන ලග්නයත් උභය රාශි වේ. මෙවැනි අය විටෙක අදහසකින් ඉහළට යන අතර තවත් විටෙක වෙනස් අදහසකින් එයම වෙනස් විදියට කිරීමට කටයුතු කිරීම දැකිය හැකි ය. ලග්නාධිපතියා ලග්නයෙ සිටින අය උපන් තත්ත්වයට වඩා කීප ගුණයකින් උසස් තත්ත්වයට පත්වේ.

ලග්නාධිපතියා දෙවැන්නේ පිහිටීම

ලග්නාධිපතියා දෙවැන්නෙ පිහිටීම තුළ ජන්මියා බොහෝවිට තම දියුණුව ගැන සිත යොමු කරන අතර තමා පිළිබඳ වැඩි වර්ණනා ඇති අයකු වේ. මිල මුදල් යාන වාහන නම්බුව ගැන වැඩි සැලකිල්ලක් දක්වන අතර සල්ලි තියෙනම් ජීවිතය දිනිය හැකි බව සිතයි. එහෙත් අයථා ක්‍රම වලින් මුදල් නොසොයයි. බොහෝ විට යහපත් ලෙස සමාජයෙ ජීවත් වීමට උත්සහා ගන්නා අතර ඒ ඒ ග්‍රහයන්ගෙ බල දුබලතා නිසා යම් යම් ගැටලු ඇතිවීමට ඉඩ ඇත. එනම් සිකුරු දුර්වලව පිහිටීම තුළ ඇස් රෝග, මුඛ රෝග, (පිළිකා) ආදිය ඇතිවීමට ඉඩකඩ ඇති අතර චන්ද්‍රයා දුර්වල වීම තුළ පි‍්‍රයමනාප භාවය අහිමිවීම, මුහුණෙ කැළැල් ඇතිවීම දැකිය හැකි ය. මෙවැනි අය බොහෝ අවස්ථාවලදී තම සහකරුට සහකාරියට දරුවන්ට තදින් ඇලුම් කරන අතර ඔවුන් හා ගැවසීම සිත සතුට සේ සිතයි.

ලග්නාධිපතියා

තුන්වැන්නේ පිහිටීම

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.