රාජයෝග සමගින් රවි කන්‍යා රාශියට

සැප්තැම්බර් 13, 2019

රාජ්‍ය වර්ෂ 2019 සැප්තැම්බර් මස 17 වෙනි කුජ දින සිංහල පැය 17.10 න් ලෝක පාලක සූර්ය දිව්‍ය රාජතෙම බුධ හිමි කන්‍යා රාශියට පැමිණ 2019 ඔක්. 17 දින දක්වා එහි ගමන් කරනු ඇත. තුරුපල් තුන, හත, සිත, දෙක, කන්‍යා, රැස කීවාසේ රවි හිමි උත්‍රපල් නැකතේ 2, 3, 4 පාදත් හත නැකතේ පාද හතර හා සිත නැකතේ 1 - 2 පාද යන නැකත් පාද 9 ය සම්පූර්ණ වීමෙන් කන්‍යා රාශිය සෑදී තිබේ. රවි කන්‍යාවේ ගමන් කරන කාලය තුළ සැප්. 25 වෙනි දින කුජ කන්‍යාවට පැමිණීම සැප්. 29 දින බුධ තුලා රැසට යාමත් ඔක්. 04 දින සිකුරු තුලා රැසට යාමත් සිදුවන අතරම සැප්. 29 දින බුධ තුලා රැසට යන තෙක් රවි, බුධ කන්‍යාවේ ‘භද්‍රා’ රාජයෝගය ලබා දෙමින් එහි ගමන් කරන අතර, ඔක්තෝබර් 04 සිට ඔක්. 28 සිකුරු වෘශ්චික රාශි ගතවනතුරු සිකුරුගේ ‘මාලවී’ නම් ප්‍රබල මහා පුරුෂයෝග යෙදෙනවා ඇත. කන්‍යා රාශියට රවි ප්‍රවේශවන අවස්ථාවේ ගුරු හිමි ධනු රාශිය පවතින අතර බුධ හිමි මිථුන නවාංශකයද ලබා ඇත. මේ අවස්ථාවේ අස්විද නැකතද ගෙවෙමින් තිබේ.

දැන් අපි තත්කාල ග්‍රහ පිහිටීම් දෙස බලමු. ශනි, කේතු ලග්නගතවද, තුන් වැන්නේ නෙප්චූන්ද (වක්‍රව) පස් වැන්නේ සඳු හා වක්‍ර යුරේනස්ද හත් වැන්නේ රාහු හා නව වැන්නේ කුජ ද දහ වැන්නේ රවි, බුධ, සිකුරු ද දොළොස් වැන්නේ නිවෘත ගුරු ද සිටී. සැප්. 18 දින ශනි නිවෘත වේ. මෙම ග්‍රහ පිහිටීම් දෙස බලන විට සැප්. 17 සිට ඔක්. 17 දක්වා කන්‍යා රවිය රටටත් ජනතාවටත් ඉතා වැදගත් මාසයක් වේ. මැතිවරණ උණුසුම වැඩිවේ. හදිසි මැතිවරණවලට කාලයයි. විදේශ බලපෑම් සිදුවේ. මහජනයා අතර නොසන්සුන් තත්ත්ව ඇතිවේ. ජනයා කලකිරුණ ස්වභාවයක් ගනී. ස්වභාවික පාරිසරික විපත් වැඩිවේ. කාලගුණික තත්ත්ව නරක අතට හැරේ. මාර්ග අනතුරු වැඩිවේ. වෙළඳ ව්‍යාපාරවලට හොඳ කාලයක් නොවේ. විනෝද ශාලාවල ගැවසෙන්නන්හට හානි සිදුවේ. හදිසි ගිනි ගැනීම් ඇතිවේ. ඉහත ක්‍රියාවලට සම්බන්ධ වූවන්ට විපත්, නීති විශාරදයකුදට මාරක විපත්, ආගම දහමට නිගරු කරන්නන්ට දිට්ඨ ධම්මවේදනී කර්ම රාජකීය ප්‍රභූ කුලකාන්තාවකට ද විපත් මෙම විපත්වලින් මිදීමට තම ආගම ධර්ම මූලික කරගෙන ක්‍රියා කරන මෙන් ඉල්ලා සිටිමු. සැමට සුබසෙත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.