වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 25 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජුනි 24, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.29
රාහු කාලය - ප.ව. 04.55 සිට ප.ව. 06.29 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
කරගෙන යන කටයුතුවලට කරදර මතුවේ. බාහිර කරදරවලින්ද පීඩා ඇති කරන අතර මෙම දිනවල වරදක් කළේ නම් එයට දඬුවම් ලැබේ. ප්‍රේම සම්බන්ධ නිසා සිත් තැවුල් ඇති කරයි. ශරීර අසනීප ගති සාදයි.
වෘෂභ
උදරාබාධවලින් පීඩා ගෙනදෙනු ඇත. නිදා ගන්නා තැන වෙනස්වීමට හෝ නින්දට බාධා ඇතිවේ. ගෙදර දොර සැප පහසුව අඩුවේ. කරගෙන එන කටයුතුවල බිඳ වැටීමක්ද පෙන්නුම් කරයි. නැතහොත් ප්‍රමාදයක් සිදුවේ.
මිථුන
ආදායම් තත්ත්වය ගැන හිතේ සැකයක් ඇති කරයි. මුදල් නැතිකම ගැන කරදර පීඩා ඇතිවන කාලයකි. සහෝදරාදීන් සමඟ කරන කතා බහේ දී සුළු සුළු සිත් රිදීම් ඇතිවනු ඇත. ධෛර්යවන්තව වැඩ කරන දිනයකි.
කටක
අලාභ හානි, කටයුතුවලට බාධා හිරිහැර ඇති විය හැකිය. බලාපොරොත්තු කඩවේ. තම කටයුතුවලට අවශ්‍ය මුදල් සෙවීමට උත්සාහ ගන්නා නමුත් බලාපොරොත්තු බිඳ වැටේ. උගුරේ අමාරු, සෙම් අමාරු නිසා පීඩා ඇතිවේ.
සිංහ
අතීතය ගැන සිතා කනගාටුවීමට හෝ සතුටු වීමට කරුණු යෙදේ. ගෙදර සැප පහසුව ඇතිවන කටයුතු කීපයක් යෙදේ. සිතේ චංචල බව නිසා අරමුණකින් තොරව කටයුතු කරනු ඇත. ඔළුවේ උණ ගතිය නිසා සෙම් අමාරු ඇති කරයි. ගෙදර දොර අතුගා පිරිසුදු කිරීමට සිදුවේ.
කන්‍යා
අන් අය තමා කෙරෙහි පැවැති ගෞරවය පිළිගැනීම අඩුව යයි. නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකිය. අන් අය ආශ්‍රය කිරීමේ දී සහ ගනුදෙනු කිරීමේ දී නොයෙක් වැරැදීම්, මුළාවීම් සිදුවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
තුලා
දියුණුවට කටයුතු සැලසේ. මුදල් ලාභ හිමිකරයි. ඥාති මිත්‍රාදීන් සමඟ පී්රතිවීමට අවස්ථාව සැලසේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. කලකින් හමු නොවූ අයෙක් තමාව සොයාගෙන එන බවක් පෙන්නුම් කරයි.
වෘශ්චික
බලාපොරොත්තු ඉටුවනු ඇත. එමඟින් දියුණුවද ඇති කරයි. මිල මුදල් ලාභ ලැබේ. කරගෙන එන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුද දියුණුවේ. අන් අයගෙන් උදව් උපකාර ලැබෙනු ඇත.
ධනු
සිත් තැවුල් කනගාටු සහිත දිනයකි. අමුතු දෙයක් ගැන සිතේ කැමැත්තක් ඇතිවේ. පිනට දහමට ආශාව ආගමික භක්තිය ඇති කරයි. එවැනි කටයුතුවල යෙදේ. පපුව ආශි‍්‍රත ආබාධයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.
මකර
කරදර සහිත දිනයකි. කනගාටු සහිතව කාලය ගත වේ. දණහිස්වල ආබාධ ආහාර නොදිරවීමේ රෝග, තුනටියේ කැක්කුම් ඇතිවනු ඇත. කරගෙන යන කටයුතුවලටද බාධා අවහිරකම් මතුවේ.
කුම්භ
හොඳට සැප පහසුවට නිදා ගන්නට ලැබේ. වාද විවාද වැනි දෙයට පි‍්‍රය කරයි. සිතට සතුට ගෙනදෙන කරුණු ඇතිවේ. පී‍්‍රතිමත් ගමන් යෙදෙනු ඇත. ස්ත්‍රී සමාගම් ඇති කරයි.
මීන
ගෙදර දොර වාසනාවන්තවේ. සැප පහසුවට කටයුතු කිරීමට ලැබෙනු ඇත. සුළු සුළු වස්තු ලාභද ලැබෙන දිනයකි. බලාපොරොත්තු ඉටුවේ. එම නිසාම සිතේ සතුටට කරුණු සැලසේ.
ජ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
සොර සතුරු උවදුරු කුමන්ත්‍රණ ඉහළ යයිආරක්ෂක අංශවලට වැඩ රාජකාරී අධික කාලයක්භූ චලනයන් ද පතල් අනතුරු සිදුවිය හැක2022.10.29 වැනි දින සිංහල පැය 31.57 න්...
