අගෝස්තු 17 දක්වා ජන ජීවිතයට විෂමාචාර කාලයක්

ජූලි 26, 2019

සිකුරු ,සෙනසුරු සහ චන්ද්‍ර බුධ සප්තම දෘෂ්ඨියෙන්ද ලග්නාධිපති මෙන්ම 06 වැන්න වූ රෝග සතුරු ස්ථානාධිපති සිකුරු සමව මිත්‍රශීලිවූ රාහු සමඟ 02 වැන්නා වූ ධනස්ථානගතව තත්කාලීන උදාරාශිය වන සිකුරු හිමි වෘෂභයෙහි තැම්පත්වීම ව්‍යවස්ථාදායකය අවුල් බවට පත්වීමකි.

එපමණක් නොව මැතිවරණ උණුසුම දැඩි වේ. රවි මිත්‍රශීලිවද අඟහරු නීචවද බුධ සතුරුවද 03 වැන්නවූ වික්‍රම ස්ථානගතවීම මෙන්ම වෘෂභයෙහි 08 වැන්න මෘත්‍යු ස්ථානයටද 11 වැන්නවූ අයස්ථානගතවූ රාජ්‍ය විධායක ක්ෂේත්‍රයටද බලපාමින් වක්‍රවූ පීඩිත දුර්වල බ්‍රහස්පති සමව 07 වැන්නවූ ජන ජීවිතය පුරාවට ඉහවහයන උභතෝ කෝටික ගැටුම්කාරිබවක් විද්‍යමාන වීමෙකි.

එපමණක් නොව මහ මැතිවරණ වේදිකාවේ බල අරගලය විපරීත ස්වභාවයක් උසුළනු ලබනු බැව් කටක රවියේ ග්‍රහ ගමන්මඟ නිවේදනය කෙරෙයි.

ඡ්‍යොතිෂවේදී - කොත්මලේ

විජිත ඩී.ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.