අපේ දේ වැළඳගෙන ව්‍යසනයෙන් වැළකෙමු

දෙසැම්බර් 11, 2020

අපේ රටේ බොහෝ දෙනෙකු බටහිර රටවල දේවලට බටහිර සංස්කෘතියට ආවඩන අපේ දෙයට ගරන පිරිසක් ලෙස කාලයක පටන් අපට පෙනෙන්නට තිබෙන කාරණයකි. සිතුම් පැතුම් ගත්තත්, කෑම බීම, භෞතිකමය දෙයක් ගත්තත් පිටරට නම් ඒවා ඉතා ඉක්මනින් වැළඳ ගැනීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. ලෙඩ රෝගයක් වුවද පිටරටින් එනවා නම් එය සනීපෙට බාරගන්නා අයද නැතුවා නොවේ. ඒඩ්ස් ඒ අතර වෙයි. කොවිඩ් 19 ද එසේ නොවන්නේ ද? හෙරොයින්, අසීස්, අයිස් වැනි හා කේරළ ගංජා ද ඒ අතර වෙයි. ඒ කොයි හැටි වෙතත් වසංගත පවා අපට ආවේ පිටරටින් නොවේද?

එහෙත් අපේ දේ පරිශීලනය කරන අපේ දේ ආහාරයට ගන්නා අපේ සිතුම් පැතුම් අනුව සිතන කිසිවකුට ඉහත කී ව්‍යසනයයන්ගෙන් උවදුරු නොවීය. වර්තමානය වන විට මේ විවෘත ආර්ථිකය නිසා අපේ දේ අපිට අහිමි කරන්නට හේතු වී තිබෙනවා පමණක් නොව විශාල දාමයකින් අපව වෙලාගෙන සිටින අයුරක් ද දකින්නට තිබේ. ඒ කොයි හැටි වෙතත් ඒ ගැටලුකාරී යටත්විජිතවාදී මානසිකත්වයෙන් මිදී සිටීමට අපිට අපේ දේ වැළඳ ගන්නට මේ කොවිඩ් වසංගතය අපට ඉතා හොඳ පණිවුඩයක් අවකාශයක් ලබාදී තිබුණද, ඉන් ප්‍රයෝජන ගැනීමට මැලිවන පිරිසක් අප අතර තවමත් හිඳින බව නම් නොරහසකි.

මේ කොවිඩ් වසංගතයට ලොවම විවිධ එන්නත් ප්‍රතිකාර පිළිබඳව සොයන වකවානුවේ අපේ රටේ ද අපිටම ඔබින අපේ හෙළ වෙදකම ආයුර්වේදය වැනි උතුම් වෛද්‍යක්‍රම මඟින් ඊට සුදුසුම ඖෂධ සොයාගෙන තිබියදීත් එයට ගරහන එය හෙළා දකින අය සිටින බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුව තිබේ. ටයි කෝට් අඳින සමහර අය රෙද්ද බැනියම අඳින අය දෙස මහත් පිළිකුළෙන් බලන මෙවන් අවදියක පිටරට ගැති ඒ අසීලාචාර සංස්කෘතියට වඩා අපට අපේකම වටින බව දැන්වත් සිතට ගතයුතු කාලය එළඹ තිබේ.

කෑගල්ල ප්‍රදේශයේ වෙසෙන ගැමි වෙද මහතකු විසින් මේ කොවිඩ් රෝගයට පිළියමක් ලෙස වටිනා ඖෂධයක් සොයාගෙන තිබියදී එයට ගරහන එය සොයාගත් වෙද මහතාගේ තරාතිරම, උස්මිටිකම් සොයන පිරිසට සිදුවන්නේ මේ ලෙඩෙන්ම මියනවා හැරෙන්නට වෙන යමක් නොවේ. අපේ දේ තිබියදී පිටරටට ආවඩන අපේ දේ පිළිකුලට භාජනය කරන උඩඟු මිනිසුන් සිටියේ අද ඊයේ නොවේ.

ඉතා හැදියාවක් තිබෙන අදීන ඉතිහාසයක් තිබෙන මේ ශ්‍රී ලාංකික නාමය ලොවේ ඉහළින්ම තබන්නට කටයුතු කළ එදා අපේ හෙළයින් තවමත් අපට ආඩම්බර විය හැකි සංස්කකෘතියක් ඉතිරි කර ගියහ. අපේම වාසනාවටය. අවුකන, කලාවැව ඇතුළු රජ රට සියලු දාගැබ් වැව් අමුණු හා වෙනත් අපේ යන සංස්කෘතික වූ උරුමයන් අපට ඉතිරි කළ ඒ උදාර ජාතිය, පිළිබඳ ඒ අයගේ තානාන්තර හා ඒ අයගේ අනන්‍යතාව සෙව්වේ නම් එදා ඒවා ඉදි නොවන්නට ඉඩ තිබුණි. එහෙයින් දැන්වත් මුදලට බටහිරට ගැති නොවෙමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.