පෝරුවෙන් බැස්සට පස්සේත් සුබ නැකත් වැදගත්

අගෝස්තු 16, 2019

අද නවීන පන්නයේ විවාහයන් සිදුකරන්නේ හෝටල් උත්සව ශාලාවන්හිය. හෝටල් අධිපතියා දෙන දිනයක් මත තම ජීවිතයේ වැදගත්ම අවස්ථාව තීරණය කිරිමේ කලාවක් දෝලනය වේ. එසේ නැත්නම් හෝටල් හිමිකරුවාගේ කාලසටහන අනුවය. තවද නිවාඩු දිනවල සෙනසුරාදා , ඉරිදා දිනවලත් විවාහ සිදුකරන බැව් රහසක් නොවේ.

මෙම දිනවල පංචාංගය පිළිබඳව අවධානයක් යොමු නොවේ. සමහර විට එදිනයන්හි අශුභ මරයෝග යෙදී තිබෙන්නට පිළිවන. එහෙත් ඡ්‍යොතිෂවේිදියාට විවාහයට නැකත් සෑදීමට පැවරේ.

සිය සේවාදායකයාට කරුණු කොතෙක් පැහැදිළි කළත් ඵලක් නොවන අවස්ථාවන්ද උදාවේ. පංචාංගය ශුද්ධ නොවූ දිනක විවාහය සිදුකිරීමෙන් අශුභ ඵලවිපාක අත්විඳින්නට සිදුවන බැව් නම් වඩාත් පැහැදිලිය.

කළ යුත්තේ දෙදෙනාගේම ග්‍රහ හැසිරීම් රටාවට අනුව ඉතාම සුබ දිනයක් තෝරා ගැනීමය. පෝරුවෙන් බැස මධුසමය ගත කිරීමට තිබෙන වේලාවන් අශුභ නම් කරන්නේ කුමක්ද යන්න සිතා බැලිය යුතුයි. දෝෂ රහිත නැකත් තෝරා බේරා ගැනීමද අතිශයින්ම දුෂ්කර කාර්යයක් බැවින් මේ ගැන දෙපක්ෂයම බුද්ධිමත් වීම මැනවි.

සුබ මොහොත ගත යුතු වැදගත් අවස්ථාව මෙසේය. නම් ප්‍රසිද්ධ කිරීම, මගුල් මඩුවට කනු සිටුවීම. බුලත් දීම තෙල් වළං ලිප තැබීම, මේසය ඉඳුල් කිරීම, තැල්ල හෝ උඩරට ඇඳුම නම් තිප්පොට්ටිය තැබීම වැදගත්ම කාර්යයක් වේ. මේ සමඟ තවත් ශූභ මොහොතින් කළ යුතු කාර්යයන්ද ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ

වාස්තුවිද්‍යාවේදී

දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.