වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ඇසට ‘සුද’ බලපාන අයුරු
අක්ෂි රෝග අතර ප්‍රබල බලපෑමක් කරන්නට ‘සුද’ නම් අවස්ථාවට හැකිව තිබේ. මෙම ආබාධය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ප්‍රභේදව දැක්විය හැකියැ. එනම් ව්‍රණ සහිත සුද සහ ව්‍රණ රහිත සුද වශයෙනි. ව්‍රණ යනුවෙන් හඳුන්වන්නේ ‘තුවාල’ හටගන්නා අවස්ථාවකි. මෙය කෘෂ්ණ මණ්ඩලය මාධ්‍යයේ (ඇසේ කළු ඉංගිරියාව මැද) සෑදෙන රෝගී අවස්ථාවකි.
මෙම ඇස සුද හටගනු ලබන කොටස ශ්වේත මණ්ඩලයෙන් (සුදු ඉංගිරියාවෙන්) 1/3 ප්‍රමාණයක් වේ. සුද හටගත් ස්ථානය ගිලුණු ආකාරයක් ගන්නා අතර, එම ස්ථානයේ කටුවකින් විදින්නාක් බදුවද පවතින අතර උණුසුම් වූ කඳුළු වැගිරීමද අධික වේදනාවක්ද ඇති වනු ඇත.
එසේ රෝග ලක්ෂණ පහළවන ඇසකින් ආලෝකය බැලීමට අපහසු වන අතර ඇස ඉදිමුම ,රත්පැහැය , හිසරදය හට ගැනීමට පුළුවන. රෝගියා වරින වර ඇස පිස දැමීම නිසා තවත් පීඩාව වැඩිවීමට පුළුවන. මෙවැනි රෝගතත්ත්වය හමුවේ සුද හටගත් ඇස කළු ඉංගිරියාව සුදු පැහැයක් ගැනෙනු ඇත. කළු මඬුල්ලෙහි මාධ්‍යයෙහි ඇති කුණිතය (ඇසේ බබා) මොරසිවිය පරිදි කළු පටලයකින් වැසී ඇති බවක් පෙන්වාදීමෙන් එම රෝගය ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට රුකුලක් වනු ඇත. මෙම මුල් අවස්ථාවේ මෙපරිදි වන නමුදු සුද මෝරන විටදී ඇසේ බබා සුදුපැහැති පළිඟුවක් විලස බැබළෙනු ඇත. එසේ සුද වැළැඳී රෝගියාගේ ඉදිරි පස අඩි 10 ට දුරින් සිට යමෙකු දෑස දෙස බැලුවද සුද පැහැදිලිව දර්ශනය වනු ඇත. සුද වැලඳී නෙතින් ආලෝකය ගමන් නොකෙරෙනු ඇත.
මෙවැනි රෝග ලක්ෂණ දැනෙන රෝගියාගේ ඇස දෙස බාහිරින් පරික්ෂාවෙන් බලන විටදී කෘෂ්ණ මණ්ඩලයේ කුණිතය මදක් ඉලිප්පී ඇති බවක්ද පෙනෙන්නට ඇත. මෙය නාගපටලය ලෙස අප පාරම්පරික වෛද්‍ය ක්‍රමයේදී එහි නිර්මාතෘවරුන් විසින් හඳුන්වාදුන් බව මාගේ පියතුමන් විසින් පවසන ලද්දකි. නාගපටලය නම් අවස්ථාවේදී ඊට නිසි ප්‍රතිකාර නොලද විට නෙත අඳුරට යන බව මෙහිදී ප්‍රකාශ කළ යුතු වේ. ව්‍රණ සහිත සුද පිළිබිඹුවන තවත් අවස්ථාවකි. “මල්පොල්” මෙය කෘෂ්ණ මණ්ඩලය තුළ ව්‍යාප්තවන සේ සුදු පැහැතිත් වශයෙන් (විළඳවට්ටියක් හා සමානව) පැතිරී යන අවස්ථාවකි. මෙය අසාධ්‍ය රෝගයකි. මෙය ඉතා තීව්‍ර අවස්ථාවට (උග්‍රභාවයට) පත් වීමේදී එය අක්ෂිපානාත්‍ය ලෙස හැඳින්විය හැකිය.
එනම් ඒ ඇස පැසවීමය. ව්‍රණ රහිත සුද රෝගස්ථානය එතරම් අසාධ්‍ය නොවේ. එනමුදු එවැනි අවස්ථාවකදී රෝගය සුවපත් වීමට කල්ගතවේ නම් ඒ සඳහා ව්‍රාණ සහිත රෝගයට යොදන ප්‍රතිකාර යෙදීම සුදුසුයැ. මෙසේ දක්වන ලද රෝගවස්ථාවන් හටගනු ලබන්නේ වයස අවුරුදු 40-50 දක්වා දිවෙන වයස් වලදී යැ. ඒ සමඟම අවුරුදු 50-60 සීමාවු කල පරිච්ඡේදයන්හි පසුවන රෝගීන් ශ්‍රී ලංකාවේ බහුලව ව්‍යාප්තව සිටින බව මා කරන ලද සමීක්ෂණ වලට අනුව පැහැදිලි පෙනී යන කරුණකි. දීර්ඝ කාලයක් ගිනියම් අව්වේ දිනපතා වැඩ පල වල නිරත වන ලද ස්ත්‍රී,පුරුෂ දෙපක්ෂයටම අක්ෂිරෝග වැලඳෙන බව මවිසින් කල විමසීම් වලින් පැහැදිලිව දැක්වේ. තේවතුවල, රබර්වතුවල (ඇසිඩ් සම්බන්ධව කටයුතු කරන විට දී පවා) කෙත්වතු වල මඩපෑගීමද අව් රස්නයද ගත වෙලීමෙන් කාලයක් ගත වීමේදී අක්ෂි ආබාධ වැලඳීමට මූලික හේතු සැලසේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික අක්ෂිරෝග විශේෂඥ වෛද්‍ය
සුසිලා නාලිනී ගොඩලියද්ද
මොරතොට – ඕපනායක