ජුලි 09 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජූලි 8, 2023
 
ඉර උදාව - පෙරවරු 06.02 
ඉර බැසීම - ප.ව.  06.31 
 
රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වා 
 
සුබ දිශාව - දකුණ
 
මේෂ 
කතාව නිසා අන් අයගේ සිත් අසන්තෝෂයට පත්වේ. අලාභ හානි හා කටයුතුවලට බාධා හිරිහැරද ඇතිවිය හැකියි. කරගෙන ආ කටයුතු ප්‍රමාදවේ. තම තත්ත්වයට නොගැළපෙන වැඩ සිදුකිරීමටත් එවැනි කතා ඇසීමටත් සිදුවේ. 
 
වෘෂභ 
සිතේ තරමක චංචල බවක් ඇති කරයි. අදහස් නිතර වෙනස් වන බවක් පෙනේ. අන් අයගේ කටයුතු ගැන බලා සතුටුවීමට කරුණු යෙදේ. තමා ගැන මෙන්ම තමාගේ කටයුතු ගැන සිතේ යම් කලකිරීමක්ද ඇතිවේ. 
 
මිථුන 
කරගෙන එන කටයුතුවල ප්‍රමාදවීමක් පෙන්නුම් කරනු ඇත. මිතුරන් හෝ ඇසුරු කරන අය සමඟ සුහදව කටයුතු කිරීමටද ලැබෙනු ඇත. ගෙදර දොර අපිළිවල බවක්ද ඇතිවේ. 
 
කටක 
බලාපොරොත්තු කඩවීම් මත සිත්තැවුල් ඇතිවනු ඇත. බාහිර කරදර ගෙන දෙන දිනයකි. අධික වියදම් ධන හානි ඇති කරයි. රක්ත වාත අමාරු ඇති අයට ඒවා වැඩිවිය හැකි දිනයක් බැවින් පරිස්සම් විය යුතු ය. 
 
සිංහ 
බලාපොරොත්තු වූ දෙයම ලැබීම නිසා සිතට සතුටක් ඇතිවනු ඇත. මහන්සිවී යම් වැඩක් කිරීමට සිදුවේ. ගමන් බිමන්වල නිරතවීම නිසා ශරීරයට අධික වෙහෙසකර ගතියක් ඇති කරයි. ආහාර නොදිරවීමේ අමාරු ඇති දවසකි. 
 
කන්‍යා 
මිල මුදල් ලාභයක් ලැබෙනු ඇත. මෙතෙක් සිතේ පැවති කනස්සලුතාවය වෙනුවට පී‍්‍රතිමත් බවකින් කටයුතු කිරීමට හැකිවේ. පී‍්‍රතිමත් ගමන් යෙදේ. තම ගෞරවය වැඩිවීමට ඉඩ ඇත. 
 
තුලා 
හිතේ පැවති ධෛර්යමත් බව අඩුව ගොස් කම්මැලි අලසගතියකින් යුතුව කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් පැන නගී. 
 
වෘශ්චික 
සිත් තැවුල් කණගාටු සහිත දවසකි. වැඩ කටයුතුවලට බාධා ඇති කරයි. නොකල වරදකට නින්දා එල්ලවන අතර ආගමික භක්තිය, ශ්‍රද්ධාව ඇතිව කටයුතු කරයි. ශරීරයට වෙහෙස සහිත දවසකි. 
 
ධනු 
කරගෙන යන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද දියුණුවට පත්වන දිනයකි. අන් අයගෙන් උදව් උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ. වාසනාවන්ත දිනයකි. 
 
මකර 
සමාජ ආශ්‍රයට යොමුවන බවක් පෙනේ. සමාජයද තමාට පි‍්‍රය කරනවා ඇත. වාසනාවන්ත දවසක් වන අතර ලැබීමටද යහපත් වේ. මුදල් ලාභද හිමි කරයි. ආශ්‍රය කරන්නන්ගෙන් පවා පී‍්‍රතියට කටයුතු සැලසේ. 
 
කුම්භ 
අවුල් වියවුල් මතභේද ඇතිවිය හැකි දිනයක් බැවින් කල්පනාවෙන් ක්‍රියා කළ යුතු ය. විශේෂයෙන් ඥාතීන් සමඟ ආශ්‍රය කිරීමේදී ගනුදෙනු කිරීමේ දී නොයෙක් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
 
මීන 
ක්‍රමානුකූලව තම කටයුතු කරගෙන යාමට අපහසුවන දිනයකි. සුළු සුළු ලාභ ලැබෙනු ඇත. අන් අයගේ කරුණාව තමා වෙත ලැබෙනු ඇත. සෙම් අමාරු ඔලුවේ කැක්කුම් වැනි දෙයින් පීඩා ඇතිවේ.   
 
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.