ජුලි 13 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජූලි 12, 2023
  
ඉර උදාව - පෙ.ව. 06.01 
ඉර බැසීම - ප.ව. 06.31 
 
රාහු කාලය - දවල් 01.49 - 03.24
 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
අවිවේකී ලෙස දවස උදාවෙයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් පෙනේ. තීරණයක් වෙනස් කිරීමට සිදුවන අතර, හදිසි වියදමක් දැරීමට ද හේතු ඇති කරයි. සෙම් රෝග බහුල කාලයක් බව පෙනේ. 
 
වෘෂභ 
බලාපොරොත්තු අලුත් කරන දිනයකි. පවුලේ අයගේ උපකාර හිමිවන බවක් පෙන්නුම් කරයි. එහෙත් රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. 
 
මිථුන 
ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. මෙතෙක් තමාට අහිමිව තිබූ දෙයක් හිමිවන ලකුණු පෙනේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ගනුදෙනු වාසියක් සිදුකරන දිනයකි. 
 
කටක 
උත්සාහයේ තරමට ප්‍රතිඵල උදාකරයි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. අතමිට සරුවුවත් වැයපස අධික කරන දිනයකි. වාහන ගමන්වලින් පරිස්සම් වන්න. ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන බවක් පෙනේ. 
 
සිංහ 
පැවැති ගැටලු කීපයක් මඟ හැරී යයි. සිතේ සතුටට හේතුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. කලකින් නොදුටු  හිතවතකු හමුවීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. 
 
කන්‍යා 
අමතර ලැබීම්වලට හේතු ඇතිකරයි. පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු කාලයකි. මවට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. හදිසි අසනීපයකට ප්‍රතිකාර පැතීමට සිදුවේ. 
 
තුලා 
වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. නිතර තනිව කටයුතු කිරීමට සිතන දිනයකි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි. හිසේ අමාරු, උගුර ආශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි දිනයකි. 
 
වෘශ්චික 
ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු දිනයකි. අඹුසැමි සිත් නොහොඳකමකට කටයුතු උදාකරයි. වෙනදාට වඩා දනට පිනට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. 
 
ධනු 
පවුලේ මතභේදයක් දුරදිග යන බවක් පෙනේ. නිතර සිතේ කනස්සල්ලෙන් කටයුතු කරන දිනයකි. පවුලේ දානමය කටයුත්තකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. තීරණයක් වෙනස්කිරීමෙන් පවුලේ අය අතර අප්‍රසාදයට පත්වන බවක් පෙනේ. 
 
මකර 
පියපස ඥාතියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට මඟ සැලසෙන දිනයකි. නිතර ගේ දොර කටයුතුවලින් ඈත්ව සිටීමට හේතු යෙදේ. තැන්පත් ධනය වැයවීමක් සිදුකරයි. තුනටිය ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන දිනයකි. 
 
කුම්භ 
වියදම් අධික කරවන දිනයකි. මානසික අසහනයට හේතු යෙදේ. සහෝදරයකු සමඟ සිත් නොහොඳකමකට හේතු ඇතිකරයි. ගනුදෙනුවක් පියවාගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. දුර වැඩසටහනකට සහභාගිවීමට කටයුතු උදාකරන දිනයකි. 
 
මීන 
ශාරීරික වෙහෙස මහන්සිය ඇතිකරන දිනයකි. වැඩිහිටියකුගේ උපකාර ඇතිව කරන කටයුතු කීපයක් සාර්ථක කරයි. විවාහ යෝජනාවක් සාර්ථක වන බවක් පෙනේ. එහෙත් අඹුසැමි සමඟියට බාධාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන දිනයකි. 
 
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.