වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
වියළීමට නොදී සම රැකගන්න
සම වියළීම විශේෂයෙන්ම වර්තමාන කාන්තා පරපුරට පවතින බලවත් ගැටලුවක්. සමේ මේ වියළිභාවය මද වියළිභාවයේ සිට තදබල ලෙස වියළිභාවයට පත්වූ සම දක්වා අන්තරයක පැවතිය හැකි ය.
සමහරවිට මේ වියළි බව මෙහි එක් ස්ථානයකට හෝ ස්ථාන කිහිපයකට පමණක් සීමා වූ හෝ මුළු සිරුර පුරාම බලපවත්වන ස්වභාවයක් ද වශයෙන් ඔබට ගැටලුකාරී වී ඇතුවා විය හැකි යි.
ඔබේ සම මඳ වියළිභාවයට පත්ව ඇත්නම් සමහර විට එය තාවකාලික තත්ත්වයක් වීමටද ඉඩ තිබේ.
සම වියලුණු විට දැකිය හැකි වෙනස්කම්
සමෙහි තද ගතිය (මෙය විශේෂයෙන්ම ස්නානයෙන් පසුව දැකිය හැකි ලක්ෂණයකි)
සමෙහි ගොරෝසු බව හා කැසීම.
කුඩු වශයෙන් හෝ පොතු වශයෙන් සියුම් ලෙස ගැලවීයාම.
සම රතු පැහැවීම.
සම සිහින් ලෙස ඉරි තැලීම.
චර්ම ප්රදාහය හා ආසාදනයට ලක්වීම.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
උපදෙස්,
වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්යාචාරිනී.
ධම්මිකා අමරසේකර රඹුක්කන කීර්ති එස්. කුමාර