2024.02.18 ඉරිදා - ලග්න සහ රාහු කාලය

පෙබරවාරි 18, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.27
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - සවස 04.52 - 06.22
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. අලුත් දේ ඉගනීමට කටයුතු යෙදෙන බවක් පෙනේ. සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි.

වෘෂභ

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

මිථුන

වගකීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අඩුපාඩුකම් කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දැරිය යුතු දිනයකි.

කටක

නිතර පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. සතුට සැනසීම හිමිකරන කටයුතු කීපයක් යෙදේ.

සිංහ

දුරගමනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සමාජසේවා කටයුතුවලින් ප්‍රශංසා මෙන්ම ප්‍රසිද්ධියට ද කරුණු ඇති කරයි. වගකීම් බහුල දිනයකි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවක් පෙනේ. කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසේ. දරුවකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි.

තුලා

ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. ශාරීරික වෙහෙසීම් වැඩි කරන දිනයකි.

වෘශ්චික

කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති බවක් පෙනේ.

ධනු

වගකීම් බහුල කරයි. පවුලේ කටයුතු සම්බන්ධ මූලිකත්වයක් ගැනීමට සිදුවේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. තනිමතයට කටයුතු කරන දිනයකි.

මකර

ගතට සිතට උදාසීන බවක් ඇති කරයි. නිතර තම ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත්වන්න. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික වන දිනයකි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත.

කුම්භ

ශරීර සෞඛ්‍යය අතින් යහපත් දිනයකි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් සහභාගිවීමට අවස්ථාව උදා කරයි. අමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ.

මීන

ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. වෙනදාට වඩා පවුලේ කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.