වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ශරීරයේ බලය, ශක්තිය සහ වර්ධනය සඳහා අත්‍යවශ්‍යම සාධකය වනුයේ සමතුලිත ආහාර වේලකි. බාල, තරුණ, මහළු සියළු දෙනාගේම ජීවිතය නිරෝගිව පවත්වා ගෙන යාම සඳහා...
2019-06-27 18:30:00
අප විසින් එදිනෙදා ආහාර සඳහා ගනු ලබන එළවළු වර්ග අතුරින් ජලීය පදාර්ථ අධික එළවළු වර්ගයක් වශයෙන් කැකිරි හැඳීන්විය හැකිය. දේශීය පලා, එළවළු අතර ගත් කල ඉතා...
2019-06-20 18:30:00
ශරීර අභ්‍යන්තරයේ ඇතිවන දාහය අවම කර සිසිල් බව ඇතිකරන මොළයේ වර්ධනය මෙන්ම ශරීර ශක්තිය වැඩිකරන ශරීරයට අමුතු ප්‍රාණවත් බවක් ගෙන දෙමින් පැවැති අප්ර්...
2019-06-13 18:30:00
මිනිසාට ජීවිතය පවත්වාගෙන යාම සඳහා බෙහෙවින්ම උපකාරි වනුයේ වාතය, ජලය සහ ආහාර ආදියයි. මෙයිනුත් ආහාර යනු වැදගත් සාධකයකි. ආහාර පිළිබඳව සළකා බැලීමේදී වඩාත්...
2019-06-06 18:30:00
ආඩතෝඩ ශාකයට සිංහලෙන් පාවට්ටා කියනවා. ‘අගල් ආධාර’ වශයෙන් නම් කරන්නත් පුළුවන්. වෙද පොතේ කියන්නෙ ‘ආයුර්වේද වෙද මාමා’ කියලා. වං ඇපල යන නමද භාවිතා කරනවා....
2019-05-30 18:30:00
දේශීය ආහාරයක් වන පෙති තෝර කොළ මැල්ලුම හා තෙල් දැමීම පැරැන්නන් අතර ඉතා ජනපි‍්‍රය රසවත්, ගුණවත් ආහාරයක් විය.අද වන විට අප පරිසරයෙන් තුරන් වෙමින් පවතින...
2019-05-30 18:30:00
අධික වශයෙන් කෘමිනාශක සහ වල්නාශක යොදා ගොවිතැන් කටයුතු සිදුකරන බැවින් අප පානය කරනු ලබන ජලයද බොහෝ සෙයින් එම විෂ නිසා දූෂිත වී ඇත. මෙම විෂ සහිත ජලය පානය...
2019-05-30 18:30:00
2019 ජූනි මස 10 වන සඳු දින උදේ 07.02 ට නැගෙනහිර දිශාව බලා ඇට වර්ග සිටුවන්න. පොකුරු යෝගයකි.මෙම නැකතට සිටුවීමෙන් බොහෝ සාර්ථක ඵලදාවක් ලැබීමට හැකිවේ. එක...
2019-05-23 18:30:00
ස්වස්ථ පුද්ගලයෙකු හෙවත් නීරෝගී පුද්ගලයෙකුට තම ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය වන ප්‍රධානතම කරුණු අතුරින් වාතය, ජලය සහ ආහාර මූලික වේ. මේ අතුරින් ආහාර...
2019-05-23 18:30:00
වර්තමානයේ ජීවත්වන ඔබ අප සියලු දෙනාටම ජීවිතය පවත්වාගෙන යාමට මූලිකවන කරුණු අතර වාතය, ජලය සහ ආහාර ප්‍රධාන වේ.මෙයින් ආහාර ගැන සැලකීමේ දී ධාන්‍ය...
2019-05-16 18:30:00
ආයුර්වේදය අනුව සැලකීමේදී කන්කුන් වාතය සහ සෙම බසින රූක්ෂ සහ බර ආහාරයකි. ශරීර ශක්තිය වඩන ලේ සහ ශුක්‍ර ධාතු වඩන ඇට මිදුලු වඩන ආහාරයක් වන කන්කුන් ගැබිනි...
2019-05-09 18:30:00
“පුපුල”බොහෝවිට අනවශ්‍ය පැළෑටියක් වශයෙන් උදුරා දැමීමෙන් වඳවීමේ තර්ජනයට ලක්විය හැකි පැළෑටියක් නිසා තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් විය යුතු...
2019-05-02 18:30:00
අප නිරෝගීව තබනා මනා ශාරීරික පැවැත්මක් ඇති කරවනා ප්‍රතිශක්තිකරණ පද්ධතිය කාර්යක්ෂමවීම ඉතාමත් වැදගත් වෙනවා. කුඩා රෝග තත්ත්වයේ පටන් දරුණු රෝග තත්ත්වයක්...
2019-04-25 18:30:00
අප පීවත්වෙන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් බොහෝ ප්‍රමාණයක් ඖෂධීය වශයෙන් අතිශයින් වැදගත් වන අතර තවත් සමහර ශාක ආහාරමය වශයෙන් වැදගත් වේ. ඒ අතරම...
2019-04-25 18:30:00
ගුණවත්, රසවත් ආහාරයක් මෙන්ම ඖෂධයක් වන කොහිල රෝග රැසකට ගුණදෙන මහඟු ඖෂධයකි. බාල තරුණ මහළු කොයිකාටත් එකසේ ගුණදෙන කොහිල වර්ග කීපයකින්ම ඇත. කිරි කොහිල,...
2019-04-18 18:30:00
පැරැණි සිංහල ජීවිතය බෙහෙවින් සරල හා චාම් විය. ආහාරය කුඹුරෙන් ලැබෙන වී, හේන්වල එළවළු, ගෙවතුවල ඕවිටිවල කුඹුරුවල පළා ගංඟා ඇල දොළවල මිරිදිය මසුන්, ආදී...
2019-04-18 18:30:00