වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 19 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 18, 2023
ඉර උදාව - පෙ.ව. 05.56
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය - ප.ව. 03.20 සිට ප.ව. 04.54
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
කේළාම් බස් ඇසීමට සිදුවීම නිසා සිතට දුක් සහිත බවක් ඇතිවේ. ආදායම් තත්ත්වයෙහි චංචල බවක් පෙන්නුම් කරයි. අලුත් ඇඳුම් පැළඳුම් ලැබීමට හෝ වෙනත් අයකුගේ ඇඳුම් පැළඳුම් ගැන කතාවක් ඇතිවේ. ශරීර සනීපයට යහපත්ය.
වෘෂභ
කරගෙන ආ කටයුතුවලට විවිධ බාධා ප්‍රමාදවීම් ගෙන දෙන අතර උත්සාහවන්තව වැඩකළයුතු දිනයකි. කෑම බීම පවා ප්රමාදවේ. කරන්නට තිබෙන යම් යම් වැඩවලට වුවමනා කරන මුදල් සෙවීමට මහන්සි ගන්නා නමුත් එය සඵල නොවේ.
මිථුන
හොඳ දෙයට සිත යොමුවන අතර අන් අයට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීමට හෝ අන් අය තමාට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කරන දිනයකි. ගෙදර දොර අලුත්වැඩියාවක් ගැනද සිත යොමු කරයි.
කටක
අන් අය හා ඇසුරේ දී මෙන්ම ගනුදෙනු කිරීමේ දී ද නොයෙක් වැරදීම් රැවටිල්වලට අසුවීම් වැනි දෙයට ලක්වනු ඇත. පාඩු අලාභ හානි මිල මුදල් නැතිවීම්ද සිදු කරයි. තමා අතින්ම යම් කිසි පාඩුවක් සිදුවන දිනයකි.
සිංහ
ලාභ ප්‍රයෝජන වැඩි දිනයක් වන අතර සම වයසේ අය සමඟ විනෝද වන්නටද අවස්ථාව සැලසේ. සමාජ ආශ්‍රයට යොමුවන දවසකි. සමාජයද තමාට පි‍්‍රය කරයි.
කන්‍යා
අන් අයගෙන් උපකාර ලැබෙන දිනයකි. ගෙදර දොර කටයුතුවලින් ද සැනසීමක් ලැබෙනවා ඇත. සුළු සුළු ලාභද හිමි කරයි. අන්සතු දෙයකට පවා හිමිකම් ගෙන දෙන දිනයක් බැවින් ලොතරැයි වාසනාව උරගා බැලීමද යහපත් වේ.
තුලා
මුදල් අතින් අග හිඟකම් ඇතිවන අතර සතුරු භය ඇතිවන දිනයකි. දරුවන් ඇත්නම් ඔවුන් නිසා සිත්තැවුල් ඇතිවේ. ගෙදර දොර කටයුතු හරිහැටි තේරුම්ගෙන කටයුතු නොකිරීම නිසාද කරදර ඇති කරයි.
වෘශ්චික
නියම වේලාවට වැඩකටයුතු කර ගැනීමට අපහසු දිනයකි. හිතේ නොසන්සුන් බවක් ඇතිවේ. ජලය සම්බන්ධ කටයුතුවලින් කරදර විපත් ඇතිවන බැවින් පරිස්සම් වන්න.
ධනු
සැප පහසුවට සිටීමට කටයුතු සැලසෙනු ඇත. මිල මුදල් ලැබීමටද යහපත් වේ. මෙතෙක් විවාහ කටයුතු ප්‍රමාදවී නම් ඒවා ඉටුකර ගැනීමට හැකි වාතාවරණයක්ද ඇතිවේ. දුර ගමනක් හෝ නිතර ළඟ පාතකට යාමට සිදුවනු ඇත.
මකර
බලාපොරොත්තු වූ දෙයක් ඉටුවීම මත සිතට සතුටක් ලැබෙන දිනයකි. මහන්සියෙන් යුතුව කටයුතු කිරීමටද සිදුවේ. නැතිනම් පහත් අයකුගෙන් හෝ සේවකයකුගෙන් වැඩක් ගැනීමට සිදුවනු ඇත.
කුම්භ
සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති දිනයක් වන අතර, බලාපොරොත්තු කඩවනු ඇත. ප්‍රේම සම්බන්ධතා නිසාද සිත්තැවුල් ඇති කරයි. කරගෙන යන කටයුතුවලට පවා බාධා කරදර ඇතිවේ.
මීන
හිතවත් අයකුගේ ආදර සංග්‍රහයක් හෝ ත්‍යාගයක් ලැබීමට හැකි දිනයක් වන අතර වියදම්ද අධික වනු ඇත. ආහාරපානාදීය පිළිබඳ අගහිඟ තත්ත්වයක් හෝ ආහාර නොදිරවීමේ අපහසුතාවයක් ඇතිවිය හැකිය. උදරාබාධ මෙන්ම වතුරෙන් පීඩා ද ගෙන දෙනු ඇත.
ජ්යෝෂවේදී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
සොර සතුරු උවදුරු කුමන්ත්‍රණ ඉහළ යයිආරක්ෂක අංශවලට වැඩ රාජකාරී අධික කාලයක්භූ චලනයන් ද පතල් අනතුරු සිදුවිය හැක2022.10.29 වැනි දින සිංහල පැය 31.57 න්...
