සිකුරු සතුරු රාශිගත වේ. දරුවන් පරිස්සම් කරගන්න

ජුනි 28, 2019

ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාට සතුරු රාශි භවනක් වන සඳුට අයත් කටක රාශියට 2019 ජුලි 23 වන කුජ දින දවල් 12.49 ට පිවිස බ්‍රහස්පතිට අයත් පුනාවස නැකතේ හතරවන පාදයෙන් සෙනසුරුට අයත් පුෂ නැකතේ සම්පූර්ණවත් බුධට අයත් අස්ලිස නැකතේ සම්පූර්ණවත් ගමනින් 2019 අගෝස්තු මස 16 වන කිවිදින රාත්‍රී 8 පසු වී විනාඩි 39 දක්වාම සිකුරු සතුරු රාශියෙහි ගමන් කරනු ඇත. විශේෂයෙන් 2019 අගෝස්තු මස 9 වන කිවිදින දක්වාම නීච වූ අඟහරු සමග යෝගව සිකුරු ගමන් කරනු ඇත.

කුඩා ළමයින්ට සිදුවන අනතුරුවල ඉහළ යාමක් සිදුවන කාලයක් වන බැවින් ගංගා, මුහුදු ආශි‍්‍රතව දිය නෑම් කිරීමේදීත් මහ මග ගමන් කිරීමේදීත් දූ දරුවන් ඉතා පරිස්සම් විය යුතු කාලයකි. වෙළඳ ව්‍යාපාර හා බැංකු ආශි‍්‍රතව අශුභ සිදුවීම්ද රට තුළ වෛරස් රෝග අවදානමක් පැතිර යාමෙන් රෝගීන්ගෙන් රෝහල් පිරීයන කාලයක් ද වේ. ජනපි‍්‍රය කාන්තාවකට මාරකද දේශපාලන කටයුතුවල නියැළි කාන්තාවකට ඉතා අයහපත් කාලයක් වේ.

ඡ්‍යොතිෂවේදී

රේණුක වික්‍රමසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.