වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 26 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 26, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.29
රාහු කාලය - පෙ.ව. 07.31 සිට පෙ.ව. 09.05 දක්වා
සුබ දිශාව - දකුණ
මේෂ
සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති කාලයක් වනු ඇත. බලාපොරොත්තු ඉටු නොවේ. සිත් තැවුල් ඇතිවන අතර, අධික වියදම් ධන හානි ඇති කරයි. රක්තවාත රෝග, බඩේ අජීර්ණ රෝගවලින් පීඩා ගෙන දෙන දිනයකි.
වෘෂභ
කරදර සිත්තැවුල් ඇති කරන දිනයකි. ඉක්මනින් කේන්ති යයි. සෑම දෙයක් ගැනම සැක සහිතව බලනු ඇත. වියදම් අධිකවේ. ඥාතියෙකු සමඟ හෝ ඇසුරු කරන අයකු සමඟ මතභේද ඇතිවන බැවින් කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු ය.
මිථුන
සතුරන් නිසා කරදර ඇතිවිය හැකි දිනයකි. දියුණුව පිළිබඳ අදහසක් ඇතිවේ. කලකින් මුණ නොගැසුණ අයෙකු මුණ ගැසීම නිසා හිතට පී‍්‍රතියක් ඇතිකරයි. ත්‍යාග පවා ලැබිය හැකි දිනයකි.
කටක
වියදම් අධික වන දිනයකි. පලක් නැති දෙයට පවා වියදම් කරයි. තමා කෙරෙහි අන් අය අතර පැවති පිළිගැනීම ගෞරවය අඩුවේ. කරගෙන ආ කටයුතු ප්‍රමාද වීමට යම් යම් කරුණු යෙදේ. උත්සාහයෙන් යුතුව වැඩකළ යුතු දිනයකි.
සිංහ
එදිනෙදා කටයුතු පිළිවෙළට සකස්කර ගැනීමට සිදුවේ. කෑමක් පිළිබඳව අමුත්තක් ඇති කරයි. සුළු සුළු ලාභ ලැබෙන දිනයකි. ලාබ ලැබෙන මාර්ග ගැන ද සිතයි. පෞද්ගලික කටයුතු කෙරෙහි සිත ඇදී යයි. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමටද බලයි.
කන්‍යා
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය. අන් අය හා ආශ්‍රය හා ගනුදෙනු කිරීම පිළිබඳවද කල්පනාකාරීව කළ යුතුය. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවනු ඇත. ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ. විදෙස් ගතවීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා යොමුවිය යුතු දිනයකි.
තුලා
ඇසුරු කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසෙනු ඇත. ගෙදර දොර සැප පහසුව සැලසේ. මෙතෙක් ලැබීමට ප්‍රමාදවෙමින් පැවති මුදලක් ලැබෙනු ඇත. අලුත් පිරිසක් ඇසුරට ලැබේ. සමාජ ආශ්‍රයට යොමුවන දිනයකි.
වෘශ්චික
සුළු සුළු වස්තුලාභ ලැබේ. හොඳින් කාලය ගතවේ. තම තත්ත්වය උසස් කර ගැනීමට සිතයි. අන් අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයකි. ධෛර්යවන්තව කටයුතු කරනු ඇත.
ධනු
තම නම්බුව කෙලෙසන වැඩකට අත ගැසීමට සිත්දෙනු ඇත. මුදල් අතින් අගහිගකම් ඇතිවේ. උසස් අයගෙන් හෝ ගෙදර වැඩිහිටි අයකුගේ දෝෂාරෝපණයට ලක්වේ. ආමාශයේ ආබාධ ගතියක් ඇති කරයි.
මකර
නිශ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇති කරයි. හිතේ ධෛර්යමත්බව අඩුව යනු ඇත. හදිසි වියදම් සිත් තැවුල් වැනි දෙයින් සිතේ චංචල බවක් ඇතිවේ. ජලයෙන් පීඩා ඇතිවීමටද පුළුවන.
කුම්භ
හොඳ ආහාර පාන සැප පහසුව ලැබෙන දිනයකි. මිතුරන් සමඟ විනෝදවීමටද ගමන් බිමන් යාමටද හැකිවේ. ගෞරවය වැඩිවන අතර දියුණුවද ඇතිවේ.
මීන
පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. අදහස් ඉෂ්ඨ වේ. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන දිනයකි. අසනීප තත්ත්වයක් ගැන කතා කිරීමට ද සිදුවේ.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඡ්‍යොතිෂ්‍යය තුළ ඇති කේන්දරයක් තුළ දක්නට ලැබෙන යෝග ගණනාවකි. මේවා අතර සුබ යෝග මෙන්ම අසුබ යෝගද වේ. පුද්ගලයකුගේ ජීවිතය කෙරෙහි ඉමහත් බලපෑම් ඇති කරන මෙම...
2022-07-07 18:30:00
ලග්නය හා කාන්තාවරාශි චක්‍රයේ දෙවැන්න වූ ‘වෘෂභ’ තිර රාශියක් වන අතර, වෘෂභ ලග්නයේ ලග්නාධිපති වන්නේ සිකුරු ග්‍රහයා ය. මාරකස්ථානය හා ත්‍රිකෝණස්ථානය...
