යෝග පොකුරකින් මාසයක් පුරා ලග්න නවයකට සුබපල රැසක්

සැප්තැම්බර් 20, 2024

 

සැප්තැම්බර් 18 වැනි දින සවස 02.01 ට සිකුරු තම ස්වක්‍ෂෙත්‍ර භවන වන තුලා රාශි ගත වීමත් සමඟ මාලවී නම් මහාපුරුෂ යෝගය උදා කරමින් සකල කලාව මෙන්ම විචිත්‍ර ප්‍රභවයන්හි උද්දීපනයක් ඇති කරන අතර තුලා, මකර, මේෂ, කටක යන ලග්නයන්ට විශිෂ්ට ග්‍රහ බලයක් උදා කරයි.

සිකුරුගේ මේ ග්‍රහ බලය ඔක්තොම්බර් 13 වැනි දින සිකුරු වෘශ්චික රාශිගත වනතුරු උදාව පවතී.

සිකුරු තුලා රාශිගත වීමෙන් ඉහත ලග්නවලට මාලවී යෝගය මෙන්ම මකර, කුම්භ, මේෂ, මිථුන, කටක යන ලග්නවලට සත්කාමධේනු යන සුවිශේෂී යෝගයද උදා කරයි. එමෙන්ම වෘෂභ, මීන, වෘශ්චික ලග්නවලට විපරීත රාජ යෝගද උදාවන අතර ග්‍රහ පිහිටීම් අනුව මිථුන, ධනු ලග්නවලට චින්තාමනී යෝගයද අන් ලග්නවලට මෘදංග, කාහල, ශංඛ යන ප්‍රබල ග්‍රහ යෝගද උදා කිරීමට නියමිතය.

සිකුරුගේ මේ ග්‍රහ බලයන්ගෙන් පෝෂණය වන ඉහත කාල වකවානුව තුළ ජන්ම ලාභය ලබන්නන් කලා කුසලතාවයන්ගෙන් යුත් පාරසරික හිතකාමි සෞන්දර්යාත්මක අදහස්වලින් පෝෂණය වූ විචිත්‍ර පුද්ගලයන් වනු ඇත.

විශේෂයෙන් කටක ලග්න හිමියන්ට සාර වූ ඉඩමක මනරම් නිවෙසක්ද, මේෂ ලග්න හිමියන්ට සුන්දර කලත්‍රයකු සමඟ සෙනෙහෙබර යුග දිවියකටද, ධනු ලග්න හිමියන් යාන වාහන හිමි සාරවත් දිවිපෙවතකටද හිමිකම් ලාභීන් විය හැකිය.

මේ කාලය යහපත් නිමැවුම් ඉහළ යනු ඇත. කලා අංශයන්හි දියුණුව ඇතිවන අතර යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් මල්පල ගැන්වෙනු ඇත. කල්ගතවූ විවාහයන් සාර්ථක වේ. ගහකොළ මලින් පලින් බර වේ. සංචාරක කටයුතු වර්ධනය වේ. මෙතෙක් පැවති පාරිසරික විපරීත බව සමනය වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.