සමේ ඇතිවන කැළැල් හා සමේ ඇතැම් ස්ථාන කළු හා රළු වීම

නොවැම්බර් 20, 2020

මුහුණේ ඇතිවන කැළැල් අතර කුරුලෑ කැළැල් විශේෂයක් ගනී. එයට හෝමෝන අසමතුලිතතාවය මෙන්ම මුහුණ ආශ්‍රිතව වැඩෙනා බැක්ටීරියාවන් ප්‍රබල හේතුවක් වේ. මෙම ලප කැළැල් ප්‍රධාන ලෙස,

1. සම තුළට ගිලුණු කැළැල් - Depressed

2. සම මඟින් ඉහළට එසවුණු කැළැල් - Elavated

01. සම තුළට ගිලුණු කැළැල් - Dce Pick Scar

මෙය ප්‍රධාන ලෙස කොටස් 03 කි.

1. මතුපිට පළල්ව ඇතුළට යනවිට සිහින් වන කුඩා තියුණු ගැඹුරු කැළැල් වේ.

2. රෝලින් - Rolling

දෙපසින් යොදන මද පීඩනයකින් විශාල කළ හැකි තරංගාකාර කැළැල් වේ.

3. මතුපිට හා ඇතුළත එකම ප්‍රමාණයේ පළලින් යුක්ත නොගැඹුරු කැළැල් වේ.

02. සම මතින් ඉහළට එසවුණු කැළැල්

මෙයට ප්‍රධාන කොටසේ 03 කි.

1. පලු හා ගෙඩි ආකාරයට සම ඉහළට වැඩෙනා ගෙඩි

2. කිලෝයිඩ්

පපුව හා පිට ප්‍රදේශයේ ඇතිවන පලු හා ගැට ආකාරයට මේවා ඇතිවේ. මෙම ගැට මුහුණේ වුවද ඇතිවේ. තුන්වන තත්ත්වය වනුයේ එකිනෙක සම තුළින් සම්බන්ධව පවතිනා තත්ත්වයකි. මෙය ඉතාමත් කලාතුරකින් ඇතිවිය හැක. ඇතැම් විට සැරවද පිටවේ.

තවද සම ඇදීමෙන් ඇතිවන කැළැල් බොහෝවිට මානසික වදයක් වන තත්ත්වයක් වේ. එසේම මේ අතරින් ඉබපඥබජඩ ර්චපඬඵ යනු ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව හටගන්නා ස්වරූප රාශියකින් දැක්විය හැකි තත්ත්වයකි. විශේෂයෙන් සමේ ඉරි ඇඳුණු ස්වභාවයක් මෙන්ම ඒවා සමේ පැහැයට වඩා ලා පැහැති හෝ තද පැහැයක් ගැනීම වේ.

මෙයට ප්‍රධාන හේතුවක් වනුයේ ඉතාමත් සීඝ්‍රයෙන් සිදුවන සමේ ඇදීමයි. සමට යටින් ඇති පටක සීඝ්‍ර වර්ධනයකට ලක්වීම මෙයට හේතු වේ. මෙහිදී සමට අවශ්‍ය පරිදි වර්ධනය වීමට කාලයක් නොලැබෙන බැවින් සම අධිකව පීඩනයකට ලක්වේ.

මෙහිදී සමේ මැද තට්ටුව (චර්මය ඉරෙනා අතර එයට යටින් ඇති

රුධිරවාහිණී සහ මේදය පිටතට පෙනීමකට ලක්වේ. ඇතැම් විට මෙම සලකුණු රතු හෝ දම් පැහැයකින් වුවද දක්නට ලැබේ.

සමේ ඇදීම ඇතිවන ස්ථාන

උදරය ආශ්‍රිතව, කිහිල්ල ආශ්‍රිතව, අත්බාහුවේ, පපුව ප්‍රදේශයේ, කලව ප්‍රදේශයේ, තට්ටම් ප්‍රදේශයේ ඉරි ඇඳුණු ස්වභාවයකින් ඇතිවිය හැකි අවස්ථා

1. ගර්භනී මව්වරුනට විශේෂයෙන් දරුගැබ මෝරා උදරය ඉදිරියට නෙරීමේදී මෙම තත්ත්වය ඇතිවිය හැක. මෙම තත්ත්වය නිසා යට දැඩි ඇදීමකට ලක්වේ.