2022-10-27 18:30:00
ඈත අතීතයේ සිටම සත්ත්ව හඬවල් මෙන්ම සතුන්ගේ අනෙකුත් ක්‍රියාකාරකම්වලින් ඇතිවන සුබාසුබ පිළිබඳ අපේ මුතුන්මිත්තන්ට ඉතා හොඳින් අනාවැකි කීමේ හැකියාවක්...
2022-10-20 18:30:00
මෙම වසරේ දෙවැනි කෝණ මාසය නිමා වේඑළැඹෙන සඳුදායින් (17දා) පසුව විවාහ සහ නිවාස සුබ වැඩට සුබ නැකැත් යොදාගත හැකි කාලය ...
2022-10-13 18:30:00
මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට භද්‍ර සහ ගුරුහංස යෝග බලය - මේෂ,කටක,තුලා,මකර ලග්න හිමියන්ට සස යෝග බලය උදා කරමින් සෙන්පති අඟහරු මිථුන රැසට යයි...
2022-10-06 18:30:00
නිවෙසකට වාසනාව ගෙන දෙන මෙන්ම නිවෙසට හා එහි වෙසෙන්නන්ට ධනාත්මක බලපෑමක් ගෙන දෙන නිවෙස ඉදිරිපස සිටුවිය යුතු සුබ ගස්වර්ග මොනවාද යන්න ඔබ දැනුම්වත්...
2022-10-06 18:30:00
අගෝස්තු 21 දා බුද්ධියට අධිපති බුධ ග්‍රහයා උච්ච විය. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට භද්‍ර යෝගය ද රවි- කන්‍යාවට පැමිණීමෙන් බුධ ආධිත්‍ය යෝගය ද යෙදෙයි....
2022-08-25 18:30:00
රටට රටවැසියාට උසස් ඵල අධ්‍යාපනික, ආර්ථික, සෞඛ්‍ය ක්ෂේත්රයන්හි නව පිබිදීමක්කුජ- සඳු, රාහු -යුරේනස්, නැප්චූන් -ගුරු, ප්ලූටෝ- ශනි සංයෝගව කුජ- ශනි, ගුරු...
2022-08-25 18:30:00
කේන්ද්‍රයක 7 වැන්න නිත්‍යානුකූල විවාහය පෙන්වනු ඇත. එසේම 12 වැන්න කාම ස්වරූපය රහසිගත ආදරය පෙන්වයි. මකර ලග්නයෙන් උපත ලබා රවි 7 වැන්නේ සිටීමද, රවි, කුජ...
2022-08-18 18:30:00
විශේෂයෙන්ම අලුත විවාහ වූ දෙදෙනාගෙන් එක් අයෙකු පිටරට රැකියාවකට යන විට තමාගේ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම පිළිබඳව විමසා බැලීමට නුවණට හුරුය.සැමියන් මෙන්ම...
2022-08-18 18:30:00
විද්‍යාව හා තාක්ෂණයේ ඉහළම තලයට අද වන විට මුළු මහත් සමාජ තලයම පිවිස තිබේ.වෙනස් මගක් ගත් සංකීර්ණ සමාජ රටාවකට පරිවර්තනය වී ඇත. අද මේ යුගයට ගැළපෙන සේ අපි...
2022-08-11 18:30:00
යුගදිවියට පාතබන ඇතැම් අය හත නැකත ගැන දක්වන්නේ අමුතුම ආකල්පයකි. සමහරවිට හත නැකතින් උපත ලබා තිබෙන කාන්තාවන් ගැන විමසිලිමත් වන්නේද සැකයෙන් යුතුවය. සමහර...
2022-08-11 18:30:00
මිනිසා අනේක විධ කායික රෝග නිසා මෙන්ම මානසික රෝගයනට භාජනය වන්නෙකි. මේ රෝග නිවාරණය කර ගැනීම සඳහා ආයුර්වේදය හෝ බටහිර වෛද්‍ය ක්‍රමය සහ තවත් ක්‍රම උපයෝගි...
2022-08-04 18:30:00
කන්‍යාවියකගේ පළමු සන්ධිස්ථානය මල්වරයයි. දෙවන ස්ථානය විවාහයයි. තුන්වැනි සන්ධිස්ථානය ප්‍රථම දරු ප්රසූතියයි. දෙවැනි සන්ධිස්ථානය සමත් වූ විගසම තුන්වැනි...
2022-08-04 18:30:00
නිකිණි මාසය පුරා අසිරිමත් ග්‍රහ මාරු රැසක්දේශපාලනික ආර්ථික අවහිරතා මගහැරී යන පසුබිමක්නව කර්මාන්ත මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයිවසංගත රෝග හා...
2022-08-04 18:30:00
දෛවඥ මහත්මයකු ඇතැම් කෙනෙකුගේ හඳහනක් පරික්ෂාකර බලා “මෙම හඳහන හිමි අයට මේ ගත වන දශා කාලය තද අපලයි. කොයි එකටත් පරිස්සමෙන් කටයුතු කළොත් හොඳයි, යනුවෙන්...
2022-07-21 18:30:00
රාශි චක්‍රයේ ලග්න දොළොසක් වන අතර මෙලොව ඉපදුන හැම අයෙකුටම ලග්නයක් හිමිවෙයි. ලෝකයේ කොතනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන ග්‍රහ...
2022-07-14 18:30:00