ජුලි 11 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 10, 2023
 
ඉර උදාව - පෙරවරු 06.01 
 
ඉර බැසීම - ප.ව.  06.31 
 
රාහු කාලය - ප.ව. 03.23 සිට ප.ව. 04.54 
 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
තරමක ඉක්මන් බවකින් යුතුව කටයුතු කරයි. සුළු සුළු ලාභ ලැබෙන දිනයකි. පී‍්‍රතිය ගෙන දෙන ගමන් බිමන්ද යෙදෙනු ඇත. තරමක ආත්මාර්ථකාමී බවකින් යුතුව කටයුතු කිරීමට ද බලනු ඇත. 
 
වෘෂභ 
බලාපොරොත්තු නොවූ වියදම් යෙදෙනු ඇත. අන් අය අතර තමා කෙරෙහි පැවති ගෞරවය  පිළිගැනීම අඩුව යයි. සිතට පීඩා ගෙන සිදුවීම්වලට මුහුණදීමට සිදු කරයි. බලාපොරොත්තු කඩවනු ඇත. 
 
මිථුන 
සිතේ සැකයකින් යුතුව කටයුතු කරනු ඇත. මිල මුදල් ලැබීම අඩු දිනයකි. දියුණුවට යම් යම් තීන්දු තීරණ ගන්නා නමුත් ඒවායින් එතරම් යහපතක් ඇති නොවේ. 
 
කටක 
ස්ථාන ගත වෙනසක් ඇතිවීමට කරුණු යෙදෙනු ඇත. ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇති කරයි. අධික වියදමක් දැරීමට සිදුවේ. පපුවේ සෙම් ගතියක් බලපත්වන  අතර ජලයෙන් පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය. 
 
සිංහ 
කරගෙන යන කටයුතුවලට බාධා ගෙන දෙනු ඇත. බලාපොරොත්තු කඩවීමක් හේතුවෙන් සිත්තැවුල් ඇතිවන අතර විනෝදයෙන් සිටීමට ඉඩ පහසුකම් ලැබුණත් සිතට සතුටක් ඇති නොවේ. 
 
කන්‍යා 
ලෙඩක් දුකක් ගැන කතා කිරීමට සිදුවන දිනයකි. පහත් අයගෙන් හෝ සේවකයකු ලවා වැඩ කරවා ගැනීමට සිදුවේ. සිතේ සතුටට කරුණක් යෙදෙනු ඇත. යටිබඩ ආශි‍්‍රත පීඩාද මතු කරයි. 
 
තුලා 
සැපට නිදා ගැනීමට සිත්දෙනු ඇත. කලකින් හමුනොවූ අයකු හමු වේ. විනෝදයට සිත ඇදී යයි. මුත්‍රා අමාරුවක් හෝ දැවිලි ගතියක් ඇතිවන අතර ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. 
 
වෘශ්චික 
සිතට සතුටක් ඇති කරයි. නිශ්ඵල ගමන් හෝ අධික වියදම් යෙදෙනු ඇත. අවුල් වියවුල් සහිත දිනයකි. ආහාර නොදිරවීමේ අපහසුතාවයක් මුත්‍රා අමාරුකම්, බඩේ අමාරු වැනි දේවලින් පීඩා ඇතිවේ. 
 
ධනු 
තම ගෞරවයට නම්බුවට කැළල් ඇතිවනු ඇත. චෝදනා සිත් තැවුල් , කණගාටු ගෙන දේ. මුදල් අතින් අධික වියදම් ඇතිවන බැවින් මිල මුදල් වියදම් කිරීමේ දී සැලකිලිමත් වන්න. 
 
මකර 
බලාපොරොත්තු ඉටුවීම මත සිතට සතුටක් දැනෙන අතර දියුණුවට කටයුතු සිදුවේ. හිතවතුන් පවා තමාගැන සතුටු වනු ඇත. සාමාන්‍යයෙන් ශුභ දවසකි. 
 
කුම්භ
කරන කියන කටයුතුවලින් ලාබ ප්‍රයෝජන ලැබෙන දිනයකි. ඵලදායී කටයුතුවල යෙදෙන අයට තම කටයුතු වල සාර්ථක බවක් දක්නට ලැබෙනු ඇත.  කරදර අඩුව යයි. සිතට සැනසීම ඇතිවේ. 
 
මීන 
සිත් තැවුල් කණගාටු ඇති කරයි. වියදම් අධික වේ. නොකළ වැරැදිවලට චෝදනා ඇසීමට සිදුවනු ඇත. තම අදහස් අනුව කටයුතු කරගෙන යාම නිසා කරදර ඇතිවේ. ගමන් බිමන්වලදී පවා කරදර ගෙන දෙනු ඇත. නීති ගැටලු ඇතිවීමට ද ඉඩ ඇත.  
 
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.