ගත්තොත් ලොත් කතුන් වෙයි බලවත්

නොවැම්බර් 8, 2024

“වෙද මහත්තය කොහොමද? අපිත් ගොඩක් දවසකින් බෙහෙත් සාප්පුවට ආවෙ.”

“වරදක් නැහැ. ඉස්කෝලේ නෝනා මොකද හදිසියේම මේ පැත්තෙ ආවෙ?

“වෙද මහත්තයෝ. අපේ මේ දුවට බෙහෙත් ටිකක් ගන්න කියලා...”

“ඇයි. මොකද දුවට? මට පේන්න නම් අසනීප තත්ත්වයක් නැහැ. හැබැයි ටිකක් කෙට්ටු ගතියක් නම් තියෙනවා?”

“ඔව්. වෙද මහත්තයෝ දුව කෑම කනවත් අඩුයි. නිතරම ඇඟට පණ නැහැ කියල නිදා ගන්නවා. ඇඟ උනුකරල යන ගතියත් තියෙනවා.”

“ආ එහෙනම් මේ කාරණය තමයි ලෙඩේට මුල. ඇඟ උනුකරල යනව කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ කියන සෝම රෝගය වගේ තත්ත්වයක්. ඒ වගේම ප්‍රදර රෝගවලදිත් කෑම කන්න බැරි ගතියත්. ඇගට පණ නැති ගතියත් තියෙනවා. ඇඟ කෙට්ටු වෙනවා වගේම බරත් අඩු වෙනවා.”

“වෙද මහත්තයෝ මේ අසනීපය.ආයුර්වේද බෙහෙත්වලින් හොඳ කරන්න පුළුවන් නේද?”

“ඔව් ඉස්කෝලේ නෝනා. මේ අසනීප තත්ත්වයට අපේ බෙහෙත්වලින් හොඳ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉස්කෝලේ නෝනා. මේ අසනීපවලට හොඳම බේත තමයි ලොත් කියන ඖෂධයෙන් සකස් කළ ඖෂධ යෝග.”

“ලොත්? ඒ මොනවගේ බෙහෙතක්ද වෙද මහත්තයෝ? මීට කලින් කවදාවත් අහල නැහැනෙ”

“ඉස්කෝලේ නෝනා ලොත් කියන්නේ ඖෂධීය ශාකයක්. මේ ගහෙන් ගන්න පොතු ආදිය තමයි බොහෝ විට ඖෂධ සඳහා ගන්නේ. විශේෂයෙන්ම කාන්තා රෝග සඳහා තමයි මේ ලොත් යොදාගන්නෙ.”

“ඉස්කෝලේ නෝනා දන්නවනේ කාන්තාවන්ට පමණක් සෑදෙන රෝග සමූහයක් ආයුර්වේදයේ තියෙනවානේ. මේ අතුරින් රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර සෝම රෝගය ආදිය ප්‍රධාන වෙනවා. මේ රෝගවලට ප්‍රතිකාර කරන කොට ලොත් කියන්නේ නැතිවම බැරි ඖෂධයක්.

ඒ වගේම තමයි ඉස්කෝලේ නෝනා මේ ලොත් කියන ශාකය ගැන විවිධ මතභේදත් තියෙනවා. අද වෙළෙඳ පොළේ දකින්න තියෙන වර්ග බොහෝ විට නියම ලොත් නෙවෙයි .

Symplocos racmosa කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ SYMPLOCACEAEහෙවත් ලෝධ්‍ර කුලයට අයත් ශාකය තමයි නියම ලොත් ශාකය වන්නෙ.

එසේම Melaleuca Leu Codendron Linn  කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ MYRTACEAE  හෙවත් ලවංග කුලයට අයත් ශාකය බහුල ලෙස ඖෂධ සදහා ගනු ලැබුවත් මේ ශාකය නියම ලොත් ශාකය නොවෙයි.”