2. අධික තරබාරු අයගේ

3. වයස අවුරුදු 10 සිට 14 දක්වා වන වර්ධන අවස්ථාව

4. පවුල්වල ඇතිවිට එම පවුලේම අයට ඇතිවීමේ ප්‍රවේනිගත ලක්ෂණයන්

5. සම කළු හා රළු වීම සඳහා වෛද්‍ය විද්‍යාවේ Acannthosis Nigricans  ලෙස

හඳුන්වා දී ඇත. බලන විට මෙම පැල්ලම් කළු පැහැයක් ගන්නා අතර, වෙල්වට් වැනි ස්වාභාවයක් ද ගනී.

මෙම ලප ඇතිවිය හැකි ස්ථාන

බෙල්ලළල, කිහිල්ල, මුහුණ, ඉකිළි ආශ්‍රිතව, කළවා ප්‍රදේශයේ, වැලමිට සන්ධිය ඇතුළත හා පිටත, දනහිස ඇතුළු පිට පැතිවල, පෙකණිය අවට තොල්වල, පපුව ප්‍රදේශයේ ප්‍රජනන අවයවවල මෙම රෝගී තත්ත්වය බහුලව ආසියාතිකයන් අතර මෙන්ම අප්‍රිකානුවන් අතර සුලභව දක්නට ඇත. මෙය ප්‍රධාන කොටස් 03 කට බෙදා දක්වා ඇත.

මෙම තත්ත්වය දෙඅත්ලේ හා දෙපතුලේ මෙන්ම තොල් වලද මුහුණෙත් ඉතා ඝනව හටගන්නා තත්ත්වයකි.

මෙම තත්ත්වයේ දී පිළිකා ඇතිවීමේ 18% ක පමණ අවදානමක් ගන්නා බවට වෛද්‍ය මත පවතී. එසේම තවද දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් ප්‍රතිරෝධක අවස්ථාවල මෙම ලක්ෂණ ඇති විය හැක.

තවද මෙම තත්ත්වය පවතිනා වෙනත් රෝග

තයිරොක්සින් හෝමෝනය අඩු වීම, පිටියුටරි ග්‍රන්ථියේ රෝග ඇති වීම, ර්‍ථඵධඵ රෝගයේදී, කූෂින් ගේ රෝග ඇති වීම, දියවැඩියාව, මන්ද බුද්ධික භාවයේ දී,

ලප ඇති වීමට හේතු

ඇතැම් ඖෂධ වර්ග භාවිතය

අධික මත්පැන් භාවිතය, උපත් පාලන පෙති භාවිතය, 10% කට පමණ වකුගඩු බද්ධ කිරීම් කළ පසුවද ලප ඇතිවිය හැක.

ඔබේ සම හඳුනා සම රැකගන්න උපදෙස්

චර්මයේ ස්වභාවය ලෝකයේ රටවල් අනුව විවිධ වේ. ඒ සඳහා ජානමය කරුණු මෙන්ම භූගෝලීය හා දේශගුණික තත්ත්වයන්ද , වයස ද බොහෝ සේ බලපායි. විශේෂයෙන් සමක ප්‍රධාන කොටස් 04 කි.

1. සාමාන්‍ය සම

2. තෙල් අධික සම

3. වියළි සම

4. සංවේදී සම

සමේ විවිධ ස්වභාවය

සමේ පවතිනා තෙතමනය

සමේ පවතිනා මේද ප්‍රමාණය

සංවේදී භාවයේ ප්‍රමාණය

සාමාන්‍ය සම - Normal Skin

මධ්‍යස්ථ ගණයේ සමකි. මෙය විශේෂිත සමහර අඩුපාඩු එතරම් නැත. මෙම සම සංවේදී භාවයකින් යුක්තවන අතර, රෝම කූප අවට වේ. එසේම හොඳ ශක්තිමත් පෙනුමක් පවතී.

සංයුක්ත සම - Combination Skin

සමේ ඇතැම් ස්ථාන වියලි ස්වරූපයක් ගන්නා අතර, තවත් ස්ථාන තෙල් සහිත විය හැක. එහිදී නළල , නාසය හා නිකට ප්‍රදේශය තෙල් පැහැවීමත්, මුහුණේ ඇතැම් ප්‍රදේශ වියළි බවකින් යුක්ත වීම මෙහිදී Black Heads ඇති විය හැක. සමේ සිදුරු ඇති විය හැක.

වියළි සම - Dry Skin

මෙහි දී සමේ පොතු ගැලවීම , ඉරි තැලීම මෙන්ම කැසීමද බහුලව පවතිනා ගැටලු රාශියක් පවතී. විශේෂයෙන් මෙහිදී රතු පැහැ පැල්ලම් ඇතිවේ. සිදුරු නොපෙනේ. පොතු ගැලවී යාම, සම කැසීම, තද දැවිල්ලක් ඇති වීම ආදි ලක්ෂණ ද ඇති වේ.

