වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මැයි මස 23 වැනි අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය
මැයි 22, 2023
ඉර උදාව - 05.53
ඉර බැසීම - 06.21
රාහු කාලය - සවස 03.14 - 04.48
අලුයම 03.00 - 04.27
සුබ දිසාව - දකුණ
මේෂ ලග්නය
වැඩිහිටියන්ට හිතවත්ව කටයුතු කරයි. දිියුණුව පිණිස කරන කටයුතුවලට මෙන්ම, විදේශ ගමන්වලටද යහපත් වේ. පුණ්‍ය කටයුතු කෙරෙහි සිත යොමුවන අතර, ඉගෙන ගන්නා දරුවන්ගේ ඉගෙනීම් කටයුතු, තරග විභාග වැනි දෙයට යහපත් දිනයකි.
වෘෂභ ලග්නය
රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාර වැනි දෙයට යහපත් දිනයකි. නිතර ළඟට එහාට මෙහාට යාමට සිදුවෙයි. සතුටු සිතින් කාලය ගත කරයි. සෙම් රෝග බහුලවන අතර සිතේ චංචල ගතියක් ද ඇති කරයි.
මිථුන ලග්නය
ප්‍රේම සබඳතාවලට යහපත් දිනයක් වන අතර ලෞකික සැප සම්පත් හොඳින් ලැබෙන දිනයකි. විවාහ යෝජනා ස්ථිරවීමට හෝ අලුත් යෝජනාවන් පැමිණෙන අතර, ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ පීඩාවන් ඇතිවිය හැකිය.
කටක ලග්නය
සතුරු පීඩාවන් ඇතිවීමට පවා ඉඩ ඇති දිනයක් බැවින් පරිස්සමින් කටයුතු කළයුතු අතර ශරීර ශක්තිය හීන වනු ඇත. බඩේ අමාරු, ආහාර නොදිරවීමේ රෝග ඇතිකරවයි. පැණි රස ආහාරයට පි‍්‍රය දිනයකි.
සිංහ ලග්නය
දරුවන්ට යහපත් දිනයක් වන අතර ඉගෙනීමේ කටයුතුවලට ද යහපත් වේ. ආමාශගත රෝගවලට හේතුයි. ලොතරැයි වාසනාවලට පවා ඉඩ ඇත.
කන්‍යා ලග්නය
ගෙදර දොර කටයුතුවලට යහපත් දිනයක් වන අතර අන් අයගේ කටයුතුවල නිරත වන දිනයක් ද වෙයි. මවු පාර්ශ්වයේ අයකුගෙන් යම් උදව්වක් ලැබෙන දිනයකි.
තුලා ලග්නය
නිතර ගමන් බිමන්වල යෙදීමට සිදුවන අතර හිතේ චංචල බවක් ද නොසන්සුන් බවක් ද ඇති වේ. නිතර අදහස් වෙනස් කරන දිනයක් වන අතර සෙම් අමාරු නිසා පීඩා ඇතිවනු ඇත.
වෘශ්චික ලග්නය
නිතර කථාව කැමැති දිනයක්, වන අතර වියදම් අධික වන දිනයක් ද වනු ඇත. රැකී රක්ෂා කටයුතුවලට යහපත් වේ. උගුරේ සෙම් ගතියක් ද ඇති කරයි.
ධනු ලග්නය
දුර සිතා බලා කටයුතු කරන දිනයක් වන අතර වැඩි ප්‍රවේශම් වන ගතියක් ද පෙන්නුම් කරයි. ඉවසිලිවන්ත ගතියක් ඇතිව කටයුතු කරන අතර පලතුරු කෑමට පි‍්‍රය කරන දිනයකි.
මකර ලග්නය
සතුරු කරදර ඇතිවිය හැකි දිනයක් බැවින් පරිස්සම් විය යුතු අතර, නෛතික ප්‍රශ්නවලට පවා මුහුණදීමට සිදුවිය හැකිය. නිතර ගමන් බිමන්වල නිරතවීමටද සිදුවේ.
කුම්භ ලග්නය
අලුත් මිත්‍රයන් පිරිසකගේ ඇසුරකට කටයුතු සැලසෙන දිනයක් වන අතර, ලැබීම් අතින් යහපත් වුවත් වියදම් අධික වනු ඇත. ඉක්මන් කේන්ති යන ගතියක් ඇතිවන අතර හුදකලාව තමාගේ පාඩුවේ කටයුතු කිරීමට බලනු ඇත.
මීන ලග්නය
රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාර වැනි දෙයට යහපත් දිනයකි. රැකියා බලාපොරොත්තු වන අයගේ අදහස් ඉටුකර ගැනීමට හැකිවෙයි. රැකියාවල නියුතු අයට ප්‍රධානීන්ගේ ආධාර උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
ඡ්‍යොතිෂවේදිනී,
ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
රාශි චක්‍රයේ ග්‍රහයන් ස්ථානගත වීම අනුව සරසවි යෝගය යෙදෙන ක්‍රම කිහිපයකි. ඉන් බුධ ,ගුරු , සිකුරු යන ග්‍රහයින් ස්ථානගත වීමෙන් හා යෝග වීමෙන් යෙදෙන සරසවි...