“එතකොට වෙද මහත්තයෝ මේ ලොත් ගස් වැවෙන්නෙ කොහේද?”

මේ ගස් වැවෙන්නෙ උතුරු සහ බටහිර ඉන්දියාවේ අඩි 2500 ට වඩා වැඩි උස් ප්‍රදේශවල. ඒ වගේම ඇසෑම්, සිල්හට්, බාසියා පර්වත, මියැන්මාරය හා මැලබාරය ආදියේ දකින්න පුළුවන්”

“මේ ගහ මොන වගේද වෙද මහත්තයෝ ?”

මේ ලොත් ගහ සිවංගුරුවල පාටින් යුතුයි. හිමාලයේ හටගන්න ලොත් ශාකයේ පොතු ගඩොල් පාටින් යුක්තයි. සබර දේශයේ හටගන්නා ලොත් ගහේ පොතු සුදු පාටින් යුක්තයි. ඒත් වෙළෙඳ පොලේ දකින්න තියෙන ලොත් සුඹුලු මේ වර්ග දෙකටම අයත් වන්නෙ නැහැ .

ඒ වගේම ලොත්වල ප්‍රභේද 2 ක් දකින්න තියෙනවා

1 ලෝධ්‍ර

2 ශාවර ලෝධ්‍ර ( ශ්වේත ලෝධ්‍ර)

මෙයින් ශාවර ලෝධ්‍ර උතුරු ඇෆ්ගනිස්තානයේ වැවෙන ශාකයක්”

“වෙද මහත්තයෝ ලොත් හදුන්වන වෙනත් නම් එහෙමත් තියෙනවාද?”

“සංස්කෘත භාෂාවෙන් ලෝධ්‍ර..හිල්ලී. තිල්වක..කිරීටක..රෝධ්‍ර... තිලක... කාණ්ඩහීන... බිහේමපුෂ්පක.. ශාවරක.. ශම්බරපාදප.. හිල්ලුතරු... විල්ලක... කාණ්ඩකීලක... හස්තිරෝධ්‍රක සහ අතීසාරභෛෂජ යන නම් යෙදෙනවා.

ඒ වගේම ශාවර ලෝධ්‍රවලට සංස්කෘත භාෂාවෙන් ස්ථූලවල්කල ජීර්ණ පර්ණ, වෘහත් පර්ණ, ලාක්ෂාප්‍රසාදන, අක්ෂභේෂජ, පට්ටිකා රෝධ්‍ර, ක්‍රමුක, වල්කල, පට්ටි, කල්කරෝධ්‍ර, වෘහද්දල, වෘහද්වල්ජ, ශ්වේතරෝධ්‍ර, මාර්ජනී, සාබරලෝධ්‍ර ආදි නම් යෙදෙනවා.

මේවායේ ඖෂධ සදහා යොදා ගන්නෙ පොතු සහ කොළ. මේ අතුරින් පොතු ඖෂධ සඳහා විශේෂයි. ඒ වගේම ලොත් ශාකයේ අරටුවත් ඖෂධ සඳහා යොදා ගන්නවා.”

“එතකොට වෙද මහත්තයෝ මේ ලොත් ශාකයේ ඖෂධීය ගුණාගුණ කොහොමද?”

“ඉස්කෝලේ නෝනා ලොත් ශාකය අතීතයේ ඉඳලම විවිධ ඖෂධ යෝගයන් සඳහා යොදා ගෙන තිබෙන බව පැරණි ආයුර්වේද ග්‍රන්ථවල පැහැදිලි ලෙසම දක්වල තියෙනවා. .ධන්වන්තරිය...භාවප්‍රකාශ වගේ ග්‍රන්ථවල ලොත් දෙවර්ගයම දක්වල තියෙනවා.

මේවා රසයෙන් කෂාය රස වන අතරම ගුණයෙන් ලඝු හා රූක්ෂයි. වීර්‍යයෙන් ශීතයි. විපාකයෙන් කටුකයි.

