වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ග්රහයින් සතර දෙනකු කටක රාශිගතවේ
ප්රබල භූචලනයක්
ග්රහ මණ්ඩලයේ ප්රධාන ග්රහයින් සතර දෙනකු චර රාශි භවනක් වන කටක රාශිගතව ගමන් කිරීමක් සිදුවනු ඇත. ඒ අනුව රවි 2019 ජූලි 17 වන බුධ දින පාන්දර 4.33 සිට අගෝස්තු 17 වන ශනි දින දහවල් 1 පසු වී විනාඩි 2 දක්වාත් බුධ ග්රහයා වක්ර ගමනින් ජූලි 30 වන දින දක්වාත් නැවතත් සුපුරුදු ගමනින් ගමන් අරඹා අගෝස්තු 3 වන ශනි දින පාන්දර 5.51 සිට අගෝස්තු 26 වන සඳු දින දහවල් 02.07 දක්වාත් සිකුරු ග්රහයා ජූලි 23 වන දින දහවල් 12.49 සිට අගෝස්තු 16 වන කිවිදින රාත්රී 08.39 දක්වාත් අඟහරු අගෝස්තු 9 වන දින පාන්දර 4.47 දක්වාත් කටක රාශිගතව ගමන් කිරීමක් සිදුවනු ඇත.
අප රට තුළ නාවික හමුදාවේ දියුණුව වෙනුවෙන් රජය විසින් යම් ප්රතිසංස්කරණ වැඩ පිළිවෙළක් දියත් කරන කාලයක් වේ. වැඩ කරන සේවක පිරිසක් ආහාර විෂ වීමක් මත එකවර රෝහල් ගත කිරීමක්ද වාර්තා වන අතර රජයේ ප්රධාන නිලධාරියෙකුට ඉතා අශුභ මාරක වුත් අපල සහිත කාලයකි.
විදේශීය වශයෙන් ගොවිතැන්වලට හානි වීම්ද භූමිය ආශි්රත විපත් ද පතල් කඩා වැටීම් පතල් ආශි්රත අනතුරු වැඩි කාලයක් වන අතර රිට්ට මාපාංක 7 ඉක්මවූ භූචලනයක් ඇතිවීමෙන් අපල ජීවිතවලට බලපෑම් ද ඇතිවන අතර ව්යාපාරික ස්ථාන ගොඩනැගිලි, ගිනි ගැනීම්වලට ලක්වීමක් ප්රසිද්ධ කාන්තාවකට මෙන්ම රාජ්ය ප්රධානියකුට හෝ නිලධාරියකුට ආරක්ෂක ප්රධානිකයකුට මාරක අපල ඇති වන කාලයක් ද වේ.
ඡ්යොතිෂවේදී
රේණුක වික්රමසිංහ