2022-06-30 18:30:00
ග්‍රහ මඬුල්ලේ සෑම ග්‍රහයකුම උච්ච ස්වක්ෂේත්ර, මිත්‍ර, සම, සතුරු, නීච යන තත්ත්වයන්ට ලක්වේ. මෙයින් උච්චවීම යනු ඉතාම ශුභ තත්ත්වයකි. නීච වීම යනු යහපත්...
2022-06-23 18:30:00
වෘෂභපුරුෂයාගේ ලක්ෂණ ගැන සලකා බලද්දී මොහුගේ හිස උස්ය. දෑස් දිගටි වන අතර කොන රත්පැහැ ගැන්වී ඇත. දෑත් ශක්තිමත් වේ. පපුව පළල්ය. ජනනේන්ද්‍රිය අඟල් හතක්...
2022-06-16 18:30:00
හෙළයේ එදා විසූ ජනතාව සිය දෛනික වැඩ කටයුතුවලදී නැකත් උපයෝගි කරගත්හ. නැකත් 27ක් තිබේ. ඒ ඒ නැකත්වලින් ලැබෙන ප්‍රතිඵල විවිධාකාරයි. මෙම...
2022-06-02 18:30:00
දැරියක් යුවතියක් වන්නේ මල්වරයෙනි. ඡ්‍යොතිෂය තුළ මල්වරය කාන්තාවකගේ දෙවැනි උපත ලෙස ද සැළකෙයි. ඔබ මල්වර වූ දවස ඔබේ මතකයේ පවතී නම් මෙබඳු ගති ලක්ෂණ...
2022-05-26 18:30:00
විවාහක යුවළකගේ ඉතා සමීප ඇසුර හා කුළුපඟ බැඳීම තුළ විවාහ සතුට ඇති කරයි. එහි පැවැත්ම පෝෂණය කරයි. ආරක්ෂා කරයි. දෙදෙනාගේ සදාචාරාත්මක සම්බන්ධය මත...
2022-05-26 18:30:00
අභිරහස් පොකුරක් එළිබස්සන සෙන්පති කුජ මීනෙහි රජවේ ද? මැයි 17 අඟහරු මාරුව ගජකේෂරී යෝගය, සත්ජකලත්ර යෝගය රවි චන්ද්‍ර පාප කර්තරී යෝගය,කේදර...
2022-05-12 18:30:00
රවී, බ්‍රහස්පති, සෙනසුරු, සිකුරු ආදී ප්‍රබල ග්‍රහයින් බලවත්ව ගමන් කරන මේ මැයි මාසයේ කෘෂිකාර්මික, විවාහ, නිවස කටයුතු, අකුරු කරවීම්, ව්‍යාපාර ආදී...
2022-05-05 18:30:00
පුද්ගලයකුගේ ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස විවාහය සැළකේ. උපත හා මරණය යන දෙකම අපගේ කැමැත්ත මත තීරණය නොවේ. අපට කැමති පරිදි සිදුකර ගත හැකි එකම කරුණ...
2022-05-05 18:30:00
අතීතයේ සිටම පුද්ගලයන් වෙන්කර හඳුනාගැනීම සඳහා විවිධ නම් භාවිත කෙරිණි. කෘෂිකාර්මික කටයුතු මූලික කරගත් ජීවන රටාව තුළ මිනිසාට පමණක් නොව සතුන්ට ද විවිධ වූ...
2022-04-28 18:30:00
ස්ත්‍රී කේන්ද්‍රවල පරපුරුෂගාමී සැමියාට ද්‍රෝහීවීම්, දරුවන්ට වෙනස්කම් කිරීම වැනි අශූභ ක්‍රියාවලට පොලඹවන ග්‍රහයෝග යෙදී ඇත.සමහර විට දැරියක් මල්වරවීමටත්...
2022-04-21 18:30:00
මීට දශක හත අටකට එහාට දිවෙන අතීතයේ දී මෙරට සෑම පවුලකටම දරුවෝ 5 දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් සිටියහ. නමුත් වර්තමානයේ දී ජීවන වියදම ඉහළ යෑම ජනගහනය ශීඝ්‍රයෙන්...
2022-04-21 18:30:00
නව සඳ බැලීමටඅභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 03 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 05 වන බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම...
2022-04-07 18:30:00
අප්‍රේල් මස 14 වැනි දා තවත් සිංහල අවුරුද්දක් උදාවෙයි. සිරිත් පරිදි හැම සිංහල ගෙදරක මැ එදින නැකැත් වේලාවට කටයුතු ඇරැඹීම කැරෙයි. ඒත් එසේ කටයුතු අරඹන...
2022-04-07 18:30:00
දරුවෙක් ඉපදුනාම මංගල්‍ය බොහොමයක් තිබෙනවා. හිස්කෙකස් කැපීම, නමක් තැබීම, රන්කිරි කටගෑම මේ සියලල්ලම අපට මංගල්‍ය වෙනවා. වර්තමානයේ නම් මේවා ඉතා...
2022-03-24 18:30:00