දෝෂ අනුව සැලකුවාම

ලොත් කෂාය රසයෙන් සහ ශීත වීර්‍යයෙන් යුක්ත නිසා සෙම් හා පිත් සමන ගුණ යුතුයි. මේ නිසා සෙම් පිත් රෝග සඳහා ප්‍රයෝග කරනු ලබනවා.

ශාරීරික ව්‍යුහා ආශ්‍රිත ක්‍රියා සැලකුවාම බාහිර වශයෙන්.

ඉදිමුම් නසන ගුණයෙන් සහ කුෂ්ඨ නසන ගුණයෙන් යුක්තයි. ඒ වගේම සංකෝචන ගුණයෙන් ද යුතුයි. එසේම ලේ නතර කරන (රක්ත ස්තම්භන) ගුණයෙන් ද යුක්තයි. තුවාල සමන ගුණයෙනුත් යුක්තයි.

මේ නිසා ලොත් ඉදිමුම්... සමේ රෝග... ලේ ගැලීම් සහ තුවාලවලදි ආලේපයක් වශයෙන් යොදනු ලබනවා. ඒ වගේම ඇස් රුදාව හෙවත් නේත්‍රාභිෂ්‍යන්දියේදී යොදා ගනු ලබනවා.

මේ අවස්ථාවේදී ඇස් පිහාටුවල ආලේප වශයෙන් යොදන අතර මේ නිසා ඇසේ වේදනා සහ ඉදිමුම් සමනය වෙනවා. එසේම කනෙන් ශ්‍රාවය වැගිරෙන විට ලොත් චූර්ණය කනට හෙළනවා.

ඒ වගේම දත් මැදීමට යෝග්‍ය දන්ත චූර්ණයක් වශයෙනුත් ප්‍රයෝග කරනු ලබනවා

අභ්‍යන්තර වශයෙන් ගත්තාම

ලොත්වල ස්තම්භක ගුණ පවතින නිසා අතීසාර... රක්ත අතීසාර සහ ප්‍රවාහිකා සඳහා ප්‍රයෝග කරනු ලබනවා.

එසේම ලොත් ලේ නතර කරන (රක්ත ස්තම්භක) සහ ඉදිමුම් නාශක (ශෝථහර) ගුණවලින් යුතුයි. මේ නිසා ලේ නරක් වීම නිසා ඇතිවුණ රෝග.. රත්පිත සහ ඉදිමුම් අවස්ථාවලට බොහෝ සෙයින් ප්‍රයෝග කරනු ලබනවා. ඒ වගේම ලොත් මඟින් කුඩා රක්ත ස්‍රෝතස් සංකෝචනය වන නිසා ඒ හේතුවෙන් ලේ නතර වීම් හා ඉදිමුම් සමනය වීමත් සිදුවෙනවා .

ලොත් මඟින් ගර්භාෂගත ඉදිමුම් සහ ගර්භාෂයික ස්‍රාව සංසිදෙන අතරම, ගර්භාෂයේ ඉදිමුම් අවස්ථාවලදී සහ රක්ත ප්‍රදර සහ ශ්වේත ප්‍රදර ආදි රෝග අවස්ථාවලදී ප්‍රයෝග කරනු ලබනවා.

එසේම මේ රෝග අවස්ථාවලට යෝනි වස්තිය සඳහාත් ලොත් වල ක්වාථය යොදනවා. ඒ වගේම ගර්භාෂ ස්‍රාවය සඳහාත් මෙය හිතකරයි .

ඒ වගේම ලොත්වල කුෂ්ඨ නසන ගුණ ඇති නිසා බොහෝ සමේ රෝගයන්ට ප්‍රයෝග කරනවා.

තවද ලොත්වල උණ නසන ගුණ ඇති නිසා උණ රෝගයේදීත් යොදනවා.

