ජුනි 12 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජුනි 11, 2023

 

ඉර උදාව - පෙ.ව. 05.55 

ඉර බැසීම - ප.ව. 06.26 
රාහු කාලය - පෙ.ව. 07.27 - පෙ.ව. 09.03 දක්වා 
ශුභ දිශාව - නැඟෙනහිර 
මේෂ 
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති දිනයක් බැවින් පරිස්සම් විය යුතුයි. අලාභ හානියක් හෝ නැතිවීමක් ද නියමයි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන අතර ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ. 
 
වෘෂභ 
දියුණුවට අදාළ වන කටයුතු කීපයක් කෙරෙහි සිත යොමුවන අතර මිල මුදල් ලාභද ලැබෙනු ඇත. මිතුරු ඇසුරට පි‍්‍රය කරන දිනයකි. ගෙදර දොර දියුණුවට ඇති බාධා ඉවත්ව යයි. ගෙදර දොර අලුත්වැඩියාවක් හෝ නව නිවසක් ඉදිකිරීම කෙරෙහි හිත යොමුවේ. 
 
මිථුන 
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයකි. ප්‍රධානීන් වැනි අයගේ උපදෙස් මත කටයුතු කරයි. පවුලේ වැඩිහිටි අයකු සමඟ සිදුවන මුදල් ගනුදෙනුවක් නිසා සිත් පීඩාවක් ගෙනදෙනු ඇත. 
 
කටක 
සිත්තැවුල් අධික ලෙස බල පවත්වන දිනයක් බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත. වචනය නිසා අන් අයගෙන් දෝෂාරෝපන ඇසීමට සිදුවනු ඇත. පිනට දහමට ආශාවක් ඇතිවීමටත් ආගම් භක්තිය වැඩිදියුණුවීමටත් කරුණු යෙදෙනු ඇත.
 
සිංහ 
ධෛර්ය හීනව යන දිනයකි. කම්මැලි අලස ගතියක් මෙන්ම කේන්ති යන ගතියක්ද ඇතිවේ. තම අදහස් අනුවම කටයුතු කිරීමට පෙළඹීම මත අන් අයගෙන් දෝෂාරෝපණයට ලක්වනු ඇත.
 
කන්‍යා 
රසවත් ආහාර පාන ලැබෙන දිනයකි. ස්ත්‍රී පක්ෂයේ අය හා ඇසුරට යොමුවේ. හිතේ සතුට ගෙන දෙන දිනයකි. විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමටද බලපායි. බලාපොරොත්තු ඉටුවන දිනයකි.
 
තුලා 
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනු ඇත. වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා කටයුතුවල සාර්ථක බවක් ද ඇතිවේ. බලාපොරොත්තු ඉටුවනු ඇත.
 
වෘශ්චික 
ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවේ. සිත් තැවුලෙන් යුතුව කටයුතු කරයි. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයටද ලක්වේ. බලාපොරොත්තු බිඳ වැටීමට කරුණු යෙදෙනු ඇත. බාහිර කරදර මතුවනු ඇත. 
 
ධනු 
ඉක්මන් කේන්ති යන ගතියකින් යුතුව කටයුතු කරයි. ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම යහපත් වනු ඇත. කරගෙන ආ කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවීමෙන් හිරිහැර කරදර ඇතිවේ. හැම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරයි. 
 
මකර 
හිතේ පසුතැවිලි ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. රැකියාවේ වැඩ වැඩි බව නිසා හිතේ තෘප්තිමත් බව අඩුව යනු ඇත. උසස් අයගේ කරුණාව ලැබීම මත තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ. 
 
කුම්භ 
තමාගේ දියුණුවට ඇති මාර්ග ඇහිරෙන කාලයකි. නිවෙසේ කවරකු හෝ ලෙඩින් පෙළෙන දවසකි. තම ගෞරවය කෙලෙසෙන වැඩවලට සිත යොමු වනු ඇත. 
 
මීන 
සතා සිව්පාවාට පවා ආදරය කරුණාව දක්වන දිනයකි. ආගම දහම කෙරෙහි භක්තියක් ඇතිවන අතර ගුප්ත කටයුතු කෙරෙහි හිත යොමුවේ. වන්දනා ගමන් වැනි ගමන්වල නිරත වනු ඇත.
 
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.