වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 12 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 11, 2023
ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - පෙ.ව. 07.27 - පෙ.ව. 09.03 දක්වා
ශුභ දිශාව - නැඟෙනහිර
මේෂ
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති දිනයක් බැවින් පරිස්සම් විය යුතුයි. අලාභ හානියක් හෝ නැතිවීමක් ද නියමයි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන අතර ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ.
වෘෂභ
දියුණුවට අදාළ වන කටයුතු කීපයක් කෙරෙහි සිත යොමුවන අතර මිල මුදල් ලාභද ලැබෙනු ඇත. මිතුරු ඇසුරට පි‍්‍රය කරන දිනයකි. ගෙදර දොර දියුණුවට ඇති බාධා ඉවත්ව යයි. ගෙදර දොර අලුත්වැඩියාවක් හෝ නව නිවසක් ඉදිකිරීම කෙරෙහි හිත යොමුවේ.
මිථුන
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයකි. ප්‍රධානීන් වැනි අයගේ උපදෙස් මත කටයුතු කරයි. පවුලේ වැඩිහිටි අයකු සමඟ සිදුවන මුදල් ගනුදෙනුවක් නිසා සිත් පීඩාවක් ගෙනදෙනු ඇත.
කටක
සිත්තැවුල් අධික ලෙස බල පවත්වන දිනයක් බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත. වචනය නිසා අන් අයගෙන් දෝෂාරෝපන ඇසීමට සිදුවනු ඇත. පිනට දහමට ආශාවක් ඇතිවීමටත් ආගම් භක්තිය වැඩිදියුණුවීමටත් කරුණු යෙදෙනු ඇත.
සිංහ
ධෛර්ය හීනව යන දිනයකි. කම්මැලි අලස ගතියක් මෙන්ම කේන්ති යන ගතියක්ද ඇතිවේ. තම අදහස් අනුවම කටයුතු කිරීමට පෙළඹීම මත අන් අයගෙන් දෝෂාරෝපණයට ලක්වනු ඇත.
කන්‍යා
රසවත් ආහාර පාන ලැබෙන දිනයකි. ස්ත්‍රී පක්ෂයේ අය හා ඇසුරට යොමුවේ. හිතේ සතුට ගෙන දෙන දිනයකි. විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමටද බලපායි. බලාපොරොත්තු ඉටුවන දිනයකි.
තුලා
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනු ඇත. වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා කටයුතුවල සාර්ථක බවක් ද ඇතිවේ. බලාපොරොත්තු ඉටුවනු ඇත.
වෘශ්චික
ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවේ. සිත් තැවුලෙන් යුතුව කටයුතු කරයි. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයටද ලක්වේ. බලාපොරොත්තු බිඳ වැටීමට කරුණු යෙදෙනු ඇත. බාහිර කරදර මතුවනු ඇත.
ධනු
ඉක්මන් කේන්ති යන ගතියකින් යුතුව කටයුතු කරයි. ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම යහපත් වනු ඇත. කරගෙන ආ කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවීමෙන් හිරිහැර කරදර ඇතිවේ. හැම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරයි.
මකර
හිතේ පසුතැවිලි ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. රැකියාවේ වැඩ වැඩි බව නිසා හිතේ තෘප්තිමත් බව අඩුව යනු ඇත. උසස් අයගේ කරුණාව ලැබීම මත තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ.
කුම්භ
තමාගේ දියුණුවට ඇති මාර්ග ඇහිරෙන කාලයකි. නිවෙසේ කවරකු හෝ ලෙඩින් පෙළෙන දවසකි. තම ගෞරවය කෙලෙසෙන වැඩවලට සිත යොමු වනු ඇත.
මීන
සතා සිව්පාවාට පවා ආදරය කරුණාව දක්වන දිනයකි. ආගම දහම කෙරෙහි භක්තියක් ඇතිවන අතර ගුප්ත කටයුතු කෙරෙහි හිත යොමුවේ. වන්දනා ගමන් වැනි ගමන්වල නිරත වනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා, වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ. 18 ශු -...
2020-09-17 18:30:00
11 ශු - උදේ 08.39 සිට උදේ 08.53 දක්වා 12 ශ - උදේ 07.41 සිට උදේ 08.17 දක්වා 13 ර - සවස 03.17 සිට සවස...
2020-09-10 18:30:00
රාශි චක්‍රයේ ග්‍රහයන් ස්ථානගත වීම අනුව සරසවි යෝගය යෙදෙන ක්‍රම කිහිපයකි. ඉන් බුධ ,ගුරු , සිකුරු යන ග්‍රහයින් ස්ථානගත වීමෙන් හා යෝග වීමෙන් යෙදෙන සරසවි...