මෙම තත්ත්වය සඳහා ජානමය හේතු බලපෑ හැක. වයසට යාම, හෝමෝන වෙනස්කම්, කාලගුණික විපර්යාසයන්, දැඩි අව් රශ්මියට නිරතුරුව භාජනය වීම, නොයෙක් සබන් සේදුම්කාරක භාවිතය.

තෙල් සහිත සම - Oily Skin

දිලිසෙන ස්වභාවයකින් යුක්ත වේ. එසේම ටිෂූ කැබැල්ලකින් පිසදැමූ විට තෙල් සහිත ස්වභාවයක් දැකිය හැක. විශාල සිදුරු පැවතීම , විශාල සිදුරු මගින් මේදය සම මතුපිටට පැමිණේ. එසේම අඳුරු ස්වභාවයක්ද ගනී. කුණු දුහුවිලි නිතර රැඳේ. එම නිසා අඳුරු ස්වභාවයක් ගනී.

කලු ලප මෙන්ම කුරුලෑ ලප කැළැල් ඇතිවේ. මේ සඳහා ප්‍රධාන හේතුකාරක වනුයේ හෝමෝන වෙනස් වීම, ආතතිය, මනසට ඇතිවන පීඩනයන් නිසා සමේ ස්නේහස්‍රාවී ග්‍රන්ථිය මගින් වැඩිපුර මේදය ස්‍රාවය කිරීම සිදුවේ.

සංවේදි සම - Sensitive Skin

මෙහිදී සමේ රතුපැහැ වීම , කැසීම, දැවිලි හා වියලි ස්වභාවයක් ගනී.

හම රැකගැනීම සඳහා

මානසික තත්ත්වය රැකගන්න. සමබරව තම ජීවිතය දෙස බැලීම කරන්න. එසේම නිරතුරුව සතුටින් ජීවත් වන්න. දුම්පානයෙන් , මත්පැනින් වැළකීම අත්‍යවශ්‍ය වේ. සමබර ආහාර වේලක් ගන්න.

නිරතුරුව වතුර හොඳීන් පානය කරන්න. සමේ පෝෂණය ගැන මනා වැටහීමකින් කටයුතු කරන්න. කොළ පැහැ එළවළු, පළතුරු ආහාරයට ගන්න. හොඳ නින්දක් ලැබීම, මානසික සුව සහනය, සැහැල්ලුව , සතුට රැකගන්න.

සමේ ප්‍රධාන කාර්යයන්

ආරක්ෂාව - Protection

සංඥාව - Sensation

තැන්පත් කිරීම - Storage

අවශෝෂණය - Absorpiton

තාපයාමනය - Heat Regalation
 

සම ආරක්ෂිත ඉන්ද්‍රියකි. පිටතින් ඇති අපිචර්මය කෙරටින් නම් ප්‍රෝටීනයකින් නිර්මාණය වී ඇත. එය තී‍්‍රව්ර අම්ල සහ ක්ෂාර වලට හැර අනික් ඒවාට විරුද්ධව ක්‍රියාකරයි. සමට සම්බන්ධ වී ඇති සංඥාවන්හි නාඩි , ස්නායු , තන්තු නිසා දේහයේ ප්‍රතිදේහ ක්‍රියා ඇතිවේ. එනිසා වේදනා ආදිය ඇති වීම තුවාල වීම ආදින්ගෙන් සම ආරක්ෂා කරයි.

සංඥාව මඟින් සංඥාවන්හි ස්නායු අන්ත මගින් ස්පර්ශය පිළිබඳ සංඥාවන් ලබා දෙන අතර, වේදනාව , උෂ්ණය හා හානිකර උත්තේජනයන් ලබාදෙන බැවින්, දේහයට බාහිරින් වන තුවාල වලදී සම ආරක්ෂා කරයි. එසේම සම හා යටි සමේ පටක වල ක්‍රියාවක් ලෙස ජලය හා මේද තැන්පත් කිරීමක් සිදු කරයි. එසේම තාප යාමනය මගින් දේහයේ උෂ්ණත්වය වෙනස් වේ. මේ තාපයේ නැගීම හා බැසීම පරිවාත්තීය ක්‍රියාව නිසා සිදුවේ. තාප උත්පාද ක්‍රියාව හා තාප හානිය සමතාවයෙන් තබා ගැනීම සඳහා පරිසර උෂ්ණත්වයද , හයිපොතැලමස්ද සහාය වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.