විවාහයට බලපාන අධි ශක්තිය

ජූලි 19, 2019

විවාහය සඳහා පොරොන්දම් ගැළපීම පමණක් ප්‍රමාණවත් නොවන බව බොහෝ දෙනෙකු මේ වන විට දැනුවත් වී ඇති අතර ග්‍රහ පිහිටීම් ගැනද සොයා බැලීම දක්නට ලැබේ. පොදුවේ පරික්ෂා කරන රවිගේ, චන්ද්‍රගේ ලග්නාධිපතිගේ, කුජගේ හා සිකුරුගේ බලයට අමතර ව සත්වැන්නාධිපති, සත්වැන්න හා සමස්ත සියලු ග්‍රහයින් ජන්මියා වෙත ප්‍රදානය කරන බලය වැඩියෙන් කුමන දිශාවක් කෙරෙහි බලපවත්වන්නේද යන්න සොයා බැලිය යුතුය.

මෙය විවාහය පමණක් නොව ඕනෑම කරුණක් විමසීමේදී සොයා බැලිය යුතුය. නමුත් මෙහිදී අප විසින් උදාහරණ දෙකක් මගින් පැහැදිලි කිරීමට උත්සාහ කරනුයේ විවාහය වෙත අධිශක්තිය යොමුවන ආකාරයයි.

පළමු කේන්ද්‍ර සටහන විමසීමේදී මෙම පුද්ගලයාගේ රවි ලග්නයේම බලවත්ව කුජ හා කේතු සමඟ සිටියි. රවි කුජ සමඟ වීමද දසවැන්න අධිපති බුධ, චන්ද්‍ර සමඟ වීමද හේතුවෙන් මොහු කාර්මික ක්ෂේත්‍රය හා සම්බන්ධ නව නිපැයුම් පිළිබඳ ව්‍යාපාරයක යෙදී සිටියි. තමන් යටතේ සේවකයන්, විශාල ප්‍රමාණයක් සිටින අතර දසවැන්නාධිපති දෙවැන්නේ බැවින් විශාල ලෙස මුදල් උපයන්නෙකු වේ. කේතුගේ බලපෑමෙන් ශරීර ප්‍රමාණය හැඩි දැඩි නොවූවත් යහපත් පාලකයකු වන අතර සේවකයින්ටද හොඳින් සලකයි.

මොහුගේ විවාහ ජීවිතය පිළිබඳ සැළකීමේදී සම්බන්ධතා ගණනාවකට පසු විවාහයක් සිදු වුවද එය නොබෝ කලකින් බිඳ වැටුණි. ඉන් පසුද කලින් කලට සබඳතා ඇති වුවද විවාහය දක්වා ගමන් නොකළේය.

මෙයට හේතු විමසීමේ දී හත්වැන්නාධිපති වෙත අටඅධිපති ගුරු සතුරු රාශියක සිට යොමුකරන බැල්ම යහපත් නැත. ඊටත් වඩා සත්වැන්න වෙත යොමුවන අධි ශක්තිය බලවත් ය. රාහු සත්වැන්නේ පිහිටා ඇති අතර ඊට බලවත් වූ රවි, කුජ, කේතු. ශනි, ගුරු ආදි ග්‍රහයින් පස් දෙනෙකුගේ බලපෑමක් ලැබෙයි. මෙම ප්‍රධාන හේතුව නිසා මෙපමණ බලයක් සත්වැන්නේ නොවන අයකු සමඟ විවාහ වීමෙන් විවාහය පවත්වාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතු වන්නේය. පැමිණෙන අශුභ ග්‍රහ තත්කාල සමයන්හි දී විවාහ බිඳ වැටීම පිළිබඳ දැඩි අවදානමක් ඇති වන්නේ ය. ඉහත පුද්ගලයාගේ පළමු විවාහය බිඳ වැටීමට මෙම අධිශක්තිය ප්‍රබල හේතුවක් වී ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.