මේ විදියට ලොත් කියන්නේ ශාරීරික ව්‍යුහ ආශ්‍රිතව හොඳින් ක්‍රියා කරන ඔසුවක්”

“වෙද මහත්තයෝ මොනවාද ලොත් අඩංගු ඖෂධ යෝග?

“ඉස්කෝලේ නෝනා ලොත් අඩංගු ඖෂධ යෝග රාශියක් තියෙනවා ඒ අතුරින්,

ප්‍රවාහිකා සඳහා ලොත් පොතු කල්කය අඹරා යොදනු ලබනවා

කුෂ්ඨවලට ලොත් පොතු චූර්ණ කර ඇඟට ඉසිනු ලබනවා

ශ්වේත ප්‍රදර රෝගයට නුගපොතු කෂායට ලොත් චූර්ණ කර දමා බීම ඉතා හොඳයි

රක්ත අතීසාර...රක්ත පිත්ත... රක්ත ප්‍රදර සහ රක්ත අර්ශස් සඳහා ලොත් පොතු කෂාය යොදනවා.

රක්ත ප්‍රදර සහ විෂම ජ්වර සඳහා ලොත් පොතු චූර්ණය සහ සීනි සමභාගව අරගෙන දිනකට තුන්වර බැගින් දින 4ක් ගැනීම ඉතා හොඳයි.

ඇස් රෝග සඳහා ඇසේ ගෑමට

ලොත් පොතු... වැල්මී... සීනක්කාරම්... භෂ්ම සහ රසාඤ්ජන සමභාගව අරගෙන අඹරලා ඇස් වටේම ගෑම ඉතා හොඳයි.

මේ ආදි ඖෂධ යෝග රාශියක් ලොත් අඩංගුව රෝගාබාධ රාශියකට යොදනවා.

ඒ වගේම ලොත් (ලෝධ්‍ර) අඩංගු සංස්කාරික ඖෂධත් කිහිපයක්ම තියෙනවා. ඒ අතුරින් ලෝධ්‍රාසවය සහ ලෝධ්‍රාදී ක්වාථය ප්‍රධානයි.

මේ අතුරින් ලෝධ්‍රාසවය කාන්තාවන්ගේ රෝගාබාධ සඳහා විශිෂ්ට ගුණ දෙන පානයක්. ශ්වේත ප්‍රදර... රක්ත ප්‍රදර... සහ සෝම රෝගය කියන කාන්තා රෝගවලට අමතරව සෙම්, පිත් ප්‍රමේහ..පාණ්ඩු..අර්ශස්..අරුචි..ග්‍රහණි සහ කිලාස ආදි රෝගයන්ට ඉතා හොඳ ඖෂධයක්.

ඒ වගේම තමයි ඉස්කෝලේ නෝනා මේ ලොත් (ලෝධ්‍ර) ගතයුතු ප්‍රමාණයන් (මාත්‍රා) තියෙනවා

චූර්ණය. රක්තිකා 6 - 8 දක්වා

ක්වාථය .කර්ෂ 5 -10 දක්වා

ඉතින් ඉස්කෝලේ නෝනා ලොත් (ලෝධ්‍ර) කියන්නේ ආයුර්වේදයේ දැක්වෙන කාන්තාවන්ගේ රෝගවලට ඉතා විශිෂ්ට ඔසුවක්... නෝනගෙ දුවටත් මේ ලොත්වලින් හදපු කෂාය ඇතුළු බෙහෙත් වර්ග දෙන්න. සියලුම ලෙඩ ඉක්මනින් හොඳ වේවි.”

“ඔව් වෙද මහත්තයෝ මම මේ ලොත්(ලෝධ්‍ර) ශාකය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. අද ඉඳලම දුවට මම මේ බෙහෙත් දෙනවා. ඉක්මනින් හොඳ වෙයි කියල මටත් විශ්වාසයක් තියෙනවා. වෙද මහත්තයට ගොඩක් පිං, අපට මේ ගැන තේරුම් කරල දුන්නට.”

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.