2022-10-27 18:30:00
ඈත අතීතයේ සිටම සත්ත්ව හඬවල් මෙන්ම සතුන්ගේ අනෙකුත් ක්‍රියාකාරකම්වලින් ඇතිවන සුබාසුබ පිළිබඳ අපේ මුතුන්මිත්තන්ට ඉතා හොඳින් අනාවැකි කීමේ හැකියාවක්...
2022-10-20 18:30:00
මෙම වසරේ දෙවැනි කෝණ මාසය නිමා වේඑළැඹෙන සඳුදායින් (17දා) පසුව විවාහ සහ නිවාස සුබ වැඩට සුබ නැකැත් යොදාගත හැකි කාලය ...
2022-10-13 18:30:00
මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට භද්‍ර සහ ගුරුහංස යෝග බලය - මේෂ,කටක,තුලා,මකර ලග්න හිමියන්ට සස යෝග බලය උදා කරමින් සෙන්පති අඟහරු මිථුන රැසට යයි...
2022-10-06 18:30:00
නිවෙසකට වාසනාව ගෙන දෙන මෙන්ම නිවෙසට හා එහි වෙසෙන්නන්ට ධනාත්මක බලපෑමක් ගෙන දෙන නිවෙස ඉදිරිපස සිටුවිය යුතු සුබ ගස්වර්ග මොනවාද යන්න ඔබ දැනුම්වත්...
2022-10-06 18:30:00
අගෝස්තු 21 දා බුද්ධියට අධිපති බුධ ග්‍රහයා උච්ච විය. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට භද්‍ර යෝගය ද රවි- කන්‍යාවට පැමිණීමෙන් බුධ ආධිත්‍ය යෝගය ද යෙදෙයි....
2022-08-25 18:30:00
රටට රටවැසියාට උසස් ඵල අධ්‍යාපනික, ආර්ථික, සෞඛ්‍ය ක්ෂේත්රයන්හි නව පිබිදීමක්කුජ- සඳු, රාහු -යුරේනස්, නැප්චූන් -ගුරු, ප්ලූටෝ- ශනි සංයෝගව කුජ- ශනි, ගුරු...
2022-08-25 18:30:00
කේන්ද්‍රයක 7 වැන්න නිත්‍යානුකූල විවාහය පෙන්වනු ඇත. එසේම 12 වැන්න කාම ස්වරූපය රහසිගත ආදරය පෙන්වයි. මකර ලග්නයෙන් උපත ලබා රවි 7 වැන්නේ සිටීමද, රවි, කුජ...
2022-08-18 18:30:00
විශේෂයෙන්ම අලුත විවාහ වූ දෙදෙනාගෙන් එක් අයෙකු පිටරට රැකියාවකට යන විට තමාගේ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම පිළිබඳව විමසා බැලීමට නුවණට හුරුය.සැමියන් මෙන්ම...
2022-08-18 18:30:00
විද්‍යාව හා තාක්ෂණයේ ඉහළම තලයට අද වන විට මුළු මහත් සමාජ තලයම පිවිස තිබේ.වෙනස් මගක් ගත් සංකීර්ණ සමාජ රටාවකට පරිවර්තනය වී ඇත. අද මේ යුගයට ගැළපෙන සේ අපි...
2022-08-11 18:30:00
යුගදිවියට පාතබන ඇතැම් අය හත නැකත ගැන දක්වන්නේ අමුතුම ආකල්පයකි. සමහරවිට හත නැකතින් උපත ලබා තිබෙන කාන්තාවන් ගැන විමසිලිමත් වන්නේද සැකයෙන් යුතුවය. සමහර...
2022-08-11 18:30:00
මිනිසා අනේක විධ කායික රෝග නිසා මෙන්ම මානසික රෝගයනට භාජනය වන්නෙකි. මේ රෝග නිවාරණය කර ගැනීම සඳහා ආයුර්වේදය හෝ බටහිර වෛද්‍ය ක්‍රමය සහ තවත් ක්‍රම උපයෝගි...
2022-08-04 18:30:00
කන්‍යාවියකගේ පළමු සන්ධිස්ථානය මල්වරයයි. දෙවන ස්ථානය විවාහයයි. තුන්වැනි සන්ධිස්ථානය ප්‍රථම දරු ප්රසූතියයි. දෙවැනි සන්ධිස්ථානය සමත් වූ විගසම තුන්වැනි...
2022-08-04 18:30:00
නිකිණි මාසය පුරා අසිරිමත් ග්‍රහ මාරු රැසක්දේශපාලනික ආර්ථික අවහිරතා මගහැරී යන පසුබිමක්නව කර්මාන්ත මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයිවසංගත රෝග හා...
2022-08-04 18:30:00
දෛවඥ මහත්මයකු ඇතැම් කෙනෙකුගේ හඳහනක් පරික්ෂාකර බලා “මෙම හඳහන හිමි අයට මේ ගත වන දශා කාලය තද අපලයි. කොයි එකටත් පරිස්සමෙන් කටයුතු කළොත් හොඳයි, යනුවෙන්...
2022-07-21 18:30:00
රාශි චක්‍රයේ ලග්න දොළොසක් වන අතර මෙලොව ඉපදුන හැම අයෙකුටම ලග්නයක් හිමිවෙයි. ලෝකයේ කොතනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන ග්‍රහ...
2022-07-14 18:30:00