2020-09-03 18:30:00
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා , දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබාද. ඔබට සුබ කාර්යයන් ආරම්භයට සුදුසු වේ. ...
2020-08-27 18:30:00
(අගෝස්තු 21 දා සිට 27 දක්වා)ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද, ඕනෑම සුබ...
2020-08-20 18:30:00
මේ අගෝස්තු මාසයයි. ඔබගේ විවාහ, නිවාසය සැබෑ කර ගන්න විශේෂ නැකැත් හිමි මාසයේ, සුවිශේෂී දවසක් අගෝස්තු 20 ගුරු දින, පංචාංග ශුද්ධිය ඇතිව උදාවෙයි. පුර...
2020-08-13 18:30:00
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 19 භාග නිකිණි මහේ පුර පසළොස්වක තිථිය චන්ද්‍රයා හිමි සුවණ නැකත සිංහ, මීන රාශි ආශි‍්‍රතව අගෝස්තු 03 සඳු දින පෙරවරු...
2020-07-30 18:30:00
හිරු සඳු ග්‍රහලෝක පද්ධතියේ අපට නිතර වැඩියෙන් පෙනෙන ආකාශ වස්තුවලින් දෙකක් වන අතර, මෙම වස්තූන් දෙකට ගරුත්වයෙන් සැළකීම හා ඇදහීම ආරම්භ වූයේ මෑත කාලීනව...
2020-07-16 18:30:00
චන්ද්‍ර -කුජ, කුජ – ගුරු , චතුර් කෝණ දෘෂ්ටිය ගුරු චන්ද්‍ර සංයෝගය, රවි – බුධ ආදිත්‍ය යෝගය, අඟහරු පාප කර්තරී වීම, කටක රාශිය, කටක නවාංශකය, පුනාවස 04...
2020-07-09 19:15:00
විවාහ / නිවාස මෙන්ම වගා කටයුතු වලට ද ශුභ වේ. සැප්තැම්බර් 04 වැනි ශුක්‍ර දින – උත්‍රපුටුප නැකත – ද්වජ යෝග බලයයි. විසිතුරු මල් වගා හා වෙළඳ කටයුතු වලට...
2020-07-02 18:30:00
මාලමුල්ලේ සියදෝරිස් පීරිස් වෙද ආරච්චි රාළහාමි තමන්ට දෙවැනි දරුවා වශයෙන් උපත ලද, ජෝර්ජ් පීරිස් යනුවෙන් තමන්ගෙන් නම් ලද දරුවාගේ වේලාපත්කඩය සාදා බැලූ...
2020-06-18 18:30:00
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 09 භාග ඇසළ මහේ පුර දියවක තිථිය ආනන්දාදි අටවිසි මහා යෝග චක්‍රයට අනුව සුස්ථිර යෝගබලැතිව ...
2020-06-18 18:30:00
කාලසර්ප යෝගය ගැන අති විශාල පාඨක පිරිසකගේ අවධානයට යොමු වී ඇති සිරස් තලයකි. හැටේ දශකයේ බිහිවූ ඡ්‍යොතිෂ පුවත්පත් හරහා කාලසර්ප යෝගය පිළිබඳ තොරතුරු...
2020-06-11 18:30:00
ලෝකයේ සියලු දෙනාගේ ජනාදරයට පත්ව ඇති සඳු පෘථීවියේ උප ග්‍රහයෙකි. අහස්කුස විශාලව නිතර දක්නට ලැබෙන සඳු හා හිරු ඈත අතීතයේ පටන්ම මිනිස් සංහතියේ ගෞරවාදරයට...
2020-06-11 18:30:00
අද සමාජයේ බොහෝදෙනා හට නිතර නිතර මානසික පීඩන, ධනහානි, ලෙඩදුක්. අඹුසැමි භේද , නඩු හබ මේ ආදී නොයෙකුත් කරදරකාරී අවස්ථාවලදී නිවසේ දෝෂ තිබෙනවා යයි සැක සිතා...
2020-06-04 18:30:00
නැකතක් සෑදීමේදී සිද්ධ තිථිය යොදාගන්නේ නම් සියලු දොස් මඟ හැරේ. නැකත් හිඟ අවස්ථාවකදී වුවද කර්මය අනුව සුළු දෝෂ ප්රචණ්ඩ තදබල දෝෂ වුවද නැකත සාදා ගැනීම...
2020-03-12 18:30:00