2020-09-03 18:30:00
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා , දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබාද. ඔබට සුබ කාර්යයන් ආරම්භයට සුදුසු වේ. ...
2020-08-27 18:30:00
(අගෝස්තු 21 දා සිට 27 දක්වා)ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද, ඕනෑම සුබ...
2020-08-20 18:30:00
මේ අගෝස්තු මාසයයි. ඔබගේ විවාහ, නිවාසය සැබෑ කර ගන්න විශේෂ නැකැත් හිමි මාසයේ, සුවිශේෂී දවසක් අගෝස්තු 20 ගුරු දින, පංචාංග ශුද්ධිය ඇතිව උදාවෙයි. පුර...
2020-08-13 18:30:00
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 19 භාග නිකිණි මහේ පුර පසළොස්වක තිථිය චන්ද්‍රයා හිමි සුවණ නැකත සිංහ, මීන රාශි ආශි‍්‍රතව අගෝස්තු 03 සඳු දින පෙරවරු...
2020-07-30 18:30:00
හිරු සඳු ග්‍රහලෝක පද්ධතියේ අපට නිතර වැඩියෙන් පෙනෙන ආකාශ වස්තුවලින් දෙකක් වන අතර, මෙම වස්තූන් දෙකට ගරුත්වයෙන් සැළකීම හා ඇදහීම ආරම්භ වූයේ මෑත කාලීනව...
2020-07-16 18:30:00
චන්ද්‍ර -කුජ, කුජ – ගුරු , චතුර් කෝණ දෘෂ්ටිය ගුරු චන්ද්‍ර සංයෝගය, රවි – බුධ ආදිත්‍ය යෝගය, අඟහරු පාප කර්තරී වීම, කටක රාශිය, කටක නවාංශකය, පුනාවස 04...
2020-07-09 19:15:00
විවාහ / නිවාස මෙන්ම වගා කටයුතු වලට ද ශුභ වේ. සැප්තැම්බර් 04 වැනි ශුක්‍ර දින – උත්‍රපුටුප නැකත – ද්වජ යෝග බලයයි. විසිතුරු මල් වගා හා වෙළඳ කටයුතු වලට...
2020-07-02 18:30:00
මාලමුල්ලේ සියදෝරිස් පීරිස් වෙද ආරච්චි රාළහාමි තමන්ට දෙවැනි දරුවා වශයෙන් උපත ලද, ජෝර්ජ් පීරිස් යනුවෙන් තමන්ගෙන් නම් ලද දරුවාගේ වේලාපත්කඩය සාදා බැලූ...
2020-06-18 18:30:00
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 09 භාග ඇසළ මහේ පුර දියවක තිථිය ආනන්දාදි අටවිසි මහා යෝග චක්‍රයට අනුව සුස්ථිර යෝගබලැතිව ...
2020-06-18 18:30:00
කාලසර්ප යෝගය ගැන අති විශාල පාඨක පිරිසකගේ අවධානයට යොමු වී ඇති සිරස් තලයකි. හැටේ දශකයේ බිහිවූ ඡ්‍යොතිෂ පුවත්පත් හරහා කාලසර්ප යෝගය පිළිබඳ තොරතුරු...
2020-06-11 18:30:00
ලෝකයේ සියලු දෙනාගේ ජනාදරයට පත්ව ඇති සඳු පෘථීවියේ උප ග්‍රහයෙකි. අහස්කුස විශාලව නිතර දක්නට ලැබෙන සඳු හා හිරු ඈත අතීතයේ පටන්ම මිනිස් සංහතියේ ගෞරවාදරයට...
2020-06-11 18:30:00
අද සමාජයේ බොහෝදෙනා හට නිතර නිතර මානසික පීඩන, ධනහානි, ලෙඩදුක්. අඹුසැමි භේද , නඩු හබ මේ ආදී නොයෙකුත් කරදරකාරී අවස්ථාවලදී නිවසේ දෝෂ තිබෙනවා යයි සැක සිතා...
2020-06-04 18:30:00
නැකතක් සෑදීමේදී සිද්ධ තිථිය යොදාගන්නේ නම් සියලු දොස් මඟ හැරේ. නැකත් හිඟ අවස්ථාවකදී වුවද කර්මය අනුව සුළු දෝෂ ප්රචණ්ඩ තදබල දෝෂ වුවද නැකත සාදා ගැනීම...
2020-03-12 18:30:00
2020 මාර්තු 30 අලුයම 03.55 ට ගුරු ග්‍රහයා සෙනසුරුට අයත් මකර රාශියට පිවිස ජුනි 30 අලුයම 05.25 දක්වා මකරයේ ගමන් කරයි. මකර රාශියේද ගුරු නීච වේ. එවිට...
2020-03-12 18:30:00
සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ඡ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන්...
2020-03-05 18:30:00